IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ තිහේ ගමන් මල්ලේ රහස හෙළි වේ

රුපියල් තිස් ලක්ෂ හැත්තෑ දහසක්  වටිනා රත්තරන් ගාංචු  6 ක්  ගමන්මල්ලේ සවිකරගෙන  ඉන්දියාවේ මුමිබායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.

සැකකරු  නිතර ඉන්දියාවට යන එන කොළඹ ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි රෙදි පිලි ව්‍යාපාරිකයෙකි. 
මෙම ගාංචු  රන් යැයි  හඳුනාගත නොහැකි ලෙස  කළු පැහැ ගන්වා තිබූ බව  රේගුව කියයි.
ගුවන්තොටුපොළ ආරක්ෂක විසින් රේගුවට ලබා දුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන ඞී.එම්.එන් විජේසිරි, ඒ.ඞී වික‍්‍රමසිංහ, එස්.එම්.ඞී.එච් ධර්මසිරි, එස්.එම් ගමආරච්චි, ආර්.පී.එමි පතිරණ යන නිලධාරීහු සිදු කරති.



අදහස් (0)

ලක්ෂ තිහේ ගමන් මල්ලේ රහස හෙළි වේ

බන්දු Friday, 05 April 2013 01:53 AM

මේ බහුතරක් මෙහෙම අය තමයි. (නි)

:       0       0

කැලුම් Friday, 05 April 2013 06:10 AM

මම කවදාවත් දැකලා නැහැ මේ ගොල්ලන් හිනා වෙනවා. ආගමන විගමන නිලධාරීන් ඉන්නෙ ඔරෝගෙනමනේ. රටට ඇතුල් වෙද්දී වෙනස තේරෙනවා.. වෙන කිසිම රටක මේ අත්දැකීම හම්බ වෙලා නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 05 April 2013 06:26 AM

මේ වගේ අල්ලන දේවල් ගැන නිතර නිතර පළවෙනවා. ඒත් ඊට පස්සේ මේවට මොකද වෙන්නේ කියලා කවදාවත් ආරංචි වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සම්පත් Friday, 05 April 2013 09:41 AM

මදපෙරගිග ගුවන්තොටුපොළවල නිළධාරීන් හිනහ වේවි දෙ ඉන්නේ? හැම තිස්සෙම රටට අපහස කරන්න එපා (ස)

:       0       0

වජිර Friday, 05 April 2013 11:37 AM

මම දන්න නිසයි කියන්නේ. හැබැයි ලොකු මිනිස්සු එන යනකොට මොනවත් බලන්නේ නැහැ. (නි)

:       0       0

එරංග Thursday, 04 April 2013 05:50 PM

අර එතනෝල් ගෙනාපු අයටත් මේ වගේ නීතිය ක්‍රියයාත්මක වෙයි නේද (අ)

:       0       0

චතුලා වෙරෝනා Thursday, 04 April 2013 06:51 PM

අම්මෝ අර කට්ටියගෙ ආඩම්භරකම (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site