(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ ලක්ෂ ගණනක් බඩගින්නේ සිටින බවත් එවැනි පිරිස් කොළඹ නගරයේද සිටින බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තුන් වේලෙන් එක වේලක් හෝ ලබාගත නොහැකි ජනතාව සිටින බවට තොරතුරු වාර්තා වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේද එවැනි පිරිස් සිටින බව ඔහු කීවේය.
මේනිසා මූලික වශයෙන් කළ යුත්තේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම බවත් ගොවි ජනතාවට සහන නොදී ආහාර නිෂ්පාදනය වැඩි කළ නොහැකි බවත් සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා නව මැතිසබය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාවට අමතර දේවල් මන්ත්‍රීවරුන්ට දීපු කතාවේ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා එතකොට මන්ත්‍රීවරුන් පිළිගන්නේ කුමන කතාවදැයි ප්‍රශ්න කළේය.
මේ රට ගොඩනැගීමට නම් නැවැත්විය යුත්තේ වංචාව දූෂණය සහ හොරකම බවද ඔහු කීවේය.
රටේ ආදායම් විෂමතාවය අඩු කළ යුතු බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ අධිකරණයක් පත්කර මහ බැංකු චූදිතයන් නිදහස් කිරීමකට කටයුතු කළේ ඇයිදැයි තමා ප්‍රශ්න කරන බවත් ප්‍රකාශ කළේය.
ඒ පරීක්ෂණ අද අතරමග නතර වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
වන අලි ගහණය ගොවි ජනතාවට අද බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසගිනි වැඩි හන්දා හඬන දරුවන් දකිමි .ලක්ෂ ගණනක් නොවෙයි ,කෝටි ගණනක් අද බඩගින්නේ .වසර 76 ක් මුළුල්ලේ ඔබ වැනි නායකයන් රටට දුන් මහඟු දායාදය එයයි
මේ රට වෙනස් කරන්න ලැබුණු අවස්ථාවට පයින් ගැසූ නරුම මිනිසා.. දැන් මෙතන බොරුවට නාහෙන් අඬනවා. තරුණ පරම්පරාවේ බලාපොරොත්තු සුන්කළ මුග්ධ මිනිසා... පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිව යුත්තා. එදා රාජපක්ෂලා අටවපු උගුලට හසු නොවී රනිල් වික්‍රමසිංහ සමහ එකට එකතු වී වැඩ කළා නම්, අදටත් මේ රටේ ජනාධිපති වෙලා ඉන්න තිබුණා. එදා රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩිකොට අත්‍යාවශ්‍ය භාණ්ඩ විසිපහක මිල අඩුකළා අපට මතකයි. ඒ කාලයේ ජනතාවට මෙතරම් ආර්ථික අහේනියක් නොතිබූ බවත් අපට මතකයි... බුද්ධියෙන් කටයුතු කළා නම් රන් අකුරෙන් ඉතිහාස ගතවෙන්න සිටි පුද්ගලයා, අද ජනතාවගේ ශාප ලබන්නෙක් බවට පත්වුණා. ඔබ වන්නන් මේ රටට පිළලයක්...!
වංචාව, දූෂණය විතරක් නවත්තලා හරියන්නේ නැහැ. නිෂ්පාදනය කරන්න ඕනේ. වෙන රටවල්වල සේවාව ලබාදීලා ඒවායින් උපයන්න ඕනේ... නිකන් හිටියට හරියන්නේ නැහැ.
මෙයාලා සේරම දූෂිතයෝ කියලා මෙයාගේ කතාවෙන් ඉතා පැහැදිලියි. මෙයා කියනවා මහ බැංකු වංචා චූදිතයින් නිදහස් කරන්න කටයුතු කරනවලු. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ චූදිතයින්, Helping Hambantota අරමුදලේ චූදිතයින්, මිග් ගුවන්යානා වංචා චූදිතයින්, සොහොන් ඉදි කල වංචා චූදිතයන් නිදහස් කරනවා.
මෙයා තමයි ප්‍රධාන කෙනා මේ රට වට්ටන්න 2015, එකට කාලා පැනලා ගිය අනිත් පැත්තට. ගිහිල්ලා කළේ... එදායින් පස්සේ තමයි රට වැටෙන්න පටන් ගත්තේ, තවම මෙයාලාට ලැජ්ජාවක් නැහැනේ...!
රට බන්කොලොත් කරන්න තමුනුත් වගකිව යුතුයි. ආප්ප කාලා පැනපු කෙනා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පුදලා රටම හිනැස්සුවා. තමුන්ගේ මල්ලි හාල් මාෆියා කාරයෙක් එයාගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජනතාවගේ බඩගින්න මතක් වෙලා තියෙන්නේ දැනුයි...