රුපියල් ලක්ෂ නමයක් ඒජන්තවරයෙකුට පුද කොට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා ගොස් වසර 3 ක් එහි තැන තැන රැකියා කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට ආපසු මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු 2012 ජුනි 14 වෙනි දා තවත් 27 දෙනෙකු සමග බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ.
මේ සදහා ඔහු ඇතුළු පිරිස රුපියල් ලක්ෂ නමය බැගින් උඩප්පුව ප්‍රදේශයේ ඒජන්තවරයෙකුට ගෙවා ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.
ඕස්ට්‍රේලියාවට ගිය පසු කණ්ඩායම වෙන් වී ඇති අතර සැකකරු එතැන් සිට එහි නිවෙස් වල විවිධ වැඩ කරමින් වසර තුනක පමණ කාලයක් එහි ගතකර ඇත. පසුව එහි ගෙවන ජීවිතය පිළිබද කළකිරී නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බව ඔහු එරට බලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව මෙලෙස ආපසු මෙරටට පිටුවහල් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව මේ පිළිබද කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවෙන් ආ උදවියට ටික කලක් යනවිට ආ හැටි මතක නැතිවෙනවා. මෙහෙම ආ හාදයෙකුට අපි අනුකම්පා කරලා අන්තිමට අපේ අසල්වැසි ඉන්දියානු තරුණියක පස්සෙන් ගිහින් අපි අසල්වැසියන්ගේ හොඳකමට පොලිසි නොගිහින් බේරුනේ. අපි හොඳ පාඩමක් ඉගෙනගත්තා (නි)
හිතවත් ජගත්, ඔබ වැඩ අරගෙන පොඩි ගණනක් දෙන්නේ එයා ලංකාවේ කෙනෙක් නිසාද? නැත්නම් ඔයා ලංකාවේ කෙනෙක් නිසාද? (නි)
මෙහෙම පැමිණි තරුණ කාන්තාවකට අනුකම්පා කළ අපි දන්නා පවුලක තරුණ දුවට තව පොඩ්ඩෙන් තමන්ගේ සැමියාවත් නැතිවෙනවා. ඒ නිසා අපි දැන් බෝට්ටුවෙන් එන කට්ටියට උදව් කරන්නේ දෙතුන් පාරක් හිතලා. (නි)
බෝට්ටුවෙන් එන හැමෝම එක වගේ නැහැ. අපිත් උදව් කරලා තිබෙනවා රැකියා දීල. ඒ මිනිස්සු මහන්සි වෙලා වැඩය හොඳින් කළා. නැති බැරි කමටනේ එන්නේ. ලංකාවේ සමහරුන්ට ලංකාවෙන් එන අයට ගරහන්නේ නැතුව ඉන්නම බැහැ. වැඩි දෙන කියල තිබුනේ දේශපාලුවන්ගේ මරණ තර්ජන නිසා ආව බවයි. ඉතින් බොරු නොවෙයිනේ.(කේ)
නීත්‍යානුකූලව ආ බොහෝ අය විඳවන විඳවිල්ල දන්නවා නම් කවුරුත් මෙහේ එන්න උත්සාහ කරන්නේ නැහැ. චීනුන්ටයි, ඉන්දියන් අයටයි, අප්‍රිකානු රටවල අයටයි මේවා සුරපුරවල්. ලංකාවේ මිනිසුන් අතර රැකියාව, දේපල, කුලය පිළිබඳ මහන්තත්තකම දුරුවුණ දවසට ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලැබේවි. (නි)
මේ අයට අනුකම්පා කලයුතුයි. මෙහෙම යන්නේ ලංකාවේ රැකියාවක් නැතිව දුක්විදින නිසා. මොහු වියදම් කල ලක්ෂ 9 ආපිට හොයාගන්න ඇතියි කියල හිතනවා. කරන්න ඔනෑ නීත්‍යානුකූලව රට ගිය අය මේ අයට ගරහන එක නෙමේ. ලංකාවේ අයට රැකියා අවස්ථා ලබාගන්න උදවුකරන එක. ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලබා පලවන ලෝකයේ රටවලට සංක්‍රමනය වුනු බොහෝ දෙනෙක් අපේ රටට සතයකවත් අයෝජනයක් කරන්නෑ. (ර)
කොච්චර කිවුවත් වැඩක් නැහැනේ! (නි)
ජගත්, ජයන්ත, ලසිත කියන කතාව ඇත්ත. ලංකාවේ මිනිසුන්ට තියන ලොකු ප්‍රශ්නයක් තමයි කාලගුණය අමතකවීම. ගොඩක් රටවලදී ඕක වෙනවා. (නි)
නාමල් නිකන් කරුණු නොදැන කතා කරන්න එපා. අපි ලංකාවේ කරන අපයෝජන සමාජ සත්කාර අපි අඬ බෙර ගසමින් කරන්නේ නැහැ. මේ බෝට්ටුවෙන් එන කට්ටිය ලංකාව ගැන මෙහෙ සංක්‍රමණ නිලධාරීන්ට කියන අමුලික බොරු ඔබ දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. (ර)
කියන්න තියෙන්නේ මෙච්චරයි . බෝට්ටුවෙන් එන කට්ටිය කරන්නේ මෙහෙ ඉන්න ලංකාවේ සිසුන් කරන අර්ධ කාලින රැකියා අඩු ගානට කරන්නම් කියලා ඒ ළමයින්ගේ ජොබ් එකට විදිනවා . රජයේ දීමනාවෙන් බාර් ගානේ බිලා කලබල කරනවා. සමාජගත වුන විට හැසිරෙන පිළිවෙල අන්තිමයි. මේ ලඟදි අපේ පැත්තේ කෙනෙක් හොර උපාධි සහතිකයක් මගින් රැකියාවකට ඉල්ලලා සම්මුඛ පරීක්ෂණයේදී අහු වෙලා. මේවගේ අයටද උදව් කරන්න කියන්නේ ? (ස)
නාමල් අපි එවන සල්ලි , වෙනත් ආධාර තියනවද කියලා බැංකු ටික පෙරලලා බලලද ඔය කියන්නේ . අපි දේශපාලුවෝ වගේ උත්සව තියලා මාධ්‍ය කැඳවලා ඔය දේවල් කරන්නේ නැහැ. කරන සමාජ සේවයක් නිහඬව අප්‍රසිද්ධියේ කරනවා මිසක්. (ස)
නිලංග මමත් ඉන්නෙ මෙල්බර්න් වල තමා.. මට මෙහෙ ඉන්න ලාංකිකයො ගැන උගන්වන්න හදන්න එපා... මේ අය ලංකාව ගැන බොරු කියල හරි බෝට්ටුවෙන් පනින්න හදන්නේ මම ඉහත කී හේතු නිසා...බොරුවට දගලන්නේ නැතිව මා ලියා ඇති දේ ආයෙත් කියවන්න (බ)
නිලංග මමත් ඉන්නෙ මෙල්බර්න් වල තමා.. මට මෙහෙ ඉන්න ලාංකිකයො ගැන උගන්වන්න හදන්න එපා... මේ අය ලංකාව ගැන බොරු කියල හරි බෝට්ටුවෙන් පනින්න හදන්නේ මම ඉහත කී හේතු නිසා...බොරුවට දගලන්නේ නැතිව මා ලියා ඇති දේ ආයෙත් කියවන්න (බ)
ඒ කාලේ බෝට්ටු ව්‍යාපාරය කරගෙන ගිය ප්‍රසිද්ධ උදවිය මේ අය ලංකාවට ආවට පස්සේ උදවු කළ යුතුයි. (ම)
ඩන්ඩ්නොන්ග් කියලා ප්‍රදේශයක් තියනවා . ඒ පැත්තේ බෝට්ටු කාරයෝ හරියට වැල්ලේ වගේ රණ්ඩු වෙන්නේ. ගෙවල් වල ගැහැණු අය මිදුල් වලට බැහැලා රණ්ඩු වෙනවාලු. (ර)
අපි අනන්තවත් ලංකාවෙන් සංක්‍රමණය වුන කට්ටියට උදව් කරලා තිබෙනවා. හැබැයි කනගාටුයි කියන්න බෝට්ටුවෙන් ආපු කට්ටියට උදව් කරන්න ඕන බොහොම ප්‍රවේශමෙන්. ඔය නාමල්ට හරි ලේසි ඇති මෙහෙ ඉන්න උගත් ලාංකිකයන්ට දොස් කියන්න, හැබැයි ඒ මිනිස්සු නිසා තමයි ලංකාවේ හොඳ නම මෙහෙමවත් තියෙන්නේ. නැති නම් අපේ රට බෝට්ටුවෙන් එනමිනිස්සුන්ගේ බොරු නිසා ගෝත්‍රික රටක් ගානට වැටිලා. (ර)
අපිට නම් මේ රටේ හිඟාකෑවත් සැපයි (නි)
නීත්‍යානුකුලව වෘත්තීය සුදුසුකම් ඇතුව එහි ගිය අයටත් රැකියාවක් එකපාරට සොයාගන්න අමාරුයිලු. මේ විදියට එහෙ එන්න එපා කියලා හැම පැත්තෙන්ම දැනුවත් කළත් මේ මිනිස්සු තවමත් මෝඩකම් කරනවා. (නි)
බොරු පොරොන්දු වලට රැවටෙනවා.හොරුන්ට අහුවෙනවා. අන්තිමට සල්ලිත් නැහැ. මවපු සිහිනත් සැබෑ වී නැහැ.ඒ සල්ලි ටික තියාගත්තා නම් ලංකාවේ මොනවාහරි කරලා ජීවත්වෙන්න තිබුනා. මේවා ඔය වාගේ දේවල් කරන්න යන අයට හොඳ පාඩම්. (නි)
ඕස්ට්‍රේලියාවේ අපි දන්නා කෙනෙක් කිව්වා ලාංකික දොස්තර කෙනෙක් රැකියාවක් නැතුව මහලු නිවාසයක සාත්තුකාරයෙක් විදියට වැඩ කරනවාලු. ඒ උදවියටත් එහෙම නම් මේ වගේ මෝඩ මිනිස්සු ගැන කවර කතාද? (නි)
'අපිට නම් හිඟාකෑවත් සැපයි' ලු. මොහු මව්බිමේ විභූතිය හඳුනා නොගත්තෙක්. (නි)
දැන් ඔස්ට්‍රලියාවට මේ විදියට එන අයට කරන්න කිසිම දෙයක් නැහැ. අපිත් ලංකාවේ කමට අනුකම්පා කරලා අපේ ගෙවල් වල වත්ත පිටියේ වැඩ වලට එයාලව අරගෙන පොඩි ගානක් ගෙවනවා. එත් නිත්‍යානුකුලව එයාලට වැඩ කරන්න බැහැ. ඒ නිසා බෝට්ටුවලින් මෙහෙ එන එක කරන්න එපා. (ර)