(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක්තා යිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මොහු පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක සේවය කරන 40 හැවිරිදි චීන ජාතිකයෙකි. තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන තායි ගුවන් සේවයේ ටී.ජී. -308 ( T.G. - 308 ) දරන ගුවන් යානයට යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ඇමෙරිකානු ඩොලර් 50,100 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන ජාතිකයන් ගැන පරීක්ෂණ වැඩි වැඩියෙන් කල යුතුයි.