(කාංචන කුමාර ආරියදාස)
යාල ජාතික වන උද්‍යානයේ සිටි ඇතෙකු ඝාතනය කර ඇතාගේ ගජමුතු රුපියල් ලක්ෂ 70 කට අලෙවි කිරීමට පැමිණි බුත්තල ව්‍යාපාරික දෙමස්සිනෝ දෙදෙනෙකු සහ ඔවුන්ගේ මාමා කෙනෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ගැනුම්කරුවන් ලෙස දුරකථනයෙන් සාකච්ඡා කර ගනුදෙනුව සිදුකිරීමට දඹුල්ලට ගෙන්වා මෙලෙස ඔවුන් තිදෙනො අත්අඩංගුවට ගෙන ඇත.
ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයේ ආසන්නයේ මෙම ගනුදෙනුව සිදු කිරීමට ගැනුම්කරුවන් ලෙස වෙස්වලා ගත් පොලිස් කණ්ඩායම ගජමුතු අලෙවි කිරිමට පැමිණි අවස්ථාවේ දෑත්වලට මාංචු දමා අත්අඩංගුවට ගෙන තිබේ.
යාල ජාතික වන උද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු මරා මෙම ඇත්දළ යුගල තුළ තිබූ ගජමුතු ලබාගත් බව ගනුදෙනුවට පෙර පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන් ප්‍රකාශ කර තිබිණි.
මොවුන් තිදෙනා ගජමුතු දෙක සහ මෝටර් රථය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නෑ උසාවියේදී ලක්ෂය බැගින් සරීර ඇප දෙකකට මේ ගොල්ලන්ට ඇප දෙවි. ඕකනේ ලංකාවේ නීතිය.
ඇත්තටම මේ අල්ලගන්න ගජමුතුවලට අන්තිමට මොකද වෙන්නේ.. දන්න කෙනෙක් කියන්න..
කොපමණ මුදලක් ලැබුණත් මොකටද මේ වටිනා සද්දන්තයෙකු මරලා. හිත් පිත් නැති මැරයන් මේ දැවැන්ත හස්තියාව මරණ විට ඒ සතාට මොන තරම් වේදනාවක් දැනෙන්නට ඇතිද ?