බිමල් ශ්‍යාමන්
බන්ධනාගාර ගතව සිටින පාතාල නායක දෙමටගොඩ චමින්ද හා සම්බන්ධ වී මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුන කාන්තාවක් හා එයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 65 කට අධික හෙරොයින් තොගයක් සමඟ කොලොන්නාව තෙල් සංස්ථාව අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 503යි මිලිග්‍රෑම්103 , මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් ත්‍රීරෝද රථය හා තරාදි දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව මට්ටක්කුලියේ මහා පරමාණ මත් කුඩු ජාවාරම් කරුවෙකු වන දමිත නැමැත්තාගේ නැන්දනිය බව පොලිසිය කියයි.
හෙරොයින් බෙදා හැරීම සඳහා ත්‍රීරෝද රථයකින් පැමිණෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ලැබුණ තොරතුරක් අනුව අත්අඩංගුවට ගැනීම සිඳු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණීය දණ්ඩනය තිබුනට... ඒක ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමයි මේ වගේ උවදුරන්ට මහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ.
මෙවැනි අපරාධකරුවන්ට රටේ නිසි දඬුවම් නොලැබීම නිසා, බියකින් තොරව මත්කුඩු ජාවාරම කරමින් තරුණ පරපුර වනසා දමනවා.