(ටී.කේ .ජී.කපිල )
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයක් නොමැතිව,නීතිවිරෝධීව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ජංගම දුරකථන 2000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනකු මෙම ජංගම දුරකථන තොගය මෙරටට ගෙන්වා තිබේ.
මෙම ජංගම දුරකථන තොගය අතර ඇපල්,සැම්සුන් ආදී වටිනා දුරකථන තිබෙන බව රේගුව සඳහන් කරන බවත් මෙම ව්‍යාපාරිකයන් මෙම දුරකථන ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමේ අරමුණින් මෙරටට ගෙන ආ බවත් තොරතුරු අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd