මාවනැල්ල ව්‍යාපාරිකයකුගේ බිරියගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ බව කියන ඔහුගේම සේවකයයෙක් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.
චරිත අනුරුද්ධ මැණික් ආරච්චි ඔහුය. ව්‍යාපාරිකයාගේ ලැප්ටොප් පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය ඇති කරන ඩොන්ගලය නැති වු බවත් ඉන්පසු දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ නැති වු ලැප්ටොප් පරිගණකය තමන් සතු බවත් එහි නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා නොහරින්නම් කප්පම ගෙවන ලෙසත් කියා ඇති බවත් උසාවියේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කාන්තාවට ගමේ කාන්තාවන්ගෙන් විසුමක් වෙන්නේ නැතිවෙයි (නි)
අනේ මෙහෙම ආශාවක්? (නි)
සමහරු ප්‍රතිචාර දාල තියෙන්නෙ නිවන් දැකලා වගේ. ලැප් ටොප් එකේ මොනවද තියාගන්නෙ කියන එක තමන්ගෙ කැමැත්ත. හැමෝගෙම අසාවල් වෙනස්, ඔය උපාසක මහත්තුරුන්ගේ ලැප් බැලුවොත් බලන්න පුලුවන් රඟේ (නදී)
මට පේන්නේ මහත්තයා මානසික ලෙඩෙක් මොකද තමන්ගේ නෝනගේ නිරුවත් පින්තුර ලැප්ටොප් එකේ දාන්නේ (නදී)
ගොඩක් දෙනක් අහන්නේ ඇයි නෝනා ගේ නිරුවත ලැප්ටොප් එකට ගත්තේ කියලා. මම නම් හිතන්නේ වයසට ගියාම තරුණ රූපය බලලා සැනසෙන්න වෙන්න ඇති.(නදී)
නම චරිත වැඩ සුනඛ. (නදී)
නොදන්නාකමටයි අහන්නේ. ඇයි දන්නේ නැහැ තමන්ගේ නිරුවත් ඡායාරූප අරගෙන ලැප්ටොප් වල තියාගෙන ඉන්නේ. (නි)
ලංකාවේ අයගේ ආසාව නිසා තමයි ගූගල් එකේ ලෝකයේම පළමු තැනට තේරිලා තියෙන්නේ සෙක්ස් කියල වචනේ හොයල (නදී)
කොහොමද සේවකයා බොස්ගෙ පරිගණකයේ නිරුවත් පින්තූර තිබුන බව දැනගත්තේ?ඒක බොස්ගේම වැරැද්ද. මොකද එයා "පාස්වර්ඩ්" එකක් නොදැම්මේ? (නි)
බිරියගේ නිරුවත් ඡායාරූප මොකටද පරිගණකයේ තියාගෙන ඉන්නේ? (නි)
මමිනිස්සු මොන එහෙකට තමන්ගේ නිරුවත් පින්තූර පරිගණක වල තියාගන්නවාද?? මිනිසුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නැහැ. නමුත් සාමාන්‍ය සිහිබුද්ධියක් තියන අය මෙවැනි මෝඩකම් කරන්නේ නැහැ. (නි)
මොන විදියේ පින්තූර තිබුනත් ඒවා නිරුවත් පින්තූර ලෙසට සකස් කළ හැකියි (නදී)
පරිගණකය පාවිච්චි කළයුත්තේ පරිගණකයෙන් කරගතයුතු වැඩ සඳහා පමණි.වැඩ තෝරා බේරාගැනීම අයිතිකරු සතු වගකීමකි. (නි)
ගෝත්‍රවාදී වනචාරියා නුතන තාක්ෂණ යුගයේත් හැසිරෙන්නේ සතෙක් වගේ. අතීත දේශපාලනය විසින් මේ සතුන්ට උගන්වා තිබුනේ වැදූ අම්මාව විකුණා හෝ මුදල් හොයන්නයි. යහපාලනයක් ඇති කරන්න නම් මේ අනවශ්‍ය පැළෑටි වල්නාශක යොදා හෝ වැනසිය යුතුයි. (නි)
හොඳ වැඩේ ඕනෑ නැති දේවල් කරන්න යනවට (නි)
තාක්ෂනය භාවිත කල යුතු සීමාව දන්නේ නැති නිසා අපේ රටේ කී දෙනෙක් අමාරුවේ වැටෙනවාද ? මේ සේවකයාට හාම්පුතාගේ පරිගණකය භාවිතයට කිසිම දුරදිග බැලීමකින් තොරව ඉඩ දෙන්න ඇති. එයින් ව්‍යාපාරික ලිපි ගොනු කටයුතු කරන අතරේ මේ වැඩෙත් කෙරෙන්න ඇති. (නදී)
ව්‍යාපාරික බිරිඳගේ වෙලාව ටිකක් හොඳයි. නැතිනම් මේ සේවකයා මේ අසභ්‍ය පින්තුර තමන්ට ලැබුන විදිය කියන්නේ නැතිව ඒවා තමන් සන්තකයේ තිබෙන බව විතරක් කීවා නම් අර අහිංසක නෝනාට තමයි මහත්තයා ඇඟිල්ල දික් කරන්නේ. (නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු (නදී)
අනේ මෙහෙම ආශාවක්? ව්‍යාපාරිකයාගේ අලුත්ම ව්‍යවසායක්ද දන්නේ නැහැ. ඔලුව වෙනස් කරලා පින්තූර අළෙවි කරන්නත් පුළුවන්නේ. ජනප්‍රිය නිළියන්ගේ ඔලු එකතු කළොත් අපේ අයියලාත් උඩ පැන පැන ගනීවි. (නි)
සමහර ව්‍යාපාරිකයන් පෙනුමට ලැප්ටොප් අයි පෑඩ් බ්ලැක්බෙරි ෆෝන්ස් තියාගෙන ඉන්නවා. නමුත් ඒවා භාවිතා කරන අවම පිළිවෙලවත් දන්නේ නැහැ. මුරපදයක් භාවිතාකර ඒක තමන් සන්තකයේ විතරක් තිබිය යුතු දෙයක් බවවත් දන්නේ නැහැ. එහෙම නැත්නම් බැංකු කාඩ් එකේ සිට ඊ මේල් දක්වා මුරපද ඩයරියේ ලියාගෙන. මේවා උදේට පෙරළ පෙරළා බලනකොට තේ අල්ලන සේවකයා පවා ඔලුවට උඩින් එබිලා ඒවා බලාගන්නවා. (නි)
නවීන තාක්ෂණික මෙවලම් වගකීම්සහගතව පරිහරණය දැනගත යුතුයි (නි)
මේ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරය නිරුවත් ඡායාරූප විකිණීමද දන්නේ නැහැ. නැත්නම් ඇයි පරිගණක වල ඕවා දාගෙන ඉන්නේ? (නි)
තාක්ෂණය දියුණුවුණාට මිනිසුන්ගේ ආකල්ප නම් දියුණුවෙලා නැහැ වගෙයි (නි)
සමහරවිට කලින් පින්තූර ගැන දන්නේ නැතුව ලැප්ටොප් එක සහ ඩොන්ගල් එක උස්සන්න ඇති. විකුණන්න කලින් ඒකෙ තිබෙන ෆයිල් මකන්න යනවිට පින්තූර දැකලා සිහි එළවාගන්න අපහසු වෙන්න ඇති. කොහොම වුණත් ලැප්ටොප් එක සඳහා මුරපදයක් තිබුනා නම් මේ ජරමර සිදුවෙන්නේ නැහැ. (නි)
මේ පින්තූර මට නම් හිතෙන්නේ ගෙදර නෝනාගේ වෙන්න බැහැ. ව්‍යාපාරිකයන් කියන්නේ ඉතින් ව්‍යාපාරිකයන්ම තමයි. කසාදයත් කැඩෙන විදියේ අවුලක් නිසා තමයි මෙච්චර කලබලවෙලා දඟලන්නේ. තමන්ගේ නෝනාට ඔච්චර ආදරේ නම් මොකද මුරපදයක් නැති පරිගණකයකට එයාගේ අතිශය පුද්ගලික පින්තුර දමලා තියාගන්නේ. (නි)
ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ගියාම ඔහොම තමයි (නි)
අනුන්ගේ දේවල් වලින් හරිහම්බ කරගන්න අයට මෙහෙම වෙලා මදි (නි)
මුරපදයක් නොයෙදීමේ මෝඩකම විතරක් නෙමෙයි ඒ සිද්ධවුණ අලකලංචියත් දැන් පොලිස් පොතෙන් එහාට ගිහින් හමාරයි. අර සේවකයාගේ නමත් පළවුණාම මේ ව්‍යාපාරික ස්ථානය මොකද්ද අදාළ හාම්පුතා කවුද, නෝනා කවුද යනාදී ඔක්කොම දේවල් ප්‍රසිද්ධ වේවි. දැනටත් පළාතේම බවලතුන් ගෙදරට ඇවිත් ඇති නෝනාගෙන් මොකද වුණේ දැනගන්න. (නි)
අවි වෙළදාම වගේම දැන් නිරුවත් වෙළදාමත් ජනප්‍රියවෙලා (නි)
මේ ප්‍රවෘත්තිය දැකලා අපේ නෝනලාත් කලබලවෙලා අපේ ලැප්ටොප් ඇදලා බලයිද දන්නේ නැහැ. (නි)
දැන් නෝනා ගෙදර තියන ඔක්කොම ලැප්ටොප්, මොබයිල් ෆෝන්, කැමරා පොළොවේ ගහලා ඇති. (නි)
සංජයගේ ලැප්ටොප් එකටත් මේ වගේ ජරමරයක් වුණාද මෙතන මේ අදහස් ලියපු පිරිමින්ට බනින්නේ? (නි)
හොඳම හොඳ වැඩේ (නි)
නම චරිත වුණාට කරලා තිබෙන වැඩේ නම් අන්තිමයි. (නි)
මේ සේවකයාට පෙම්වතියක් හෝ බිරිඳක්, සොහොයුරියක්, දියණියක් නැතිව ඇති.ඒත් මවක් ඇතිනේ. හරි නම් මෙවැනි පුද්ගලයන්ගේ පින්තූර ප්‍රසිද්ධ කරන්න ඕනෑ සියලුම දෙනාට දැනගෙන ප්‍රවේශම් වෙන්න (නි)
අද මිනිස්සු සත්තු හා සමානයි.මොකාගේ හරි බෙල්ල මිරිකලා හරි කමක් නැහැ තමන්ට සෙතක් වෙනවා නම් එච්චරයි.මෙහෙම වටපිටාවක් තියෙද්දී කොහොමද අනුන්ට සේවයක් කරන්නේ. (නි)
තාක්ෂණයේ මුලික කාරණා සහ සීමාවන් නොදැන එය භාව්තය අතිශයින් භයානකයි. මේ වගේ කට්ටිය ෆේස් බුක් පාවිච්චි කළත් ඔච්චරයි. තමන්ගේ මධුසමයේ සිට දුවගේ කොටහළුව දක්වාම ඡායාරූප ප්‍රසිද්ධ කරනවා. කවුරුහරි බිරිඳගේ නැත්නම් දුවගේ මුහුණට ඇඟක් ගළපලා හැමතැනම ප්‍රසිද්ධ වුණාම දෙලෝ රත්වෙනවා. (නි)
අප්පච්චියේ! ව්‍යාපාරිකයෙක් කියලා සඳහන් වෙලා තියනවා දැක්කම අපේ අර අන්තර්ජාතික ව්‍යාපාරික පාඨක මහතාව මතක් වුණේ. (නි)
මම හිතන්නේ මිනිහට ගෙදර යන්න වෙලාවක් නැතුව ඇති. වැඩ කරන ගමන් මේකත් බල බල ඉන්නවා ඇති. (නදී)
මේ ගොඩක් අය මුර පදයක් ගැන කියවනවා. අපි හිතමු ලැප් ටොප් එක කැඩිලා ඒක හදන්න කාටහරි දුන්නා කියලා. ඒ කෙනාට ලේසියෙන් ලැප් ටොප් එකේ තියෙන ඒවා බලන්න පුළුවන්. මුර පද දාන එක පරණ ක්‍රමයක්. ඊට වඩා හොඳ නැද්ද තමන්ගේ නිරුවත් ඡායාරූප අරන් ලැප් ටොප් වල තියාගෙන ඉන්න ලෙඩේට බෙහෙත් ගත්තා නම් (නි)
මේ ලැප්ටොප් එක පිවිතුරු යහපාලගේ නෙමෙයි නේද? (නි)
අනේ මම දන්නේ නැහැ හිතෙන්නෙම මේක පිවිතුරු ගේ ලැප්ටොප් එක කියලා මයි.(නදී)
මේ ලැප්ටොප් එක මොන විදියේ ව්‍යාපාරික කටයුතු වලට පාවිච්චි කළ එකක්ද කියලා සොයලා බලන්න වටිනවා. (නි)
දැන් හුඟක් අය තමන්ගේ, බිරිඳගේ පෙම්වතියගේ නිරුවත් පින්තූර ගන්නවා. සමහරු ඒවා ගන්නේ විනෝදයට. පස්සේ ඒවා මකාදානවා. නමුත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ රිකවරි මෘදුකාංගයකින් මකපු දේවල් පවා නැවත ගන්න පුළුවන් කියලා (නි)
මේක ඉතින් මේ සැමියාගේ නොසැළකිල්ල නිසා වුණ දෙයක්. ඕක සැමියාගේ මෝඩකමක් වුණත් එයාගේ මහා වැරැද්දක් කියලා මම හිතන්නේ නැහැ. (නි)