IMG-LOGO

ලක්ෂ 15ක් වටිනා මත්පෙති කෙරවලපිටියේ නිවසකින්

සුජිත් හේවාජුලිගේ 
 
පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.

 
මෙම ජාවාරමට සම්බන්ධ 28 හැවරිදි තරුණයකු  මෙහිදී අත් අඩංගුවට ගන්නා ලදැයි කොළඹ සුරාබදු ස්ථානාධිපති චානක නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය.
 
සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න මහතාට ලැබුණු තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය  සොයාගෙන ඇත්තේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී යැයි  නානායක්කාර මහතා කීය.
 
සැකකරු මෙම එක් මත් පෙත්තක් රුපියල් 8000කට අලෙවි කර තිබූ බවද හෙළිවී ඇත. මොහු හෙට (26) කොළඹ මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (7)

ලක්ෂ 15ක් වටිනා මත්පෙති කෙරවලපිටියේ නිවසකින්

Samantha Wednesday, 25 April 2018 12:52 PM

අත් අඩංගුවට අරගෙන විතරක් මදි මරණ දඬුවම දෙන්නත් ඕනේ... රට හදන්න නම් නීතිය නවලා හරියන්නේ නැහැ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ...

:       4       100

Mahee Wednesday, 25 April 2018 04:44 PM

මේ ඉන්නේ බෙදා හරින්නෙක්. සමහර විට සිල්ලර කඩ කාරයෙක්. තොග මුදලාලි, ආනයනකරු එහෙම මේ ආත්මෙදි හොයා ගන්න බැරුවට මෙන්න කැට.

:       0       39

අරුණ Thursday, 26 April 2018 12:30 AM

මොකද මේවට අගයක් දෙන්නෙ ලක්ෂ 15 කියල?

:       3       15

රවින් Thursday, 26 April 2018 12:33 AM

මේ අයට දෙන්න ඕනේ හොඳම දඬුවම තමා ළඟ තබාගෙන අහුවෙච්ච මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයම ඉතාම කෙටි කලක්තුල ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට සැලැස්වීම. එතකොට දහස් ගණනක් ටික ටික මරන්නේ නැතිව වෙළෙන්දා එකපාරටම මැරෙනවා.

:       0       51

lalithsjm Thursday, 26 April 2018 01:05 AM

පාලකයන් හොදට මතක තියාගන්න ඕන මේ විනාශ වෙන්නේ අපේ අනාගතය බව. ගෙන්වන්නන්ට විකුනන්ට අනුබල දෙන්නන්ට මරණ දඩුවම හිමි විය යුතුයි.

:       0       43

Chandima Thursday, 26 April 2018 01:39 AM

මේ මත්ද්‍රව්‍ය වැඩේ මෙහෙමේනම් ඉවර කරන්න වෙන්නේ නැහැ කවදාවත්.

:       0       40

කසුන් Thursday, 26 April 2018 05:44 AM

මට හරි කණගාටුයි පොඩි කාලේ ඉදන් මල් වගේ හදපු අපේ දරුවන් මෙවැනි සල්ලි වලට මුල් තැන දෙන සමාජයේ ගොදුරක් වීම ගැන. දැන්වත් පාලකයින් දැඩි නීති, දඩුවම් ගෙන ආ යුතුයි !!

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 614 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 250 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site