සුජිත් හේවාජුලිගේ
පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.
මෙම ජාවාරමට සම්බන්ධ 28 හැවරිදි තරුණයකු මෙහිදී අත් අඩංගුවට ගන්නා ලදැයි කොළඹ සුරාබදු ස්ථානාධිපති චානක නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය.
සහකාර සුරාබදු කොමසාරිස් බී.ඒ දයාරත්න මහතාට ලැබුණු තොරතුරක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී යැයි නානායක්කාර මහතා කීය.
සැකකරු මෙම එක් මත් පෙත්තක් රුපියල් 8000කට අලෙවි කර තිබූ බවද හෙළිවී ඇත. මොහු හෙට (26) කොළඹ මහධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් අඩංගුවට අරගෙන විතරක් මදි මරණ දඬුවම දෙන්නත් ඕනේ... රට හදන්න නම් නීතිය නවලා හරියන්නේ නැහැ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ...
මේ ඉන්නේ බෙදා හරින්නෙක්. සමහර විට සිල්ලර කඩ කාරයෙක්. තොග මුදලාලි, ආනයනකරු එහෙම මේ ආත්මෙදි හොයා ගන්න බැරුවට මෙන්න කැට.
මොකද මේවට අගයක් දෙන්නෙ ලක්ෂ 15 කියල?
මේ අයට දෙන්න ඕනේ හොඳම දඬුවම තමා ළඟ තබාගෙන අහුවෙච්ච මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයම ඉතාම කෙටි කලක්තුල ප්‍රසිද්ධියේ භාවිතා කිරීමට සැලැස්වීම. එතකොට දහස් ගණනක් ටික ටික මරන්නේ නැතිව වෙළෙන්දා එකපාරටම මැරෙනවා.
පාලකයන් හොදට මතක තියාගන්න ඕන මේ විනාශ වෙන්නේ අපේ අනාගතය බව. ගෙන්වන්නන්ට විකුනන්ට අනුබල දෙන්නන්ට මරණ දඩුවම හිමි විය යුතුයි.
මේ මත්ද්‍රව්‍ය වැඩේ මෙහෙමේනම් ඉවර කරන්න වෙන්නේ නැහැ කවදාවත්.
මට හරි කණගාටුයි පොඩි කාලේ ඉදන් මල් වගේ හදපු අපේ දරුවන් මෙවැනි සල්ලි වලට මුල් තැන දෙන සමාජයේ ගොදුරක් වීම ගැන. දැන්වත් පාලකයින් දැඩි නීති, දඩුවම් ගෙන ආ යුතුයි !!