(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 14 වටිනා බීඩි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් දෙදෙනක් අද (4) වවුනියාව සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
නීතිවිරෝධී ලෙස ගෙන්වූ බීඩි දුම්වැටි තොග බෙදාහරින වෙළෙඳසල් දෙකක් පිළිබඳ වවුනියාව සුරාබදු නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ඇති බීඩි තොගය මෙරට නිෂ්පාදනය කරන බීඩි කර්මාන්ත ශාලාවක නාමය යොදා ගනිමින් අලෙවි කිරීම සිදුකොට ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 48 අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුම්බීමට මිනිසුන් පුරුදුවෙන කාලෙම නේද ඕවා නවත්වන්න පියවර ගන්න තිබුනේ. දැන් මිනිසුන් පුරුදුවෙලා ඉවරයි ඔය පුරුද්ද අත්හැරවන්න බොහොම අමාරුයි