( බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම )
අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි "තඹුත්තේගම අක්කා" නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර සමඟ සෘජු දුරකථන සම්බන්ධතා පවත්වාගෙන යමින් ඇය මෙම ජාවාරම සිදුකරගෙන ගේස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය පහේ කණුව, රන්දෙණිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.
සැකකාර කාන්තාව අත්අඩංගුවට පත්වූ පසුවද බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් හට දුරකථන ඇමතුම් ලබා ගත් බව බවත් ඒවායේ හඬ පට තිබෙන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd