ඉන්දිකා රාමනායක
උත්සව සමයේ අලෙවි කිරීම සඳහා වෑන් රථය ප‍්‍රවාහන කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ට ආසන්න වටිනා නීති විරෝධී විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු අද (18) බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අත්අඩංගගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරුගේ නීති විරෝධී විදෙස් මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම මත්පැන් බෝතල් තොගය ප‍්‍රවාහනය කරමින් සිටියදී කොටහේන ජින්තුපිටිය හංදියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 177 ක් තිබී ඇති බවද පැවසේ.
මෙම සියලූ මත්පැන් තීරුබදු රහිතව මෙරටට රැුගෙන ඒවා බවද පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු කොටහේනේ ජින්තුපිටියේ පදිංචි (66* හිවිරිදි පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා කොටහේන පොලිසියට බාර දී ඇති අතර කොටහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැට්ටෝ මතට තිත තියන්න හදන්නේ මත්පැන් වල මිල වැඩිකරලා. එහෙම මිල වැඩිකලාම හොර මත්පැන් වැඩිවෙනවා. මිල අඩුකර බොන අයට බලපත්‍රයක් දෙන්න. මටත් මාසයකට රු. 10000 මත්පැන් සඳහා වියදම් වෙනවා තනියම බීවොත්.
කරුණාකර මත්පැන් ලොලින්ගේ යහපත පිණිස නිති විරෝධී විදේශීය මත්පැන් වල නම් රුප සහිතව දැනුවත් කරන්න. ඒ වගේම නිති විරෝධී නොවන විදේශීය මත්පැන් විකිණීමට තිබෙන තැන් පිළිබදව ජනමාධ්‍ය මගින් දැනුවත් කරන්න. ලංකාවේ එවගේ නම් අපි දන්නවා.
අපිට බඩු ගන්න.. ඔරිජිනල් නම්, ලාභනම් ආවේ කොහෙන්ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. අපි මොකටද ඕවා හොයන්නේ. පුළුවන්නම් අනික් සැරේටත් ගෙනත් දෙන්න කියනවා.