(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

'පිළියන්දල සිතුම් නොහොත් සැන්ටා" ප්‍රංශයේ සිට සිදු කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණියන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ දහයකට අධික මත්ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

එම වැටලීම කරන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය  රැගෙන යාමට පැමිණ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි තරුණයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

සැකකාරියන් සමග හෂිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් ෆිල් නොහොත් ඩාන්සින් ටැබ්ලට් 15 ක් මත් මුද්දර 2  ක් විද්‍යුත් තරාදියක් , සුරුට්ටු එතීමට  ගන්නා කඩදාසි , ජංගම දුරකථන 8 ක් ලයිටර් 2 ක්  මත්ද්‍රව්‍ය  ඇසුරුම් කිරීමට ගන්නා කුඩා ඉටි කවර විශාල තොගයක් පොලිස් භාරයට ගෙන ඇත