තමාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප්‍රචාර ගෙන යන අතර වත්මන් ආණ්ඩුව භාණ්ඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් සිදු කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මෑතක දී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වග කියන ‘ගෙස්ටාපෝ‘ තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටින බව ද රාජපක්ෂ මහතා පවසයි.
එම නිවේදනය මෙසේය...


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජිවිත විනාශ කළ ප්‍රේමදාස මහා පාරේ මැරුන දවසේ මුළු රටම රතිඤ්ඤා ගහල/අහස් කුරු යවල,කිරිබත් කාල අවරුදු දවසට වඩා මුළු රටම සතුටු වුණා.ඉන් පස්සේ මිනීමරු ප්‍රභාකරන් නන්දිකඩාල් වල මැරුන දවසේ. (බ)
මිනිසුන් අසත්‍ය යෙන් මරා දැමිය හැකි මුත් නිවැරදි අදහස් මරා දැමිය නොහැක. හැමදාම අන්තර්ජාලයෙන් ආණ්ඩු බිහිකළ නොහැක (නදී)
බුද්ධ ධර්මය අනුව කළ පව් පස්සෙන් එනවා.පිරිත් නුල් සියක් විතර බැද ගත්තට,ඔලුවේ ධාතු කරඩුව තියල සෙත් පිරිත් කියා ගත්තට,පන්සල් ගානේ අැවිද්දට.අපිට පේන්න බන ඇහැව්වට කරපු පව් පස්සෙන් එනකොට දුවන්න පාරවල් මදි වෙනවා. (බ)
චානක, වැන්දත් පවු නැහැ .සිංහලයන්ට කොන්ද කෙළින් තියාගෙන ඉන්න වාතාවරණය සැදුවට. (නි)
අනේ මෙතන ප්‍රතිචාර දැක්කම ගොඩක් දුක හිතෙනවා. සමහරු සැසදීම් කරන්නේ බොහොම පටු විදිහට. මට හිතෙන විදිහට නම් ගොඩක් දෙනෙක් 1990 විතර පස්සේ ඉපදුනු කට්ටිය වගේ, මොකද ලංකාවේ යුද්දේ පටන් අරගෙන 1977 ඉදලම රට පාලනය කළේ එජාපෙ. 1977 ඉදලම රනිල් හිටියේ එජාපෙ. යුද්දේ දිගටම තිබුන. විජේවීර හිරේ දැම්ම. දේශපාලනය කරපු වැරැද්දට. 1988-89 කොල්ලෝ දස දහස් ගානක් මරුන. එජාප, ජවිපෙ දෙකේම වැරදි වලින් මරුනේ අහිංසක සිංහල කොල්ලෝ. එල්ටීටීඊ එකේ වරදින් මරුනෙත් අහිංසක සිංහල කොල්ලෝ. මේ වෙච්ච දේවල් වලට එජාප , ජේවීලී , එල්ටීටීඊ ,සන්ධාන ආණ්ඩුව , චන්ද්‍රිකාගේ සන්ධානේ ඇතුළු හැමෝම වග කියන්න ඕන. නමුත් ඊයේ පෙරේද ඉපදිච්ච එවුන් ටිකක් ඉතිහාසය නොදන්නා කමට නියම විදිහට සැසදීම කරන්නේ නැහැ. ඔය කියන හැම ආණ්ඩුවේම හොරු හිටිය කියල අපි ඇහුව. එත් මේ දක්වා දඩුවම් විදපු හොරෙක් ගැන අහන්න ලැබුනේ නැත්තේ මොකද දන්නේ නැහැ. ජේආර්ගේ කාලේ මහවැලියෙන් හොරකම් කරා කිව්වා. සමහරු හෙලිකොප්ටර් වලින් ගිහින් ඡන්ද කොළ බෙදුව කිව්වා හොරකම් කළ සල්ලි වලින්. පන්සල් පල්ලි වල නිදන් හොරකම් කළ ජනපති පුත්තු ගැන එජාප ආණ්ඩු කාලේ ඇහුව. කොල්ලෝ මරපු වැඩ කදවුරු වල වැඩ දුන්න මිනිස්සු ගැන ඇහුව 88-89. ඊට පස්සේ නොරොච්චෝලේ, වගේ හොරකම් ගැන ඇහුව. යුද්දේ නවත්තල ගිවිසුම් ගහපු කට්ටිය ගැන ඇහුව. අන්තිමේට තවත් හොරු රැලක් ගැන මේ දවස්වල් අපි අහනවා. මෙච්චර කලක් , අවුරුදු 35ක් දේශපාලනේ කරලා තයෙන්නේ හොරු. ඔය අවුරුදු 35 හිටපු හොරු, මිනී මරුවෝ අඩු වැඩියෙන් හැම පක්ෂෙම ඉන්නවා. ජවිපෙ, එජාප , සන්ධානේ , ඇතුළු හැමෝම. යහපාලනෙත් ඉන්නේ එයාලම තමයි. ඉතින් අපි කවුද හොද, කවුද නරක කියන්නේ? මහින්ද වැරදි නම් රනිල් හරිද? දෙන්නම වැරදි නම් අනුර හරිද? කියන්නා කෙසේ කීවත්, ඉතිහාසය ගැන දන්නෝ, තම සිහි නුවනින් විමසා බලා තීරණය කරනු මැනවි. (බ)
මට හිතෙන විදියට මෙ ප‍්‍රතිචාර මිට වඩා වෙනස් වෙන්ඩ තිබුනා මාධ්‍ය නිවේදනයේ මුල්ම සහ අවසාන ඡෙද දෙක මාරු වුනා නමි.(නදී)
ඉස්සර අපි උදේට ඉස්කෝලේ යනකොට පාරේ දෙපැත්තේ තිබෙන්නේ පිළිස්සුන සහ පිළිස්සෙමින් පවතින තරුණ මල සිරිරු.අපි මොන තරම් බියකින්ද ජිවත් වුනේ.අපේ දෙමාපියන් අපි ගැන හිතල මොන තරම් බියකින්ද ජිවත් වුණේ......ඒ වගේම කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරලා විශ්ව විද්‍යලයට සමත් වුණ මගේ දරුවා බලහත්කාරයෙන් දෙනු ලැබූ හමුදා පුහුණුවට යවන්න බුස්ස හමුදා කදවුරට බාර දෙන්න ගිය දවසේ මටත් මගේ දෙමාපියන්ට දැනුන බිය දැනුන.ලංකාවේ හැම අසරණ දෙමපියෙකුටම ඒ බිය දැනුන. (ම)
අපේ හිට්ලර්ට තවත් අවරුදු දෙකක් රට කන්න දුන්නනම් අපිට සහ අපේ අනාගත දරු පරම්පරාවට සිද්ද වෙන දේ හිතා ගන්නත් බැරි වෙනවා. බලහත්කාරයෙන් විශ්ව විද්‍යාල වල දරුවන්ට,විදුහල්පතිවරුන්ට දුන් හමුදා පුහුණුව පාසල් දක්වා ගෙන එනවා. හිට්ලර්වත් එහෙම දේවල් කලා කියල මම නම් අහල නැහැ. (ස)
ඇත්තටම ඩුබායි තිලක් බොහොම හොඳ අදහස් තිබෙන කෙනෙක්. (නි)
යුද්දය ගැන අදහස් දක්වල තියෙනවා. මගේ අදහසනම් වර්තමාන අගමැතිවරයා එදා පැවසුවේ කොටි එකත් එක්ක අපට යුද්ද කරන්න බැහැ. උතුර සහ නැගෙනහිර කොටි එකට බාර දෙමු කියා. වර්තමාන ෆිල්ඩ් මාර්ෂල්, හිටපු ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලීන් ඉදලම හමුදාවේ හිටිය. මතකද ඒකාලයේ දිගින් දිගටම හමුදාවේ පරාජයන්, වර්තමාන ජනාධිපතිවරයා එම යුද්දයට මුහුණ දුන්නනම් මෙලහකටත් කොටි උතුරු නැගෙනහිර පාලනය කරනවා. රටේ ජනාධිපතිවරයා නිහතමානී වුනාට වැඩක් නැහැ. නිර්භීත හොද පෞර්ෂයක් තියෙන්න ඕන. තම පක්ෂය රැකගන්න බැරි ජනාධිපතිවරයා කොහොමද රට රකින්නේ. දැන් සමහර මැති ඇමතිවරු කොටි පාලන කාලයේ කාන්තාවන්ට ආරක්ෂාව තිබුන කියා පවසනවා. කොටි නායකයා කියල තියෙනවා සිංහලයට හැමදේම මතක සතියක් කියල. මම පිලිගන්නවා පසුගිය රජය සැහෙන දුෂණ සිදුවුන බව. මොනවා වුනත් අද අපට රටක් ඉතුරු වෙලා තිබෙන්නේ හිටපු ජනපතිතුමා ඇතුළු හමුදාවන් එකමුතුව නොසැලී ක්‍රියා කළ නිසා. එ්ක කවදාවත් අමතක කරන්න එපා. (බ)
ඔව් ඔව් කේතුමතී රාජ්‍ය පාලනයක් තිබිල දැහැමි රජෙක් ධාර්මිකව රටපාලනය කරලා ජනවාරි 8 වෙනිදාට පසුව එකපාරටම හිට්ලර් පාලනයක් ආවා (නදී)
අනේ මාමේ මෙහෙම කියන්න ඔයාට බැහැ (නදී)
වෛරසය කවදාවත් තමන් වෛරසයක් කියා හඳුන්වාගන්නේ නැහැ. නමුත් භෞතවේදියෝ වෛරසයේ තරම හොඳින් දන්නවා. මුදල් ගසා කෑවා කියලා මේ ගොල්ලෝ කියාවිද? ඔබ හෙට ගෙදර යනවා නම් අපි අනෙක් සියලු සංවර්ධන කටයුතු නවතා මැදමුලන දක්වා පාර කාපට් කර දෙන්නෙමු. කාර්ල්ටන් නිවස මාළිගයක් කර දෙන්නෙමු. (නි)
මෙහෙ කටාර් වල ඉන්න ද්‍රවිඩ අය පරාජිත ප්‍රබාකරන්ගේ රූපයට මල් මාල දාල වදිනවා. මට සිතෙන විදිහට සිංහල නමින් අදහස් එවන බහුතරය සිංහලම වෙන්න බැහැ. (නදී)
රටේ නායකයාගේ නිර්භීත පෞරුෂය යොදවන්න ඕනෑ රටේ ආරක්ෂාවට මිස රට කෑ හොරුන්ගේ ආරක්ෂාවට නෙමෙයි සුරන් (නි)
මහින්ද මහත්තයෝ,ඔබතුමාගේ කාලේ පොලිසිය පාලනය කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියලයි අපි නම් හිතාගෙන හිටියේ. (නි)
රාජ්‍ය නායකයාගේ පළමු වගකීම තමන් රට මිසක් පක්ෂය නෙවෙයි. අනෙක පක්ෂයේ ඉන්දෙද්දී තමන්ගේ කකුලෙන් ඇදපු මිනිස්සු එක්ක මොන ගනුදෙනු ද ?(ම)
හිට්ලර්ලා කවුද කියලා අපි දන්නවා (නි)
මහින්ද මහතා දිනේවා! (නි)
මේ!මේ! දැන් ටිකක් විවේක ගන්න හිතුවොත් නරකද? (නි)
අපි ළඟදීම තීරණයක් ගන්නවා (නි)
ඔබතුමා තව ටික කාලයක් මේ රට පාලනය කළා නම්, පොලිසි විතරක් නෙමෙයි, උසාවිත් වහලා දමයි කියලයි අපි නම් හිතාගෙන හිටියේ. (නි)
හොරු කොහොමත් පොලිසියට බයයි. අපි නම් හිතන්නේ අපේ ආරක්ෂාවට තවත් පොලිස් ස්ථාන අලුතින් ඇතිකරන්න ඕනෑ කියලයි. (නි)
අනේ මේ දැන් පාඩුවේ ඉන්න මහත්තයෝ (නි)
අපිත් ඉතින් ලංකාවෙනේ හිටියේ.... (නි)
පිස්සුද චානක මහත්තයෝ.හිට්ලර් කියන්නේ තව කෙනෙකුට නටවන්න පුළුවන් වුණ රූකඩයක් නෙමෙයි. (නි)
හේමන්ත,ඉතින් ඔයා මල් මාලයක් දාලා වඳින්නකෝ (නි)
දැන් පන්සල් ගියාට බහුතරයකගේ සිත්සතන් තුළ පිරී ඇත්තේ ක්‍රෝධය සහ වෛරයයි. (නි)
මොන බයිලා කිව්වත් අපිට කමක් නැහැ. යුධ ජයග්‍රහණයෙන් පසුව රාජපක්ෂලා මේ රටේ හැසුරුණු විදියෙන් සහ මේ රට පාලනය කළ ආකාරයෙන් අපිට රාජපක්ෂලා අරහන් වුණා. කවුරු මේ රටේ පාලනයට ආවත් කමක් නැහැ, රාජපක්ෂලා නැතුව. මේ ගොල්ලෝ ශ්‍රී ලංකාව මියන්මාරයක් කරන්න උත්සාහ කළානේ. බහුතරයක් සිංහලයෝ වෙසෙන මේ රටේ ජනතාව දකුණු ආසියාවෙන්ම ඉන්න බුද්ධිමත් ජනතාවක් බව අවබෝධකර නොගෙනනේ මේ අය කටයුතු කළේ. (නි)
අපේ මිනිසුන්ට මුල මතක නැහැ. ළඟ ඉඳලා අඟේ ඉඳලා කණ කන කට්ටියනේ ඉන්නේ අපේ රටේ දැන්. (නි)
ඉස්සර අපේ ගමේ හොරෙක් හිටියා. පොලිස් ජීප් එක දකිද්දීත් දුවනවා. ඒ තරමටම පොලිසියට බයයි. පුදුමේ කියන්නේ මහින්ද මහත්තයයි එතුමාගේ ගෝලබාලයෝ ටිකයි පොලිසියට පුදුම බයක්නේ තියෙන්නේ? (නි)
අනේ මගේ කට! (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
අපි දැක්කා ඔයා කියන පාලනය පසුගිය කාලයේ හොඳට. දැනුත් ඔය සමහර ගෝලයෝ පොලිසියට ගල් ගහනවා කියන්නේ ආයෙත් මොකටද කියලා අපිට තේරෙනවා (නි)
ඔබතුමා බලයට මෙතරම් ගිජුකමක් දක්වනවද කියලා අපිට නම් තේරුම්ගන්න පුලවන්. දැන් නීතිය හොඳට ක්‍රියාත්මක වෙනවා.ඔබතුමාගේ කාලේ නීතියක් තුබුණේ නැහැනේ (නි)
හිටපු හිට්ලර්ලා හිතන්නේ රටේ ජනතාව මැරිලා ඉපදිලා කියලා වෙන්න ඇති (නි)
වෙන කවුරු චෝදනා කලත් ඔබට බෑ- චෝදනා කරන්න...ඔබ දූෂිතයින් කොච්චර ආරක්ෂා කලාද..ඔබට තිබෙන චෝදනාත් නිකම්ම බැහැර කළ නොහැකියි.. (නදී)
හිට්ලර්ගේ පොලිසියක් ගැන කියන හිට්ලර් කෙනෙක් ද ?(නදී)
සුදෙල්මි, ඔබ හරියටම හරි (නි)
"ඒකාධිපතියෙකුගෙන්" සහ "ඒකාධිපති පවුලකින්" රටම නිදහස් කරගන්න ලැබුනේ සියලු දෙවිවරුන්ගේ පිහිටෙන්.ජනවාරි 8 වෙනිදා කියන්නේ මිනීමරු ප්‍රභාකරගෙන් රට නිදහස් කරගත් දවසට වඩා සිය දහස් ගුණයක විජයග්‍රහණයක් ලබපු දවසක්.රටේ "අසරණ බදු ගෙවන මිනිසුන්/වහල්ලු" වගේම "ගහ කොළ සතා සිවුපාවුන්" පවා ලබපු විජයග්‍රහණයක් (නි)
කටට එන ඕන එකක් කියනවා. අහන්න මෝඩයොත් ඉන්න බව දන්නා නිසා. තව ටිකකින් මේකේ ලියයි. (නදී)
මත්තල ගුවන් තොටුපොළ හදද්දී වගේම මත්තලින් පිටත්වුණ ගුවන් යානයක මොණරෙක් වැදිලා කටුනායකට විනාඩි 10 යෙන් බස්සන්න සිද්ධවුණ දවසෙත් මොණරු 180 දෙනෙක් මරලා දැම්මා කියලා අන්තර්ජාලය විස්තර සහිතව පෙන්වලා දී තිබුණා.අද ඒ කතාවම තහවුරු වුණා."ජනවාරි 8 කියන්නේ "ගහකොළ සතාසිවුපාවුන්" පවා ලබපු විජයග්‍රහණයක් කියලා කිව්වේ ඒකයි. (නි)
මේවට කියන්න නම් දේවල් ගොඩක් තිබෙනවා (නි)
රට ගෙනයන්නේ කොයිබටද බව පැහැදිලිය. (නි)
පහුගිය කාලේ වුණ සමහර දේවල් මතක්වෙද්දී ඔය කියන හිට්ලර් කොහෙද හිටියේ කියලා හිතෙනවා (නි)
අපිට නම් ආයෙත් හිට්ලර්ලාව අවශ්‍ය නැහැ (නි)
මිනීමරු ප්‍රභාකරන් සිටි කාලයටත් වඩා අපි බියෙන් සැකයෙන් ජීවත්වුණ කාලයක් තිබුනා.කට වැරදුනාද සුදු වෑන් වලින් උස්සනවා. සමහරු මුහුදු වතුර බීලා මැරෙනවා.සමහරු වාහන අනතුරු වෙලා ,වාහන ගිනි අරගෙන ,.....මැරෙනවා.අපි මැරිලා ඉපදුන මිනිස්සු නෙමෙයි. (නි)
එතකොට 50 ද ලොකු 270 ද ලොකු? මෙයාගේ ගෝලයන්ට තිබුණු මට මතක නැහැ කියන ලෙඩේ මෙයාටත් හැදිලා වගේ. (නදී)
ඉතින් ඔය කියන ගෙස්ටපෝ එකට මෙතෙක් ගෙනිච්ච ඔක්කොම අහිංසක උදවිය කියලද මෙයා කියන්නේ? (නදී)
තවමත් ඉව අල්ලනේ හොඳින් හෝ නරකින් පාලන බලය අල්ලන්නයි.වැඳලා කියන්නම්, ගමක සුළු තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා. (නි)
ඔබතුමාගේ කාලයේ රට සැවැත් නුවර වගේද තිබුනේ? (නි)
ඔබතුමාගේ කාලේ තිබුන හමුදා පාලනය මතකද ? (නි)
හොරු රැළක්ම ළං කරගෙන රජකම් කළේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
අනේ අපි නොදන්න හිට්ලර්? (නි)
රගර් ක්‍රීඩකයාගේ සිද්ධියේ අපරාධකරුවන් වහා අල්ලනු! (නි)
අපි මැරිලා ඉපදිලා කියා හිතාගෙනද මේ කියන්නේ ? හොඳයි ඔබ බලයේ සිටි කාලයේ විපක්ෂයේ කෙනෙක් මෙහෙම දෙයක් පළකළා නම් පළමුව ඔතනට කැඳවන්නේ කාවද කියලා අපි කියන්න අවශ්‍ය නැහැනේ (නි)
තිලක්, නිකන් බොරුවට කඩේ යන්න එපා හරිද? (නි)
අනේ පවු! මොකටද මගේ කට? (නි)
සිදුවූ දේවල් මුලු රටම දන්නවා (නි)
දැන් ඔය ලියපු ටික යන යන පන්සලේ දැන්වීම් පුවරු වලත් එල්ලාවිද දන්නේ නැහැ (නි)
මේ බලන්න අප්පා මේ කියන කෙබර ...?? අලුත් ආණ්ඩුව පත්වෙලා තවම උණුහුම ගියෙත් නැහැ, බිලියන 50 ක පාඩුවක් කරලාලු. (නි)
විරුද්ධවාදීන් බන්ධනාගාරගත කිරීම ගැන ඔබතුමාද මේ අපිට කියන්නේ? අනේ මතකය හොඳටම අඩුවෙලානේ! (නි)
මේ ඒක නොවෙයි, අපිට එවපු සුනාමි සල්ලි ටිකට මොකද වුණේ? (නි)
මේ ලංකාවේ ජනවාරි 08 වෙනි දිනට පසු ඉපදුනු කට්ටිය විතරක් ඔය කතාව පිළිගනීවි ඉස්මුදුනින්. මොකද අපි නොදන්නා ඒ අතීතය! (නි)
දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාරගත කිරීම ! අනේ අපි එහෙම දෙයක් ගැන කවදාවත් අහලා නැහැනේ. ඔබතුමාම විස්තර කළා නම්. අපිට මතක ෆොන්සේකා මහතාව ලිමොසින් එකේ සාදරයෙන් වාඩි කරවා ගෙන ගරු නම්බු දෙන්න අරන් ගියා විතරයි. (කේ)
ඇත්ත කියනකොට මොකද සුදේශ් මහත්තයට තදවෙලා (නි)
කතා කරනකොට නම් දැන් හැමෝම මහින්දගෙ පැත්තට. ගම්වල නම් මහින්දව දැක්කොත් දණ ගහලා වඳින තරමට. (නි)
ලස්සන වචන භාවිතා කරලා තිබෙනවා. ඔබතුමාගේ සමහර වචනත් දැන් අර කෑගහන ගෝලයන්ගේ වචන වලට සමානයිනෙ. (නි)
මෙහෙමත් කියන්නේ මෙතුමාගේ කාලේ තිබුනේ මාධ්‍ය නිවේදන නෙමෙයි අසාධ්‍ය නිවේදන කියලා මතක නැතිවෙලා වෙන්න ඇති. (නි)
පසුගිය රජයේ වැරදි ගැන අවශ්‍ය තීරණය ජනතාව දුන් බව ජනවාරි 8 අපිට පැහැදිලිව පෙනුනා.අපි බුද්ධිමත්ව සිතුවොත් රටක් ලෙස අපිට අවශ්‍ය වන්නේ රට ගැන සිතන දුෂණයෙන් තොර රජයක්. ඒ ගැන දෙවරක් සිතියයුතු නැහැ. නමුත් අද පවතින දේශපාලන අවුල රටට එතරම් සුබදායී නැහැ. එක ප්‍රශ්නයක් විසඳා තවත් ප්‍රශ්න ගොඩක් පටන් ගත්තා වගේ. දුෂණය නැති රජයක මහින්ද වැනි නායකයෙකු රටට අවශ්‍යයි. නායකත්වය පක්ෂ විපක්ෂ හැමටම පිළිගත හැකි වියයුතුයි. ඒ සඳහා ගැලරියට අවශ්‍ය පළිගැනීම් කළහොත් රජයකට අවාසිය වැඩිය. කළයුත්තේ රටකට ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම මිස පළිගැනීම නොවේ. (නි)
මහින්ද ජනාධිපතිට කරන චෝදනා දැන් කවුරුත් පිළිගන්නේ නැහැ. (නි)
විරුද්ධවාදීන් බන්ධනාගාරගත කිරීම අපිට තේරෙන්නේ නැහැ. මොකද ඔබතුමාගේ කාලයේ එහෙම දේවල් තිබුනේ නැහැනේ. තවටිකක් පැහැදිලි කල මැනවි. (නදී)
ඔහු කියනදේට තර්කානුකූල ප්‍රතිචාර නොදක්වා, හැමදේටම හොරු යැයි කියමින් සිටින්නෝ පක්ෂග්‍රාහීන් වී ඇත. ඇත්තටම කරන්නේ ගොබෙල්ස් න්‍යායයි. ඉන් අප හට වෙන සෙතක් නම් නැත. තර්කනුකූලව මැදහත්ව විමසන්න යැයි බුදුන් පවා දේශනා කළත්, එය පිළිපදින්නෝ අල්පය. (නි)
යහපාලන බොරු වලට මොළය "අවුල් "වූ මේ කට්ටියගේ හරි කල්පනාව ලැබෙනකොට වෙන්න ඕනෑ හරිය වෙලා අවසානයි. (නි)
මහත්තයෝ, හිතන්න එපා රටේ ජනතාව මෝඩයෝ කියලා. එහෙම හිතපු නිසා තමා ඔයා පැරදුනේ. (නි)
මෙතුමා අනුන්ගේ විශ්වාස භංගය ගැන උදම් අනන්නේ පසුගියදා ලක්ෂ 62 ක විශ්වාසය තමන් අහිමි කර ගත්තු බව මේ ටිකට අමතක වෙලානේ. (නදී)
අපි නම් දැක්කා හොඳටම ජනවාරි 8 දාට කලින් ලංකාවේ හිට්ලර් කවුද කියලා (නි)
ඒගොල්ලෝ කරනවිටද නරක? ආදර්ශය ඔබලාගෙන්. අපට මතකයි සෙල්ලම් පිස්තෝල මල්ලිලාගේ වැඩ (නි)
දැන් යහපාලනය කරන දේ හරිද? අපි පලු යනකම් බැනපු එස්බී, මර්වින්, දුමින්ද සිල්වා අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ යහ පාලකයො වුන නිසාද? අපිත් රැවටුනා වෙනසක් හොයන්න ගිහින්. අායිමත් නම් මෙයාලට රැවටෙන්නෙ නෑ. කොළඹ විනාශ කරනවා. බොරු කයිවාරු තවම අඩු නෑ. (බ)
අපි දන්නා ගොබෙල්ස් න්‍යායක් නැතිමුත් විරුද්ධවාදීන් කුදලාගෙන ගොස් බන්ධනාගාරගත කරන වෙනයම් න්‍යායක් නම් කොහෙද රටක තිබුනා මතකයි. (නි)
ඒෂාන්, ඔබලාට වෙනම දිස්ත්‍රික්කයක් දෙන්න බැහැ කී නිසා නේද ඔබගේ තරහ? (නි)
අනේ මොකටද අපේ කටවල්? (නි)
මෙයා මැරිලා ඉපදිලා වගේනේ කතා කරන්නේ.කේතුමතී රාජධානිය කාලේ බොහොම ධාර්මිකව නේ රට පාලනය කලේ. (ම)
වෙන කවුරු චෝදනා කළත් ඔබට බෑහැ චෝදනා කරන්න...ඔබ දූෂිතයින් කොච්චර ආරක්ෂා කළාද? ඔබට තිබෙන චෝදනාත් නිකම්ම බැහැර කළ නොහැකිය (නි)
මේ අගමැතිට විරුද්ධව විශ්වාසභංග නොවෙයි මොන යෝජනාව ගෙනාවත් මම නම් කැමතියි (නි)
කවුරුත් එකයි. ඡන්දයක් වරෙන්කො. දෙන්නම් දෙගොල්ලටම ගෙදර යන්න (නි)
තවත් මේ ගැන කතා අනවශ්‍යය (නි)
මහින්දගේ ප්‍රතිරෑපය විනාශ වුණොත් ඡන්දෙදි අවාසියක් වෙන්න පුලුවන් (නි)
අගමැතිට ගෙනා දෝෂාභියෝගය පිටුපස ඉන්නේ කවුද කියලා හොඳටම පැහැදිලියි. ඔහුට නම් කොහේ හිටියත් එකයි. උගත් නීතිවේදියෙකු හැටියට ගෙදර ගියත් ජීවත්වෙන්න ක්‍රමයක් තිබෙනවා. (නි)
දුමින්දගේ කතාව "මිනිසුන් අසත්‍යයෙන් මරාදැමිය හැකිමුත් නිවැරදි අදහස් මරාදැමිය නොහැක. හැමදාම අන්තර්ජාලයෙන් ආණ්ඩු බිහිකළ නොහැක". හරියට "පරිප්පු සහ බෝල්ට් ඇණ" වගේ. (නි)
අනේ මේ ප්‍රතිචාර මහින්ද මහතාට දැකගන්න ලැබෙනවා නම්....? (නි)
ප්‍රකාශ් කියන කෙනාට අමුකැවිලා දඟලනවා. එයාගේ ලොක්කාට විරුද්ධව වචනයක් කියන කට්ටියට කොටි ලේබල් ගහනවා. කොටින්ට වැටිය භයානක පාතාලයන් ටිකක් තමයි අසවල් ගමේ චණ්ඩි ටික. ඒ නිසා ඔය කොටි ලේබලය අන්න ඒ ගමේ බෝක්කුවේ ගිහිල්ලා අලවා ගන්න ප්‍රකාශ්. (නි)
අනේ මගේ කට! (නි)
කොටි ඇමති මණ්ඩලයට ගන්න හොඳයි. මෙතන විරුද්ධ දේශපාලන අදහසක් ලියපු කට්ටියට කොටිලූ. ඔය අනුන්ට කොටි ලේබල ගහන භුමි පුත්‍රයන් තමයි කොටි රත්රන් වලටයි සල්ලි වලටයි වහවැටුනේ. මෙතන මේ මාධ්‍ය නිවේදනයට අදාළව ලියපු අදහස් වලට අභියෝග කරන්න බැරි තැන කොටි කතාවක් ඇදලා අරගෙන සංවාදය වෙන පැත්තකට හරවන්න යනවා.අපෙන් අහගන්න එපා කොටි කවුද කියලා. (නි)
හිට්ලර්ගේ මාධ්‍ය නිවේදනත් ඒ කාලයේ කොහොම වෙන්න ඇද්ද කියලාත් අපිට හිතාගන්න පුළුවන්. (නි)
දැන් එතකොට ප්‍රකාශ් උන්නැහේ කියන විදියට අර කරුණා, පිල්ලෙයාන්. කේ පි වෙන්න ඇති නියම දේශප්‍රේමියෝ. පුළුවන් නම් ඒගොල්ලෝ ලවාත් මාධ්‍ය නිවේදන නිකුත් කරවන්න ප්‍රකාශ් මහත්තයෝ. අපි දෙන්නම් උත්තර ගානට. (නි)
ප්‍රකාශ් කියන ඊනියා භුමි පුත්‍රයාට මට කියන්න තිබෙන්නේ තමුන්නැහෙගේ ලොක්කාට එහෙයි නොකියන හැමෝටම කොටි ලේබල් ඇලවීමට ඔහෙට සදාචාරාත්මක අයිතියක් නැතිබවයි. මැදමුලන වළං හේදිල්ල සහ රෙදි අපුල්ලන අප්පුලාගේ රාජකාරිය ඕක තමයි. මෙතැන මහින්දට විරුද්ධව කට අරින අරින මිනිහාට කොටි ලේබල් ගහන වැඩේ. (නි)
මෙයාගේ කාලයේ කාටවත් පෝස්ටරයක් ගහන්ට ඉඩ දුන්නේ නෑ පොලිසිය මැරයෝ දාල නොයෙක් අකටයුතු කම් කරා. තමන්ගේ අයට ඕන හොරකමක් ඕන කුපාඩිකමක් කරන්ට ඉඩදීලා ඇහෙන්නේ නැහැ වගේ හිටියා. ජනතාවගේ මුදල් මෙයාලගේ බුදලයක් වගේ විනාශ කළා. දැන් අායිත් බලය ඕනවෙලා (නදී)
මෙතුමා මෙහෙම කතාකරන්නේ කොහොමද ? (නදී)
කොටි ඉන්නේ කාගේ රෙද්ද අස්සෙද කියලා අපි දන්නවා ප්‍රකාශ්. මෙතන පුවතට අදාළව ලියන දෙයක් ලියන්න. ඔය මැදමුලන චණ්ඩින්ට බයේ අපි මෙතන ලියන එක නවත්වන්නේ නැහැ. (නි)
අනුන්ගේ විශ්වාස භංගයක් ගැන මාධ්‍ය නිවේදන නිකුත් කර කර ඉන්න වෙලාවේ තමන්ගේ ජනතා විශ්වාසයට පසුගියදා සිදු වුනේ මොකද කියලා හිතෙන්නේ නැති හැටි. (නදී)
ඔය මෙතන මහින්දට විරුද්ධව ලියන, අනුන්ට කොටි ලේබල් ගහන්නේ කොහොම එක්කෙනෙක්ද කියලා පැහැදිලියි. එහෙම අයගේ තමයි ඔය ජාත්‍යාලය ඉහට උඩින් වැක්කෙරෙන්නේ. (නි)
හිට්ලෙර්ගේ කාලයට කලින් තිබුනේ 'පොල්පොට්'ගේ කාලයක් කියලයි අපිට නම් මතක. සුදු වෑන් දකිනකොට මිනිස්සු දුවනවා. (නි)
දේශපාලන ගැත්තන්ට පුළුවන් කොටි ලේබල ළඟ තියාගෙන මහින්දගේ විරද්ධ මතධාරීන්ගේ පිටේ අලව අලවා ගමේ බෝක්කු ගානේ රස්තියාදුවෙන එක තමයි. (නි)
අපොයි ඔව් මීට කලින් තිබුනනේ දසරාජ ධර්මයෙන් රට කරවන යුගයක්. විදේශීය කාන්තාවක් කුල ස්ත්‍රීන්ට දෙන්න පුළුවන් ඉහළම ගරුත්වය දීලා තංගල්ලේදී සළකලා රටවැසියන්ගේ කටවල් නිසා යන්තම් අදාළ පුද්ගලයට දඬුවම් ලැබුනා. දැන් කතා කරනවා න්‍යායක් ගැන. (නි)
මෙහි ප්‍රතිචාර දක්වා ඇති පිරිස කෘර කොටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරද්දී හිටියේ කොටින්ට සුදු හුණු ගාමින්ය. එම පිරිස මහින්ද මහත්මාට අදත් විරෝධය පානවා. ගුණමකු කම ඉහ වහා ගිය යහ පාලකයෝ වගේම ඔවුන්ගේ ප්‍රතිචාර දාන නිවට අයත් එතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට පහත් ලෙස කටයුතු කරයි. (නදී)
අපිට හිට්ලර්ගේ වාහනය සුදු වෑන් එකක් වගේ එකක් කියලා නම් යාන්තම් මතකයි (නි)
2009 දී කොටින්ව පරාජය කොට සැම කෙනෙකුටම අභය දානය ලබා දීපු එකද මෙතුමා කල වැරැද්ද.? (නදී)
දැන් ඔය හිට්ලර්ගේ පොලිසියේ ඉන්නෙත් ඔබතුමන්ලා යටතේ පත්වීම් උසස්වීම් ගත් උදවිය නේද? පරිපාලනය හිට්ලර්ට ආදේශ කරන්න කලින් කොහෙද වැරැද්ද කියලා සොයලා බලන්න. (නි)
මේ නිවේදනයේ කියවෙන මගඩිය යන්න කුමක්දැයි වියතුන් විසින් පැහැදිලි කර දෙන්න. මෙය හිටපු රාජ්‍ය නායකයෙක්ගේ ලියන භාෂාවේ මම දැක්කාමයි
අපි හොඳට දැක්කා විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම. ඒවා වුණේ ඔබතුමාලා බලයේ ඉන්න කාලයේ. ඒ නිසා ඒවා මට අදාළ නැහැ කියලා අත පිහදාගන්න බැහැ. දැන් මොන න්‍යාය ගෙනාවත් අපිට අතීතය අමතක නැහැ. (නි)
ඔය කිසි දේශපාලකයෙක් මම නම් විශ්වාස කරන්නේ නැහැ.දේශපාලකයෝ කියන්නේ මහා ලජ්ජානැති ජාතියක්.හැමදෙනාම වගේ කරන්නේ වැරදි වැඩ. නමුත් තේරෙන්නේ නැහැ. පෙනෙන්නේ විරුද්ධ පක්ෂයට විතරයි. මේවට වැරදි අපිම තමයි.මගේ වයස 65යි. මම නම් එක ඡන්දයක් දීලා නැහැ.ඡන්දය දාන්න යන එකත් කාලය නාස්ති කිරීමක්. (නි)
මට නම් හිනාව නවත්තගන්න බැහැ...(නදී)
මෙතන තියෙන්නේ කුහකකම. දේශපාලන තරඟයක් නෙමෙයි. රනිල් පැවතෙන්නේ උගත් ප්‍රභූ පවුලකින්. උගත්. පිළිගැනීමක් තිබෙනවා. ගරුකටයුතු පවුල් ඉතිහාසයක් තිබෙනවා. අපිට නම් පෙනෙන්නේ ඔන්න ඕක තමයි (නි)
රනිල්ට ගෙදර ගියත් ප්‍රශ්නයක් නැහැ. නියමිත විදියට විභාග පාස්කරලා ගත් නීතිවේදී උගත්කමක් තිබෙනවා. ඒකෙන් රැකියාවක් කරලා ජීවත්වෙන්න පුළුවන්. (නි)
අපි දකුණු පළාතේ උදවිය. ඔය ජුලම්පිටියේ අමරේ කියන්නේ කවුද කියලා ඒ පළාතේ මිනිසුන්ගෙන් අහන්න බමුණු මහත්තයෝ. ඒගොල්ලන්ට තමයි වෙනම " ඒරියා " එකක් ඒ දවස් වල ලැබිලා තිබුනේ. (නි)
මට මතක හැටියට ප්‍රකාශ් කියන්නෙත් හිටපු කොටි නායකයෙකුගේ නමක්.(නදී)
මමත් මොනවා හරි ලියන්න හිතුවේ. වැඩක් නැහැ මෙතුමාගේ මතය 99% අපේ මිතුරෝ ටික පරාද කරලා හමාරයි. මට කියන්න තියෙන්නේ අගමැති සිහිනෙට වෙන්නෙත් මේ ටිකම තමයි කියලයි (නදී)
මහින්ද මහත්තයව කොහොම හරි එලවගත්ත කට්ටිය ආර්ථිකය කඩා වැටිලා තමන්ගේ පොකට් එකට වදිනකොට ඔය උඩ ලියල තියන කතා කියන එකක් නැහැ. ගොනාට අන්දලා හොරා හොරා කියල කියන්නේ නැතුව එක හොරෙක්වත් ඇල්ලුවද කියන්න අපිට ? (නදී)
යුද්ධේ පවතින කාලයේ මැදමුලන රෙදි අපුල්ලපු කට්ටිය තමයි දැන් වීරයෝ වෙලා තියෙන්නේ. අනෙක් මිනිස්සු ද්‍රෝහියෝ. (නදී)
දැන් ඔය මාධ්‍ය නිවේදනය මුද්‍රණය කරලා ගිහිල්ලා කොටුවේ දුම්රියපළ ඉදිරිපිට බෙදලා දෙන්න. උදේ හවස වැඩට දුම්රියෙන් යන මිනිස්සු සීට් පිහිදාන්න අගේට පාවිච්චි කරාවි. (නි)
නිර්පාක්ෂික ජනපති නිර්පාක්ෂිකම වෙලා ජයග්‍රහණයේ පොරොන්දු ඉටුකරන්න හංසයා ලකුණින්ම මහා මැතිවරණයකට ජයග්‍රහණය පිළුණු වෙන්න කලින් ගියා නම් අද මේ රටේ රනිල් අගමැති වුණ ස්ථාවර ආණ්ඩුවක් බිහිවෙන්න තිබුන.දැන් සියලු අවස්ථා අවසන්.පළිගැනීම් වල ප්‍රමාණය අනුව සිදුවුණ සැබෑ විපක්ෂයේ බලවත්වීම දැන් වළක්වන්න බැහැ.අතට ගත්ත දේ කටට දාගන්න මෙදා පාරත් රනිල් මහත්තයාට නොලැබෙයිද දන්නෙ නැහැ. (නි)
එතකොට තිබුනේ 'බැන්ඩිට් කිංග්' ආණ්ඩුවක්ද? (නි)
තිබුනා, තිබුනා එහෙම එකක් ජනවාරි 8 ට කලින් (නදී)
පපුවලට තට්ටු කර අහන්න කාගේ පාලන කාලයේද හිට්ලර් පාලනය තිබුනේ කියලා (කේ)
රට බේරා ගත්ත නිසා ජනවරමක් දුන්නනේ. මැරෙනකන් හැම දෙයකටම එහෙයි කියමින් කඹුරන්න ප්‍රකාශ් පොරොන්දු දුන්නාට අපිට කරන්න දෙයක් නැහැ. (නදී)
කක්කුට්ටගේ කතාව මතක් උනා. (නදී)
අපිට නම් විශ්වාසය නැතිවුණේ අර කොටි තුන් කට්ටුව තනතුරු දීලා කිට්ටු කරගත් දවසේ. (නි)
අන්න මැදමුලන රෙදිඅපුල්ලන පුරප්පාඩුවක් ඇවිත්. ප්‍රකාශ් ඇප්ලයි කලොත් නරකද ? (නදී)
ජාත්‍යන්තර විහිළු සපයන්න එපා.දේශපාලන විද්‍යාවේ මුලික කරුණු ටික අපි ඒ කාලයේ හොඳට දැනගත්තා. දැන් අමුතුවෙන් මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ මොකටද? (නි)
අනේ බයිලා කියන්නේ නැතුව ඉන්නවද.(නදී)
කාටුන් චිත්‍රවලට ඇඳෙන ඉරිච්ච බැනියම හා සරමත් හොඳ වැඩි වගේ, ඇඳුම් නැතිවම හිටියනම් මිට වඩා හොඳට ගැලපෙනවා. ඔලුවට වෙඩි වැදුන හිටපු ඇමතියට වගේ මට මතක නැති ලෙඩේ හැදිලා වගේ.(නදී)
මෙතැන ඉන්නවා අර ත්‍රී ඊඩියට්ස් චිත්‍රපටියට හරියන චරිත තුනක්. එක්කෙනෙක් මේ දවස් වල නිවාඩු. අනෙක් දෙන්නා පණ යනකම් ලියනවා. ලිය ලියා නාගන්නවා. (නි)
විරුද්ධවාදී අපේකෂකයන්ගේ මැතිවරණ වේදිකා ගිනි තිබ්බේ , විදුලිය කැපුවේ, ශබ්ද විකාශන කම්බි කැපුවේ, මාධ්‍ය සාකච්ඡා කැපුවේ, අත් උදව්කාරයන්ට තඩි බෑවේ ඔය කියන න්‍යායට අනුව වෙන්න ඇති නේද? (නි)
කට වහගෙන ගියා නම් හොඳයි නේද? (නදී)
රයන් මහත්තය මලක්වත් පාවිච්චි කලාද?(නදී)
රුපියල් 1600 යේ සෙට් එක ෆෝම් වෙලා තියන තරම.. (නදී)
මේ විශ්වාස භංගයෙන් අගමැති පැරදුනොත් ඒක මහින්දට අවාසියක්. එ් නිසා එය පිටුපස ඔහු නැතී බව සිතාගන්න පුළුවන්. නමුත් අද දේශපාලන තත්වය සහ එල්ල කරන චෝදනා වලට පිළිතුරු ජනතාව හමුවේ තැබීම වැදගත්.(නදී)
යහපාලනයට ඡන්දය දුන් අය ගොඩක් දැන් දුක්වෙනවා. මහින්දගේ කාලේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. නොකැඩුණු දෙයක් හදන්න ගිහිල්ලා හොඳට තිබුන දේ කඩාගත්තා.(නි)
යහ පාලනයට පින් සිදු වන්න මෙතුමා මේ ආකාර මාධ්‍ය ප්‍රකාශන කර කර හරි අධි ආතතිය නැති කර ගනීවි. පොන්සේකා මහත්තය ඔහොම කිව්වේ හැබැයි හිර ගෙදර ඉඳල නඩුවට අරන් එනකොට.. (නදී)
මේ මාධ්‍ය නිවේදනය ලියලා දුන්නේ අට පාස් එක්කෙනාද මන්දා. කිසිම ලකයක් නැහැනේ. අවමංගල්‍ය ස්තුති නිවේදනයක් වාගේ. (නදී)
අනේ ජයා,කාටද ඔයතරම් දුක? ඔය වර්ණපාල තියරිය දාලා ඡන්දෙ දිනන්න බැරි බව තවම තේරිලා නැහැනේ (නි)
අපේ ගමේ කැලෑ පත්තර මිට කොලිටියට තියනවා. මේකත් මාධ්‍ය නිවේදනයක්ද ? (නදී)
හිට්ලර් ගුවන් විදුලියේ විනෝද සමය මතක් කරවන දේවලුත් කලාද දන්නේ නැහැ. (නදී)
මේක යකාගේ කතාවක්නේ මහජන මුදල් දේපල කාපු බව මේ රටේ ජනතාව ඇස්පනාපිටම එදා දැක්ක ඒවා නැහැ කියලද මෙයා මේ කියන්නේ. එතකොට කොළඹ ගාලු පාර වහල වැලි කොට්ට දෙපැත්තට අහුරලා හමුදාව දමල පුතාල කාර් රේස් ගියේ නැතිද ? එ් මහජන දේපල නොවේද හිතු මතේට කාබාසිනියා කරේ රට වටේම ජනාදිපති මන්දීර ඒවගේ නිරුවත් ගණිකාවෝ ගෙනත් දාපු පාටි මේවා බොරුද ? සුදුවෑන් වලින් පැහැරගෙන ගිහින් මරා දැමුවේ මේ රටේ මිනිස්සු නොවේද විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ව මරා ඇක්සිඩන්ට් උනා කියල ලයිට් කණු ළඟ ගෙනත් දාල ගියේ අපිද ? (නදී)
මෙතන අදහස් සහ පේස් බුක් අදහස් බැලුවම අගමැති සිහිනය බොඳ වෙයි වගේ. (නදී)
ඔළුවට වෙඩි වැදුන කෙනාටත් මෙයාටත් වැඩිය මොළේ තියෙනවා (නදී)
රේණුකා, 2009 කොටි පරද්දපු එක වැරදියි කියල කව්ද මෙතන කියන්නේ ? ඔක්කොම කියන්නේ හොරු වංචාකාරයෝ ආරක්ෂා කරපු එක වැරදි කියල නේද ? අනේ මන්දා නොතේරුම් කමද එහෙම නැත්නම් මෝඩ කමද කියලා (නදී)
ඔබතුමා යුද්ධය කරා කිව්වට මේ කියන කතා වලින්ම අපිට පේනවා ෆිල්ඩ් මාර්ෂල් නොහිටින්න ඔබට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ කියලා දේශපාලන උගුල් අටවනවා හැර. දැන්වත් පාඩමක් ඉගෙනගෙන පාඩුවේ ඉන්න බලන්න තවත් සවුත්තු වෙන්නේ නැතිව. රටේ රුපවාහිනිය සේවකන්ගේ හු පාලනයට ගත්තු වෙලාවේ ඔබගේ ඇමතියෝ හැසිරුනේ හිට්ලර්ගේ බැලයන්ට වඩා අන්ත විදිහට. අපේ වර්තමාන ජනධිපති තුමාගේ නිහතිමනි කමවත් ආදර්ශයට ගන්නවා නම් ඉතිරි කාළේවත් මැදමුලන ඉන්න පුළුවන් වැලිකඩ නොයිද ? (නදී)
ඔෂිනී, ගමේ පොඩ්ඩක් ඇවිදලා බලන්න (නදී)
මට හිතනවා හිටපු ජනපතිගේ ප්‍රකාශය ගැන අව්‍යාජ ජනමතයක් යම් ආකාරයකට මේ කොමෙන්ට්ස් වල තියෙනවා. (නදී)
මෙහි ප්‍රතිචාර දක්වා ඇති පිරිස කෘර කොටි ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරද්දී හිටියේ කොටින්ට සුදු හුණු ගාමින්ය. එම පිරිස මහින්ද මහත්මාට අදත් විරෝධය පානවා. ගුණමකු කම ඉහ වහා ගිය යහ පාලකයෝ වගේම ඔවුන්ගේ ප්‍රතිචාර දාන නිවට අයත් එතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමට පහත් ලෙස කටයුතු කරයි. (නදී)
මහින්දට පක්ෂව දාන ප්‍රතිචාර ඇයි පල නොකරන්නේ ඔබ තුමාට ජය වේවා
හැමතැනටම කොටි ගාවා ගන්න ගිහින් තමයි අර යසට තිබුන මනාප ටික නැති කර ගත්තේ (නදී)
ඔය කියන ගොබෙල්ස් න්‍යාය හොඳටම ක්‍රියාත්මක වුනේ ප්‍රභූ පුතෙක් ක්‍රීඩා විනිසුරුවෙකුට පහර දෙද්දී පොලිසිය බවලතෙක් වගේ ඇඹරි ඇඹරි අහක බලන් ඉඳපු දවසේ මම හිතන්නේ. (නදී)
පල කරන්න අදහස් වැටෙන්න එපායැ. (නදී)
කුලියට ලියන වැඩේ ගැස්සිලා නේද ? ප්‍රකාශ් නොහොත් සරත් ! මොකද මේ අරෙහෙන් ලියලා දුන්න ටික දෙන්නටම එකද? (නදී)
ලලිත් කියල ලියන්නේ කවුද ? මොන වගේද කියන වග බුද්ධිමතුන්ට තේරුම් ගන්න පුළුවන් කොටින් එක්ක ලැග්ග මිනිසුන්ට මේ රටට ද්‍රෝහී වීම පුදුමයක් නොවේ. ඒ වගේම රට විනාශ කරන්න කොටි සමග ගිවිසුම් ගහපු අය රට නිදහස් කරදුන් මහින්ද මහත්මා දඩයම් කිරීම සඳහා ක්‍රියා කරද්දී හසිත් වැනි අය ඒ වෙනුවෙන් කඩේ යාම, පැරදී පැරදී හිටපු මැතිවරණයක් නැතිවම අගමැති කම උදුරා ගත් අයට කඹුරනවාද, මොකක්ද ඒකට කියන්නේ.නැත්නම් පොරොන්දුකාරයකට අත්සන් කර සිටිනවාද? (නදී)
සුළුතර රජයකින් බහුතරයේ වැරදි හොයා හොයා පලි ගන්න යාම අනතුරු සහිතයි කියන එක නොවහැටෙන්න තරමට දේශපාලනේ පරිනත යයි කියා ගන්න මොවුන් අනුවන වීම ඇත්තටම විශ්වාස කරන්නත් අසීරුයි. තමන්ට බහුතරය ලැබුණු දිනක පලි ගැනීම් කරගන්න ඉඩ තියාගෙන මුලින්ම බහුතරය දිනාගැනීමේ වැඩපිළිවෙලකට ජයග්‍රහණයත් එක්ක අඩි තාලම දැම්මනම් අද මේ රටේ දේශපාලනය මෙහෙම අච්චාරුවක් වෙන්නේ නැහැ. (නදී)
කසුන් ඔබ රෙදි අඳින්නේ නැති උදවියව අපුල්ලන්න ගියාට මම මේ රටට ආදරෙයි. ඒකයි සිදු වෙමින් පවතින දේ තේරුම් ගෙන මම කතා කරන්නේ. ඔබට හැමදාම ඔය රට පාවා දෙන්න අපුල්ලමින් තමයි ඉන්න වෙන්නේ. (නදී)
ඔය ගණන් හිලව්හරියට බලලා නේද ලිව්වේ. අර ආර්ථික ඝාතකයා හරි දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියපු ගෝලයන් එහෙම නෙවෙයිනේ ඔය දත්ත ටික දුන්නේ. (නදී)
මේ ගොඩක් පිරිසකට අතීතය මතක නැහැ. ෆොන්සේකා හමුදාවේ ගොඩක් කල් හිටියා. රනිල් 2 අගමැති පස්සේ තමයි මහින්ද ජනපති වෙන්නේ. ප්‍රබාකරන් මරනතුරු යුද්දය නවත්තන්නේ නෑ කියල, දේසපාලන,තීන්දුව තමයි වඩා වැදගත් බව දන්නෝ දනිති (නදී)
දැන් එතකොට ප්‍රකාශ් ලගින තැන තමයි මෙතන ලියන ඔක්කොම ලගින්න ඕන. (නදී)
අපි මැරිලා ඉපදුනේ නැහැ (නදී)
ප්‍රකාශ් මේක ඔබේ පුද්ගලික අදහස් තීරයක් නෙවෙයි. එම නිසා ඔබේ දේශපාලන දැක්මට විරුද්ධව යමෙක් ලියන එක නවත්වන්න ඔබට බැහැ. (නදී)
උතුරේ ඉඩම් බලහත් කාරයෙන් අල්ල ගන්න හොඳයි. අල්ල ගත්තු ඉඩම් වල හෝටල් හදන්න හොඳයි. රත්තරන් ටිකත් හොරා කන්න හොඳයි. (නදී)
සුදෙල්මි ඇත්ත කියල තියෙනවා. ෆීල්ඩ් මාෂල් මහත්තය එයාම හමුදාපති වෙලා එයාම මුදල් අවි ආයුධ හොයාගෙන ගෙදරින් මිනිස්සු ගෙනත් උඩින් යටින් දියෙන් තුනෙන්ම ජාත්‍යන්තරයත් කළමනාකරණය කරගෙන ගහපු ගැහිල්ලෙන් තමයි අපි මේ යුද්ධේ දිනුවේ..අවුලක් නැහැ.. යුධ අපරාධ චෝදනා වලින් මහින්ද මහත්තයයි ගොටාබය මහත්තයයි නිකන්ම නිදහස්..ඔබතුමා ස්කොලේ ගිහින් තියෙනවද ඇත්තටම...මන් හිතන්නේ ඔබතුමාට හමුදාවවයි ගැලවීමේ හමුදාවයි දෙක මාරු වෙලා. (නදී)
ප්‍රකාශ් ඔයා කැමති කඩයකට ඔයා යන්න. (නදී)
පිරිසිදු වතුර ඉල්ලපු අසරණ වැලිවේරියේ මිනිසුන්ට "පට පට "ගාල වෙඩි තියල අසරණ ජිවිත කීයක් බිලි ගත්තද? ඒ මිනිස් සංහාරය සහිත වීඩියෝව "යු ටියුබ්" එකේ තිබෙනවා බලන්න. (නදී)
ඔබතුමා කියන්න අපි මැරිලා ඉපදිලාද ඔබතුමා මැරිලා ඉපදිලාද ? යුද ජයග්‍රහණයේ ගෞරවය නැති කර ගත්තේ ඔබතුමාමයි. ඔබතුමාට එපා වුනු ගෞරවයක් දැන් අපෙන් ඉල්ලන්නේ ඇයි ?(නදී)
ප්‍රකාශ් දැන් කොහොමත් මෙතුමාට ඉතිරි වෙලා ඉන්නේ ඔයා වගේ මුලග්ගාය උත්සන්න වුන කට්ටිය විතරක් බව පේනවා. (නදී)
අපි මැරිලා ඉපදිලා නැහැ සර්. අපිට හොදට මතකයි ඔබතුමාගේ කාලෙ පොලිසිය හසුරුවපු විදිහ. (නදී)
පාතාල නායකයන් එක්ක ලැග්ග එකත් කොටි එක්ක ලැග්ගාට සමානයි ප්‍රකාශ්. (නදී)
මම කිව්වේ වැරදි කරපු කාටවත් තමන්ගේ හදවතට බොරු කරන්න බැරි බවයි. (ස)
ඔය තුෂාර කියන පුද්ගලයාගේ ප්‍රතිචාරය නිවට ක්‍රියාවක් බව ඔහුම දන්නවා හරියට ඔබලාගේ යහපාලකයින් කරන කුමන්ත්‍රණ වගේමයි. (නදී)
ඉස්සර ලංකාවට යන්න කියල ගුවන්පත අතට ගන්නකොට හිතට පුදුම බියක් දැනෙනවා.කාගෙන්,කොහොම,කොයි වෙලේ කන්න වේවිද කියල?(ම)
මෙතුමා මේ ළගදි කිව්වා නේද ? (නදී)
මෑත කාලේදී බිහිවුණ ඒකාධිපති ලිබියාවේ ගඩාෆි තව හොදයි.අපේ හිට්ලර් ගැන ලියන්න පුළුවන් පන්සීය පනස් ජාතකයක්.(ම)
මේ වගේ නියම සිංහලයෙක් නැති කරගත්ත මෝඩ මිනිස්සු. කෝ රටේ සංවර්දනය? ඔක්කොම ෆිනිෂ් දැන්, නටපල්ලා සුද්දගේ පදේට. (නදී)
මෙතුමා කිව්වා නේද මෙතුමාගේ කාලේ හොරු මංකොල්ලකාරයෝ , දුෂකයෝ කුපාඩි කාරයෝ ආරක්ෂා කරා දඩුවම් කරේ නැහැ කියලා උඩ අය කිව්වා වගේ මෙතුමාගේ මතකය හොදටම අවුල් වගේ. ඔබ තුමා ඒවා හරියට කරා නම් දැන් මෙහෙම අඬන් නැතුව ඉන්න තිබුණා. ගිය නුවන අායෙත් අදින්න බෑ කියනවනේ. ඒ හින්ද ඔබ තුමා සද්ද නැතුව හිටියොත් තමා හොඳ (නදී)
මගෙ කොල්ලො ටික වැඩෙ නියමෙට ගෙනියනවා.(ම)
මේ ලිපිය ඉදිරියෙන්ම තියන්න.තවත් රටේ කප්පන් ගෙවන/වහල් මිනිසුන්ගේ අදහස් දැන ගන්න පුළුවනි.(ම)
කලින් නගපු චෝදනා වලටත් මේ වගේ උත්තර දෙන්න තිබ්බනේ අඩු ගානේ? ඇයි දැන් මේ චෝදනාවට විතරක් මෙහෙම උත්තර දෙන්නේ? අනික් චෝදනා වලට දෙන්නේ උත්තර නැහැ කියලද අපි හිතන්න ඕනේ එතකොට? (ම)