මැගී නූඩ්ල්ස්වල මොනෝසෝඩියම්ග්ලූටොනමේට් නම් රසකාරකය අධික ලෙස ඇත්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පියවර ගනී.
අනුමත් ප්‍රමාණයට වඩා ඉන්දියාවේ එම නූඩ්ල්ස්වල ඊයම් හත් ගුණයකින් තිබුණූ බව ඉන්දියා රජය සොයාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවද පරීක්ෂණ ඇරඹූ බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පවසන්නීය.
වෙළඳපොළෙන් ගත් විවිධ සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට හා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත. එම වාර්තා ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව අධිකාරියේ සභාපති රුමී මර්ෂුක් මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලක, පරිපාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.තිලකරත්න මහතා පවසනුයේ අනුමත ඊයම් ප්‍රමාණය මිලියනයකට කොටස් 0.11 සිට 2.5 දක්වා වේ. එම්.එස්.ජී ලෙසද හැඳින්වෙන මෙම රසකාරකයෙන් ඉරුවාරදය, ඔක්කාරය, ඇඟේ පළු මතුවීම පමණක් නොව හදවතටද හානි කළ හැකිය.
මැගී නූඩ්ල්ස් නිපදවන නෙස්ලේ සමාගම පවසනුයේ තම නිෂ්පාදනයන්හි තත්ත්වය හා ආරක්ෂාවට හැමවිටම ප්‍රමුඛස්ථානය දෙන බවයි. පන්නල හා කුරුණෑගල කම්හල්වල මැගී නූඩ්ල්ස් නිෂ්පාදනය කරන බවත් ශ්‍රී ලංකාවේ ආහාර නීති හා රෙගුලාසි පිළිපදින බවත් සමාගම කියයි.
නියමිත පර්යේෂණ පැවැත්වෙන බවද ඒ හැම පර්යේෂණයකදීම තම නිෂ්පාදනයේ ආරක්ෂාව ඇති බව සහතික කරන බවද සමාගම කියයි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මැගි නූඩ්ල්ස් වල එම්.එස්.ජී රසායනය අනුමත ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබූ බව ඉන්දියාව කියයි. ඉන්දියා ආහාර හා ඖෂධ අධිකාරිය පවසනුයේ තමන් පරීක්ෂා කළ සියලු සාම්පල බාල මට්ටමේ තිබූ බවයි. එවැනි නිෂ්පාදන අලෙවියද තහනම් කළ හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ එහෙම කළත් මෙහෙ එහෙම කරන්නේ නැතිලු.පුදුමයි. (නි)
නිෂාද්, එහෙම තමයි බොහෝවිට පරීක්ෂණ කරන්න වෙන්නේ. ඉන්දියාව, වෙනත් රටක් හෝ ලංකාවෙන්ම ලැබෙන ඉඟියකින්. දියුණු රටවල වෙනස නීති තද නිසා නිෂ්පාදකයන් ඒවාට අනුව හදනවා. අපි දැන්වත් හරියට කරමු.(ම)
අපිනං ඔව්වා දරුවෙකුටවත් කන්ට දෙන්නේ නෑ. මේ වගේ කෑම ජාති ගැන රුවාහිනියේ පෙන්නන්ට කලින් මහජනයාට හානිදායක නැහැ කියලා සහතිකයක්වත් ඉදිරිපත් කරන්ට කටයුතු කෙරුවා නම් හොඳයි නේද.? (ම)
පුදුම පාරිභෝගික අධිකාරියක්නේ. ඉන්දියානු රජය එය සොයා ගත්තේ නැතිනම් මොකක්ද තත්වය ? අපේ රටේ අය වැඩ කරන්නේ වෙන රටවල දෙන සහතික උඩද. ? ඇයි අපේ අධිකාරිය මගින් වෙනම පරීක්ෂණයක් කරන්නෙම නැතිද ? (ම)