ශ්රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළුතර හෙද විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසීය.
හෙද හෙදියන් පුහුණු කිරීමට කොළඹ හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලට අනුබද්ධ වෙනම පීඨයක් පිහිටුවීමට ජනපති සමග සාකච්ඡාකර තීන්දුවක් ගත් බවත් සියලු පහසුකම් සහිතව ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් පිහිටුවීම තම බලාපොරොත්තුව බවත් ඔහු කීවේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලකසිරි ගම්ලත්, හෙද අධ්‍යක්ෂිකා එස්.සිරිවර්ධන, කළුතර හෙද විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.කීර්තිරත්න යන මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියයුතුව තිබුණු හොඳ දෙයක්. ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා නම් වඩා හොඳයි. (නි)
කටින් බතල කොළ හිටවනවාට නම් ඔන්න අපි කැමති නැහැ (නි)
ඊළඟ ඡන්දය එනතුරු කිය කියා ඉදීවිද දන්නෙ නැහැ. කෙරෙයි කියා විශ්වාස කරන්නේ නම් නැහැ. මොකද මීට පෙරත් හෙදි උපාධියක් ගැන කියපු අය හිටියා. ඒත් කෙරුනේ නැහැ. (නි)
තව ඉතින් බලාපොරොත්තු වෙනවා විතරයිනේ ඇමතිතුමෝ? ඒ බලාපොරොත්තුව වුණත් අපට සතුටක්. යුද්ධය අවසන් වුණ වහාම රටේ සල්ලි කාබාසිනියා කර නොදමා ඕක කළා නම් මෙලහකට අපේ හෙදියන් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ රෝහල්වල තරු පහේ වැටුප් ලබමින් එයින් කොටසක් ලංකාවේ නෑදෑයින්ට එවනවා. (නි)
හොදයි. (ර)