IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාවටත් ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළුතර හෙද විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසීය.

හෙද හෙදියන් පුහුණු කිරීමට කොළඹ හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලට අනුබද්ධ වෙනම පීඨයක් පිහිටුවීමට ජනපති සමග සාකච්ඡාකර තීන්දුවක් ගත් බවත් සියලු පහසුකම් සහිතව ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් පිහිටුවීම තම බලාපොරොත්තුව බවත් ඔහු කීවේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලකසිරි ගම්ලත්, හෙද අධ්‍යක්ෂිකා එස්.සිරිවර්ධන, කළුතර හෙද විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.කීර්තිරත්න යන මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (0)

ලංකාවටත් ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක්

බුද්ධි Wednesday, 17 June 2015 12:20 PM

වියයුතුව තිබුණු හොඳ දෙයක්. ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා නම් වඩා හොඳයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 17 June 2015 02:08 PM

කටින් බතල කොළ හිටවනවාට නම් ඔන්න අපි කැමති නැහැ (නි)

:       0       0

සෙනරත් Wednesday, 17 June 2015 02:52 PM

ඊළඟ ඡන්දය එනතුරු කිය කියා ඉදීවිද දන්නෙ නැහැ. කෙරෙයි කියා විශ්වාස කරන්නේ නම් නැහැ. මොකද මීට පෙරත් හෙදි උපාධියක් ගැන කියපු අය හිටියා. ඒත් කෙරුනේ නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 17 June 2015 10:22 PM

තව ඉතින් බලාපොරොත්තු වෙනවා විතරයිනේ ඇමතිතුමෝ? ඒ බලාපොරොත්තුව වුණත් අපට සතුටක්. යුද්ධය අවසන් වුණ වහාම රටේ සල්ලි කාබාසිනියා කර නොදමා ඕක කළා නම් මෙලහකට අපේ හෙදියන් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ රෝහල්වල තරු පහේ වැටුප් ලබමින් එයින් කොටසක් ලංකාවේ නෑදෑයින්ට එවනවා. (නි)

:       0       0

සුමිත් Wednesday, 17 June 2015 10:36 AM

හොදයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site