ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ කෙරෙන විවිධාකාර වැරදි ප්‍රචාරයන් නිවැරදි කිරීම තම දෙටු පුත් රනිල්ගේ උත්සාහය බව නලින් ජයවර්ධන එසැණ සමග පැවසීය.
ලන්ඩන් කන්සෙකටිවු පක්ෂයෙන් තරගකොට බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ඊසාන දිග හැම්ප්ෂයර් ආසනයේ මන්ත්‍රී වූ රනිල් ජයවර්ධන ඔහුගේ පවුලේ සාමාජිකයන්ද සමග බුද්ධ ශාසන ඇමැති හා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී මුණ ගැසී සාකච්ඡා කළේය.
ජයසූරිය මහතා සහ ඔහුගේ බිරියට ඒ අවස්ථාව ලැබුණේ වැඩ බලන මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා විසින් පැවැත්වුණු දිවා භෝජන සංග්‍රහයේදීය.
රනිල් ජයවර්ධනගේ පියා නලින් ජයවර්ධන කරු ජයසූරිය හමුවිය. ජයවර්ධන මන්ත්‍රී සමග ජයසූරිය ඇමැති ලංකාවේ දේශපාලන වටපිටාව ගැන කථාබහ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වෙනුවෙන් අපි (ම)
හිටපු ජනාධිපතිටත් වෙලාවක් දුන්න නම් එයාටත් ලකුණු ටිකක් රැස් කර ගන්න තිබ්බා.(ම)
අපිට නෑ වෙන්නම මඩ ගහපු කාලේ තමයි එන්න තිබුනේ!(නදී)