කොටි ත්‍රස්තවාදය පැරැදැවූ 2009 යුද්ධය නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික, සමාජ පුනරුත්ථාපන, ප්‍රති සංස්කරණ හා සංහිඳියා ප්‍රවර්ධනය ගැන බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී එංගලන්ත සංචාරක කවය ඇමැතූ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පැවැසුයේ ‘ශ්‍රී ලංකාවට ගිහින් බලන්න‘ යනුවෙනි. ඔහු එහි දී රජ පවුලේ සාමාජිකයන්, සාමිවරුන් හා මන්ත්‍රීන් ඇතුළු ප්‍රභූන් ඇමැතීය. පශ්චාත් යුද සමයේ සංවර්ධනයෙන් සංචාරක කර්මාන්තය දියුණු වී ඇතැයි ද ඔහු කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී තාවකාලිකව නෙමෙයි සදාකාලිකවම එන්න පුළුවං.. ලංකාවටත් අහිංසක මනුශ්වයන්ටත් මං හැමදාම ආදරෙයි..!!(නු)
සුදුමහත්තුරුනට පෙන්නන්න කියන දේවල්ද ඇත්තට සිද්ධ වෙන්නෙ..!!(නු)
නමුත් මේක අපේ රට...(ස)
ලෝකයේ ඕනම රටක සිවිල් නීතිය කඩවන සිද්ධීනි සිදු වෙනවා. ඒකට වත්මන් රජයට විතරක් ඇගිල්ල දික්කරලා හරියන්නේ නැහැ. (නි)
එන්ගලන්තයේ සංචාරකයන්ට ලංකාව ගැන අනතුරු ඇගෙවුවා කියලා පුවතකුත් අසන්න ලැබෙනවා නේද? (නි)
"කන්දක් නැග්ගහම පල්ලමක් තියෙනවා" කියන්න වගේ මේ තත්ත්වයේ යම් වෙනස්වීමක් සිද්ධ වෙන්න දැන් කාලය පැමිණිලයි තියෙන්නේ. (නි)
අපේ රටේ අපිට ආර්ථික ප්‍රශ්න නැතුවා නොවෙයි. බ්‍රිතාන්‍ය ප්‍රමුක බටහිර රටවල් අපිට ඇගිල්ල දිගුකරන්නෙ අපි යුද්ධය ජයග්‍රහනය කල ආකාරය සහ දැනට අපේ රටේ පවතින තත්වය අයහපත් ලෙස දැක්වීමටයි. ඔවුන්ගෙ රටෙන් එන සංචාරකයන්ට ඒ ගැන සැලකිලිමත් වන්න යන ප්‍රකාශයෙන්ද ඒ බව සනාථ වනවා නේද. අපේ රටේ අය මේ ගැන අදහස් දැක්වීමේදී මේවා ගැන හරිහැටි අවබොධයෙන් යුතුව අදහස් දක්වනවානම් නේද හොද.(ස)
සෙමින් සෙමින් එන්න බලන්න නොසැළී.... (නි)
ලංකාවේ ආර්ථිකයටද මෙයින් රුකුලක් ලැබේ. ඉතා හොඳයි. (නි)
සුද්දන්ට ඕනෑ අපේ රටට ඇවිත් සුන්දර මතකයන් අරගෙන යන්න විතරයි. ඇයි මේ අය අපේ රට මෙහෙම බාල්දු කරලා කතා කරන්නේ? (නි)
ලංකාව හොද රටක්.. එත් එහි වෙන දේ හරිම කැතයි..!!(නු)
ලංකාවෙ වෙන දේවල් නම් ඉතාම කැතයි..!!(නු)
එන්න නංගි එන්න මල්ලි...!!(නු)
ඉරිදට ගිහිං බලන්න....!!(නු)
බොහොම හොද දෙයක් (නි)
අපි හැමෝම මධ්‍යස්ථව අදහස් දක්වනවනම් හොඳයි..(ස)
අභය ඔයාගේ කතාවට මම එකඟයි. ඒත් සංසන්දනය කරන්නකෝ ලැබෙන වැටුපත් එක්ක. ලොකු වෙනසක් නේද? (අ)
දැං කොහොමද ඩෙංගු, බඩුමිල, විදුලිය, ජන දිවිය...?(නු)
එතකොට ඇයි මේ නවතම වාර්තා වලින් පවසන්නේ ලංකාවේ අනතුරු වලින් බ්‍රිතාන්‍යයන්ට ප්‍රවේශම් වෙන්න කිවුවයි කියලා ? (නි)
ක්‍රෙඩිට් කාඩ් හොරු, ස්ත්‍රී දූෂකයන් සහ රිය අනතුරු වලින් බ්‍රිතාන්‍යයන්ට ප්‍රවේශම් වෙන්න කියලා කිවුවේ මොකටද එහෙනම්? බොරුවටද? (නි)
ක්‍රෙඩිට් කාඩ් හොරු, ස්ත්‍රී දූෂකයන් සහ රිය අනතුරු වලින් බ්‍රිතාන්‍යයන්ට ප්‍රවේශම් වෙන්න කියලා කිවුව කතාව බොරුවක්ද එතකොට? (නි)
ලංකාව අපරාධ සහ රිය අනතුරු වැඩි රටක් කියලා බ්‍රිතාන්‍යය ඊයේ පෙරේදා කිවුවා නේද? (නි)
අභය, පිටරටවල බඩු ගණන් වගේම පඩිත් වැඩියි. ප්‍රමිතියත් උසස්. ඒකයි වෙනස. (නි)
අපිට කොළේ වහන්න හැදුවට වැඩක් නැහැ. අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා. (නි)
බඩු මිළ වැඩිවීම විදේශිකයන්ට ප්‍රශ්නයක් නොවේ. නමුත් අපරාධ, රිය අනතුරු, ක්‍රෙඩිට් කාඩ් හොරු, ස්ත්‍රී දූෂණ නිසා ලංකාව අවදානම් රටක් කියලා ඇමරිකාවෙන් කිවුවා කියලා අන්තර්ජාලයේ තියෙනවා. (නි)
අභය කොයි රටේද ඉන්නේ? වාසයට හොදම රටවල් ලැයිස්තුවක් වසරක් පාසා අන්තර්ජාලයේ පළ වෙනවා. මෙවර එහි පළමු තැන නවසීලන්තය. ලංකාව ගැන කියනවා නම් ඉතිං? (නි)
එතකොට ලංකාව සංචාරකයන්ට අවදානම් කලාපයක් කියලා ඇමරිකාවෙන් අනතුරු ඇගෙවුවේ බොරුවටද? (නි)
අභය හරි, මම එයාගේ කතාවට එකඟයි..(ස)
හෝටල් කරුවන්ට අහුවෙලා මැරෙන්න බලාගෙන එන්න කියලා තමයි කියන්න වෙන්නේ..(ස)
අභය හරි. ඒ වුණත් සවුදියේ පාන්පිටි කිලෝවක් රියල් භාගයයි. ඒ කියන්නේ රුපියල් 16යි. සවුදියටත් පිටි එන්නේ ඇමරිකාවෙන්. ඇයි එහෙනම් ලංකාවේ රුපියල් 30කටවත් දෙන්න බැරි? (නි)
එන්න බලන්න. පොඩි ළමයි දූෂණය කරන්නේ අපේ ලංකාවේ. පල්ලි, කෝවිල් කඩන්නෙත් අපේ ලංකාවේ. තව හුගක් දේවල් වෙනවා අපේ ලංකාවේ. (නි)
අන්න හරි
අන්තර්ජාලයෙන් වැඩි විස්තර සොයාගතහැක ...(ස)
එන්න එන්න. ඇවිත් බලන්න. බලලම තීරණය කරන්න. (නි)
නයනා බණ්ඩාර දිසානායක , මේවා සංචාරකයන්ට අදාල දේවල් නෙමෙයි .මාතෘකාවට අදාලව අදහස් පල කරන්න.අපේ බඩු මිල එගොල්ලොන්ට එච්චර දේවල් නෙමේ.ඩෙංගු තියනවා තමයි හැබැයි එක බලපාන්නේ අපිට ඒගොල්ලන්ට වඩා.(ස)
ඔවු ඔවු. එන්න එන්න. ඇවිල්ලම බලන්න. බඩු ලාභයි, හොරකම් නැහැ, දූෂණ නැහැ, වංචා නැහැ, මිනී මැරුම් ඇත්තෙම නැහැ. ඔක්කොම බොහොම හොදට තියෙනවා. ඇවිල්ලම බලන්න. (නි)
හරියට හරි. ඇවිල්ලම බලන්න අපි ආසියාවේ ආශ්චර්ය බවට පත් වෙමින් ඉන්න හැටි. (ස)
ඇවිත් බලන්න බඩු මිල ඉහල යන හැටි.(ස)
ලංකාවට නම් සැරයක් නෙමෙයි දෙසැරයක්ම ගිහින් බැලුවා. හැබැයි ගිය පයින්ම ආපහු ආවා. (නි)
ඇවිත් මාසයක් විතර ඉඳල බලන්න කොහොමද රටේ සංවර්ධනය කියලා...(ස)
මදැයි ලංකාවට තියෙන එකම බලාපොරොත්තුව? (නි)
මධු , දැනට තාවකාලිකව ඉන්න රට හොද ඇතිනේ ඒකනේ ඔය තරම් ආඩම්බර.අනෙ අපට මොකෝ. ආයෙත් එනවා නම් ආයුබෝවන්.එන්නෙ නැතිනම් ස්තූතියි.(ස)
හිතට එන හැම දේම නොකියා මවුබිමට හානියක් නොවන දේවල් පමණක් කිවුවොත් නේද හොද? (නි)
ලෝකේ කොයි රටටත් වඩා ලංකාවෙ බඩු මිල තාම අඩුයි . ඒක හොඳට දන්නෙ රට හිටපු කෙනෙක්.ලංකාව කොයි තරම් හොඳ රටක් ද කියලත් තේරෙන්නෙ වෙන රටක ටික කලක් හරි ජීවත් උනහම තමයි.(ස)
එන්න, ඇවිත් බලන්න. හැබැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රිලා එක්ක නම් කොහේවත් යන්න එපා. (නි)
අනේ මගේ මේ ලස්සන රට ලෝකයෙන්ම ආදර්ශමත්ම රට වේවා! (නි)
අපි සිංහල, දෙමළ වශයෙන් බෙදුණත් අපි සියල්ලන්ම ලාංකිකයන් කියන එක අමතක කරන්න හොද නැහැ. (නි)
ඔවු ඇවිල්ලා බලන්නකෝ අපේ දේශපාලුවෝ මේ රට හූරගෙන කන ලස්සන. (නි)
අනේ එන්න. ඇවිත් බලන්නකෝ, මෙහේ අය කාගන්න හැටි. (නි)