සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.
නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති ප්‍රකාශ කළේය.
ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.
‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්‍රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘
නව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ.
ඡායාරූප - සිරස ටී.වී අනුග්‍රහයෙනි
ඡායාරූප - සමන් විජයබණ්ඩාර









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතින් කළ වටිනා කතාවක්. (නි)
ලංකාදීප පුවත් වලට වැටුන රසබර කොමෙන්ට් වල අඩුවක් ඇත. (නදී)
ආගමික, ජාතිය සමගිය අලුයට ගිනි වගේ බව අමතක කරන්න එපා (නදී)
රට නැවතත් නිවැරදි මාවතට ගත් නව ජනපති අගමැති දෙපලට ස්තුතියි. ඉක්මනින්ම ස්වාදීන කොමිසන් සබා පිහිටුවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට සාධාරණ ක්‍රමයක් ඇතිකරන්න. ඔබට ජය.! (ර)
කොන්ද පන තියාගෙන සේවාව කරන්න. දෙමළා වුනත් විරුවෙක්කුනම් ගරුකරන්න(හේ)
අපිටත් ඕනෑ මෙන්න මේ වගේ පාලනයක් තමයි (නි)
මෙවැනි සෙනඟක් දැකීම මට ඉතාම සතුටකි (නි)
දැන් ඔබවහන්සේගේ ජනපති තුමන් ඇතුළු පිරිස ඊළඟට මක්කයි කොරන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ. (අ)
ඔබ එසේ වියහැකියි. නමුත් ඔබ සමඟ සිටින සමහර පිරිස් ගැන අපේ නම් එච්චර ප්‍රසාදයක් නැහැ (නි)
ජන හදගැස්ම හඳුනාගත් වැදගත් නායකයින්ට අපේ රටේ ජනතාව පෙළගැහෙනවා. එය මේ මැතිවරණයෙන් මෛත්‍රී මැතිතුමා වටා එක්වීමෙන් මනාව පැහැදිලි වුණා. ජනතාව නියම සුදුස්සා තෝරාගෙන බලලෝභීන්ට නියම පිළිතුර දුන්නා. ඔබතුමාට සුභ පතමි. නව අගමැතිතුමා 09 වෙනිදා අලුයම් කාලයේ තම බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් අපේ රට විනාශයෙන් වැළකුණා. එතුමාගේ දූරදර්ශීභාවය නැවත ප්‍රදර්ශනය කළ වැදගත් අවස්ථාවක්. එතුමාට ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපේ රටේ ජනතා ප්‍රසාදය නිතැතින්ම හිමිවෙනවා. (නි)