සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.
නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති ප්‍රකාශ කළේය.
ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.
‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්‍රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘
නව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ.
ඡායාරූප - සිරස ටී.වී අනුග්‍රහයෙනි
ඡායාරූප - සමන් විජයබණ්ඩාර
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘
අජන්ත Monday, 12 January 2015 03:27 AM
හදවතින් කළ වටිනා කතාවක්. (නි)
සලිත ප්‍රසාද් Sunday, 11 January 2015 10:14 AM
ලංකාදීප පුවත් වලට වැටුන රසබර කොමෙන්ට් වල අඩුවක් ඇත. (නදී)
වසන්ත Sunday, 11 January 2015 11:13 AM
ආගමික, ජාතිය සමගිය අලුයට ගිනි වගේ බව අමතක කරන්න එපා (නදී)
අරවින්ද ගුනවර්ධන Monday, 12 January 2015 05:12 AM
රට නැවතත් නිවැරදි මාවතට ගත් නව ජනපති අගමැති දෙපලට ස්තුතියි. ඉක්මනින්ම ස්වාදීන කොමිසන් සබා පිහිටුවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට සාධාරණ ක්‍රමයක් ඇතිකරන්න. ඔබට ජය.! (ර)
මදුර Sunday, 11 January 2015 01:02 PM
කොන්ද පන තියාගෙන සේවාව කරන්න. දෙමළා වුනත් විරුවෙක්කුනම් ගරුකරන්න(හේ)
නීල් Sunday, 11 January 2015 01:14 PM
අපිටත් ඕනෑ මෙන්න මේ වගේ පාලනයක් තමයි (නි)
අමරසිංහ Sunday, 11 January 2015 02:09 PM
මෙවැනි සෙනඟක් දැකීම මට ඉතාම සතුටකි (නි)
කෙහල්ල Sunday, 11 January 2015 05:19 PM
දැන් ඔබවහන්සේගේ ජනපති තුමන් ඇතුළු පිරිස ඊළඟට මක්කයි කොරන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ. (අ)
ප්‍රනාන්දු Sunday, 11 January 2015 07:01 PM
ඔබ එසේ වියහැකියි. නමුත් ඔබ සමඟ සිටින සමහර පිරිස් ගැන අපේ නම් එච්චර ප්‍රසාදයක් නැහැ (නි)
අජිත් කරුණාරත්න Monday, 12 January 2015 02:02 AM
ජන හදගැස්ම හඳුනාගත් වැදගත් නායකයින්ට අපේ රටේ ජනතාව පෙළගැහෙනවා. එය මේ මැතිවරණයෙන් මෛත්‍රී මැතිතුමා වටා එක්වීමෙන් මනාව පැහැදිලි වුණා. ජනතාව නියම සුදුස්සා තෝරාගෙන බලලෝභීන්ට නියම පිළිතුර දුන්නා. ඔබතුමාට සුභ පතමි. නව අගමැතිතුමා 09 වෙනිදා අලුයම් කාලයේ තම බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමෙන් අපේ රට විනාශයෙන් වැළකුණා. එතුමාගේ දූරදර්ශීභාවය නැවත ප්‍රදර්ශනය කළ වැදගත් අවස්ථාවක්. එතුමාට ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපේ රටේ ජනතා ප්‍රසාදය නිතැතින්ම හිමිවෙනවා. (නි)