( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ වගවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවර්ධනය කළ හැකි වෙනත් ක‍්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළීබඳ මහ කොමසාරිස් සෙයිද් රාල් හුසේන් කුමරු පවසයි.
මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය ඇරඹීමට පෙර ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් නිකුත් කරමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටීයි.
සිය වාර්තාව නිකුත් කරමින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කර ඇත්තේ 2015 වසරේ ජනවාරි මස සිට මානව හිමිකම් යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය හා එක්ව වැඩකටයුතු කිරිම පිළිබඳ සිය කෘතඥතාව පල කරන බවයි.
එහෙත් ඇතැම් විශ්වාසය ගොඩනැගීමේ පියවරයන් ක‍්‍රියාත්මක කිරිමේදී පිහිටුවන ලද ව්‍යුහයන් ප‍්‍රමාණවත් නොවන බව ද ඔහු සඳහන් කළේය.තවද වරදකරුවන් දඬුවම් කිරීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කැමැත්තක් පෙන්වා නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.
වගවීම සහ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අඩු මට්ටමක පැවතීම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා අවධානය යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ වගවීමේ සහ සංහිඳියාවේ ප‍්‍රගතිය තවත් ධෛර්යමත් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය අඛණ්ඩ කාර්යභාරයක නිරත විය යුතු බව ද සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ වාර්තාවේ සඳහන් ය.
ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ, ලංකාවේ වගවීම ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විශ්වීය අධිකරණ ක‍්‍රියාවලියක් කි‍්‍රයාවට නංවන ලෙසට ය.
මෙරට වගවීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ දී ලබන 21 වැනි දා සිදුකරන ප‍්‍රකාශයෙන් පසුව ශ්‍රී ලංකා රජය ඊට ප‍්‍රතිචාර දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා, මේ යක්ෂයාට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? ඇස් පනාපිට දවසගානේ කිරිදරුවෝ, නොදරුවෝ, මිනිස්සු හැම තත්පරේකම මැරෙනවා. සිරියාවේ සිය දහස් ගණන්. ඒවගේ කිසිගාණක් නැහැනේ. මේ ලංකාවේ අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක් කතාකරන්නේ... ඔය පුටුවට දාපු උදවියට හෙන ගහන්න එපැයි.
මේ පුද්ගලයාට කියන්න සිරියාවේ, කුර්දිස්ථානයේ මහා උදවිය කරන වැඩ හොයන්න කියලා.
දැන් ගියදේ ගියා හලෝ.. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් බලමු. සිරියාව, ඉරාකය, පලස්තීනය විතරක් නොවේ ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය තුළ දිනපතා සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම නැවැත්වීමට වහාම මැදිහත් වන්න. පස්සේ වාර්තා ලියනවාට වඩා ඒක ප්‍රතිඵල දායකයි !
අනේ ඔහේ දන්නේ නැද්ද අපේ නායකයෝ අපට වග කියලා දැන් අපට පාන් කියාගන්න බැරුව ඉන්නේ...
යහපාලන ජනතාවනි, ඔබට ඉතාමත් සන්තෝසයි නේද දැන් ....?