යුද වැදි සිටි රටක් ලොව බෙහෙවින්ම සාමකාමී, ස්ථාවර හා. ආරක්‍ෂාව ඇති රටක් බවට පසුගිය තුන් වසරේ දී පරිවර්තනය කිරීමට හැකිවී යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ ආරක්‍ෂක සමුළුවේ දී පැවැසීය. රටවල් 42ක නියෝජිතයන ගේ සහභාගිතවයෙන් මේ තුන් දින සමුළුව පැවැත්වේ. ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව විසින් හැඳින් වුණු කොටි සංවිධානය 2009 මැයි 18 වැනිදා පරාජය කිරීමෙන් පසුල වර්ග කිලෝමීටර් 5000ක බිම් බෝම්බ ගලවා, කොටි බළකොටු පිළිසකර කැරල අවතැන්වූ තුන් ලක්‍ෂයක් යළි පදිංචි කරවාල බාරවූ කොටි සාමාජිකයන් 12000ක් පුනරුත්ථාපනය කැර සමාජ ගත කැරල මුළු රටේම සාමය උදාකැරල ජාතික සමගිය හා ආර්ථික සංවර්ධනයක් ජාතික පුනරුදයක් ඇති කළ බව ආරක්‍ෂක ලේකම් කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විස්ටර්ලන්තෙ අය වහ කාවිද? (ස)
අපේ මිනිසුන්ට අතීතය අමතකයි..2009ට කලින් ජීවත් වුනේ නැද්ද මන්දා.. නැත්නම් ගුණමකුකම සහ ඊරිසියාවද?(නු)
ඉන්ද්‍රජිත් හයේ පාරක්ද මන්දා....(ස)
2012 වර්ශයේ ලෝකයේ සාමකාමීම රට අයිස්ලන්තය වන අතර දෙවන තැන ඩෙන්මාකයට හා තුන්වනතැන නවසීලන්තයට ලැබී ඇත. ශ්‍රී ලංකාව 103 වන ස්ථානයේ සාඩම්බරයෙන් රැඳී සිටී කියලයි අපිටනම් ආරන්චි. (ස)
ඔවු ඔවු. පත්තර වල පළවන ප්‍රවෘත්ති බොරු නම්, ළමා අපචාර නොවෙනවා නම්, ස්ත්‍රී දූෂණ නැත්නම්, අතුරුදහන් වීම්, මිනීමැරුම් නැත්නම් ලෝකයෙන්ම සාමකාමීම රට ලංකාව තමයි. (නි)
රට සාමකාමී වෙලා නැහැ. (නි)
මිනිසුනේ මතකද නුබලා මරණ බයේ ගැහි ගැහි බස් වල ගිය හැටි, මතකද හැමදාම ගමට මරුන අපේ කොල්ලෝ ආපු හැටි, මතක නෙද්ද නුබලට අපේ රටට මිනීකන්නන්න්ගේ දේශය කියල කැගහපු හැටි, දැන් රටේ අපරාද වැඩි එක පිලිගන්නවා එත් නුබලා කියන තරමට අපේ රට අස්ථාවර නැහැ. එක දෙයක් කියන්නම ඕනේ. රටේ නීතිය දේශපාලනීකරණය වෙලා වැඩියි.ආරක්ෂක ලේකම් තුමා මේකට පිළියම් හොයන්නම ඕනේ.රටේ ඉන්න පොඩි මිනිහටත් සාමයෙන් ජීවිතය ගෙවන්න දෙන්න ඕනේ.දැන් පොඩි මිනිහට තියන පිහිට මොකක්ද.ආරක්ෂක ලේකම් තුමා ඔබ තුමා කවදාවත් දේශපාලනයට එන්න එපා ඔහොම ඉදගෙන අපේ රට හදන්න. අහිංසක අපි වෙනුවෙන්.මොකද අපේ රටේ දේශපාලකයන්ට හරියට නීතිය කියාත්මක වෙන්නේ නැත්තේ. (ස)
ඔවු. දැන් රට සාමයෙන් සමගියෙන් පිරී ඉතිරිලා ගිහිල්ලා තමයි. (නි)
ඇයි මේ කතාව දෙයියෝ සාක්කි එකේ නොදැම්මේ...(ස)
සාමකාමී බව වැඩි වෙලා දරා ගන්න බැරුවද කොහේද දැන් කට්ටිය හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්න දගලන්නේ? (නි)
මට නම් පේන්නේ දැන් දවල්ටත් තරු පායලා තියෙනවා වගෙයි ළමයෝ. (නි)
සම්පූර්ණ ඇත්ත...උදාහරණයක් විදියට දකුණු පළාත ගැන හිතන්න...!!!(ස)
දැන් බලපුවාම ආරක්ෂක ලේකම්තුමාත් විහිලු කරන්න දන්නවනේ. හෙහ් හෙහ් හිහ් හිහ් හී හී....කොහොමත් අපේ අතීතෙ ඉඳලම අනිත් අයට වඩා ඉහළින් අපි ඉන්නෙ කියන සිරිතක් තිබුණනේ. "ලෝකෙන් උතුම් රට ලංකාවයි", "ලොව අන් සියලු දිවයින් මේකට යටය".
මේ භාෂාව මට නම් ටිකක් අමාරුයි. (නි)
මේවා මේ හිතලා කියන ඒවා නෙමෙයි බව අපි දන්නවා. (නි)
අපේ මිනිසුන්ට අතීතය අමතකවීම කණගාටුවට කරැණක්.. දැං ලංකාව සාමය දෙසට ගොඩක් නැඹුරු රටක්..ලෝකයේ සාමකාමීම රට කරන්න ජනතාව අධිෂ්ඨාන කරගතයුතුයි..!!(නු)
ත්‍රස්තවාදීන් ඉන්නකොට මේවගේ රටේ මිනීමැරුම් පෙනුනෙ නැහැ.. දැං ඒවා පේනවා.. හැබැයි ලංකාවෙ අපරාධ අපචාර නම් වැඩිවේගන එනවා.. මම හිතන්නෙ මෙයා දන්නේ ත්‍රස්තවාදය ගැන විතරයි..!!(නු)
මමත් පිළිගන්නවා රට සාමකාමියි කියලා. අද රටේ වෙන ඕනෑම පොඩි අපරාධයක් වුණත් ඉක්මණින් මාධ්‍ය වල පළවෙනවා. වාර්තා පල වෙනවා දැන් වැඩියි. ඒක තමයි තාක්ෂණයේ දියුණුව. (නි)
එන්ගලන්තය වගේ රටක දුරකතනයකින් හෝ හඩ උස් කර තව කෙනකුට කතා කිරීම නීතියට අනුව වරදක්. නමුත් අපේ රටේ ගෙදරින් එළියට බහින තැන සිට පාරේ ඉන්න රස්තියාදුකාරයන්ටයි, පාරට අරක්ගත් ත්‍රීරෝද රථ, බස් රථ වලටයි, රාළහාමිලා සහ රාජකාරියකට යන තැන නිලධාරියාගේ සිට දේසපාලුවාට දක්වා බියවී ජීවත්වන සමාජයකට නිවහල් මානසිකත්වයක් යනු කිමෙක්දැයි නොහැදිනීම පුදුමයට කරුණක් නොවේ. (නි)
කොහොමද දන්නේ නැහැ මේක කිවුවේ? (නි)
අනේ මන්දා ඉවරයක් නැහැ..!!(නු)
අනේ මන්දා කියන කතාවලට ඇඩෙනවා තනි ඇහැට.....(ස)
දවල්ද ? (ස)
ඉඳ හිටලා මේවගේ විහිළුවක් කලාට කමක් නෑ අපරාද රැල්ල කාටවත් පෙන්නේ නෑ..(ස)
හැබැයි, කවුරු හරි සාමෙට බාධා කළොත් සුදු වෑන් නම් රැක්කා සාමය හරියටම. (නි)
කොහේ හරි කාටහරි බෝම්බයක ශබ්දයක් ඇසුණේ නැත්නම් අන්න එතකොට රට සාමකාමියි. හැබැයි මේ තරම් අපරාධ අඩු රටකුත් වෙන නැහැ. (ස)
සාමකාමීයි කියන්නේ රටක යුද්ධයක් නැහැ කියන එක විතරමද ?(නු)
මම හිතනවා මේක තමා වසරේ හොඳම කියමන කියල. (ස)
වෙඩි හඩ බෝම්බ පුපුරණ හඩ කෆීර් යානා හඩ දැං ඇහෙන්නෙ නැහැ.. වෙන සිදුවීම් දැක්කම ඇත්තටම සාමාකාමීද සැකයි..!!(නු)
මම බැලුවේ මේක කියපු කෙනා ලංකාවෙද පිටරටකද කියලා.......(ස)
ඔබ සියල්ලම මොනවා කිව්වත් අද අපි සැම රටේ කොතනක හරි බෝම්බ බයක් නැතිව ඉන්නෙ පුළුවං බව කවුරුත් පිළිගන්න.. මතකද 2009 මැයි 18 ට පෙර?(නු)
මොන හේතුවක් නිසා මෙහෙම කතාවක් කිවුවද? නැත්නම් නිකන්ම කියවුණාවද්ද? (නි)
මට හොදටම හිනා යනවනේ. (නි)
එල්ලුම් ගහත් ගෙනැල්ලා වැරදි කරන අය අල්ලන්න..එතකොට ඕක හරියටම හරි....(ස)
යුද්ධය තිබුණ මතකයි..සාමය ආවද මතක නෑ,....(ස)
හි.. හී.. මට නං හිනායනවා මේවා අහලා..(නු)
ඒක ඇත්ත.. ලංකාව සුපරික්ෂාකාරී රටක්..ත්‍රස්තක්‍රියා අපරාධ ලොව හැමතැනම වෙනවා..ඒවා නවත්තන්න බැහැ.. එම නිසා අනවශ්‍ය දේවල් ලියන්න එපා.. හිතන්න 2009 මැයි 18ට පෙර ලංකාව ගැන.. මම යොහාන්ගෙ අදහසට එකගයි..!! (නු)
ඕක කියන්න තිබුණේ අපට නොවෙයි, කොණ්ඩය බැදපු චීන්නුන්ට. (නි)
පසුගිය අවුරුදු කිහිපය තුළ මෙතෙකයි යැයි කියා නිම කළ නොහැකි තරම් දූෂිත ක්‍රියා සිද්ධ වුණු බව නම් අපි පිළිගන්නවා. (නි)
බීන් මහත්තයා ලංකාවට ඇවිල්ලවද්ද?(නු)
මොනවද මේ කියනකතා ? "හරිම සාමකාමී රටක් " දවසේ හොඳම කියමන....(ස)
අද ලංකාවේ හරි නීතියක් තිබුණා නම් මෙලහකටත් හුග දෙනෙක් ඉන්නේ හිර ගෙවල් වල. (නි)
ප්‍රභාකරන් කියලා තිබ්බ ලංකාවෙ මිනිස්සුන්ට මතක තියෙන්නේ සති දෙකයි කියලා.. ඕනම දෙයක්.. කට්ටියට මතක නැහැ බස් වල බෝම්බ පිපිරිලා පනහක් හැටක් එකට මැරෙනකොට කියපු දේවල්.. මොනවා කළත් වැඩක් නැහැ අපේ අයට...!!(නු)
යුද්ධය අවසන් කරපු එකේ වටිනාකම ප්‍රයෝජනයට ගන්න මේ රජය අපොහොසත් වුණා. බෝම්බ පිපිරිලා මිනිස්සු නොමැරී ඉන්නවා කියන්නෙ සාමකාමියි කියන එක නෙවෙයි. ලේකම් තුමා දවසේ පත්තරයක් අරන් බැලුවොත් තේරෙයි රට පිරිහිලා තියෙන තරම.සුර සැප විඳින සුළුතරය දිහා බලලා ප්‍රකාශ නිකුත් කරන එක ඔබතුමා මෙතෙක් රට වෙනුවෙන් කල සේවයටත් හොඳ නෑ. පුලුවන් නම් මේ අපරාධ,අපචාර රැල්ලවත් ඉවර කරලා දෙන්න... ඊට පස්සෙ අපිම කියන්නම් රට සාමකාමියි කියලා...(නු)
ඇත්තමයි නුවන්, විහිළුවක් වගෙයි නේද? (නි)
කමෙන්ට් දැක්කම මොනවා හිතෙයිද?(ස)
ටෙනිසන් කුරේ එක්ක කරපු වේදිකා නාට්‍යයක්ද මේක කිව්වේ..!!(නු)
කෙසේ වෙතත් අද අපිට යම්කිසි නිදහසක් තියන එක පිලිගන්න ඔනෑ !!(නු)
අද දවසේ හොදම කතාව...(ස)
කට්ටිය කරන වැඩ වලට ඇහැ කන පියාගෙන ඉන්න අය හින්ද සාමකාමී තමයි. (ස)
ශා......මේ කියනකම් දැනන්හිටියේ නෑනේ....! (ස)
බොහොම හරි. ත්‍රස්තවාද බියක් නම් නැහැයි කියලා මමත් පිළිගන්නවා. (නි)
අප්පේ ඔවු. දැන් රට සාමයෙන් සමගියෙන් පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙන්නේ. (නි)
අපරාධවලින් අංක එකත් ලංකාව ? (ස)
"ලෝකය පිළිගත් නිරීක්ෂකයෝ කියනවා අපේ රට ආර්ථික අවදානමක තියෙන්නේ කියලා." ලෝකය පිළිගත් අති පණ්ඩිතයන් සේරම කිවුවේ යුද්ධය දිනන්නත් බැහැ කියලනේ. 'රට කපුටෝ සුදුයිනේ', නේද ? (නි)
මොනවා කිව්වද කියලා මටත් මතක නෑ...........(ස)
නිශා සනත් සහ පද්ම, ඔබ තිදෙනාට මගේ ආචාරය! මේ රට මේ තිබෙන තැනින් ඉස්සරහට යනු දැකීමට ඔබට ආසාවක් ඇත. මෙහි ප්‍රතිචාර පළ කර ඇති සමහරුන්ට නම් බෝම්බ පිපිරීම නැවතිලා කියන්නේ දිවිය ලෝකේ පහල වෙලා වගේ. ඉතිරි ටික අගාධයටම යනකල් එයාල ඉන්න හදන්නේ මෝඩයින්ගේ පාරාදීස වල. (නි)
නියම විහිලුව නේද ..අනේ මෙහෙමත් මිනිස්සු ..(ස)
සාමය පිලිගන්නවා..ඒත් සාමකාමීද කියලා සැකයි...(ස)
බිහිරෙකුට අන්ධයකටු කිව්වනම් ඔය කතාව ඉහමුදුණෙන් පිළි ගනීවී...!!(නු)
අපේ මිනිස්සුන්ට දැනට අවුරුදු 3කට කලින් තිබුණ විදිහ මතක නැහැ.. ඕනෙම රටක යම් යම් ප්‍රශ්ණ තියෙනවා.. එහෙම බැලුවම ලංකාව දැං සාමකාමී තමයි...!!(නු)
විනෝද සමය අද සිට පටන් ගන්නවා..!!(නු)
දැනට සාමකාමි ගිනිකන්දක් ....!(නු)
"හිතන්න 2009 මැයි 18ට පෙර ලංකාව ගැන.. .." ඇයි, දැන් තියෙන ලංකාව ගැන හිතන්න එපාද? එහෙම කියන අයට මේ අද තියෙන තත්වය ගැන කියන්න දේවල් නැති නිසාද අවුරුදු තුනකට ඉස්සර තිබුන දේවල් අපට පෙන්නන්න දඟලන්නේ? මහත්වරුනි අපි ජීවත් වෙන්න හදන්නේ මේ පවතින මොහොත තුලයි. කවදාවත් බෝම්බ නොපිපිරුන අපේ ගම්බිම් වල අද මිනිස්සු ඉන්නේ නිදහසේ නොවෙයි. ඉඩමක් විකුණා මුදල් ටික අතට ගන්නත් කප්පම් ගෙවන්න වෙන, නඩුකාරයාටත් ගුටිකකා නඩු අහන්න වෙන, පුංචි ගැණු ළමයා පවා ගොදුරු කරගන්නට මාපිලුන් දුවපැන ඇවිදින, ජනපති උපදේශක වරු පවා මහමග තමන්ගේ අය අතින් මැරුම් කන යුගයක් 2009 ට පෙර තිබුනා නම් අපට පෙන්වනවද? (නු)
ඒකේ දෙකක් නෑ....(ස)
ඇත්තටම මේ කමෙන්ට් කරන කට්ටියට මතක නැතුව ඈති පසුගිය 30 වසර ගැන.83 දි අර්මි එකේ 11ක් මරල.එදා මම උසස් පෙල පන්තියට මුලින්ම ගිය දවස එදා ඉදල 2009-05-18 වෙනකම් යුද්දේ.මගේ සහෝදරයො ඔක්කොම යුද්දේට ගියා එයින් භාගයක් මෑරුන අද එහෙම නෑ ආරක්ෂක ලේකම් තුමා නිවෑරදියි.(ස)
කීපදෙනෙක් හැර අන් සියලු දෙන ආරක්‍ෂක ලේකම්තුමාගේ ප්‍රකාශය අවතක්සේරුකොට තිබුණත් 2009ට කලින් ඹය උපහාස කතා ලියපු උදවිය හිටියේ කොහේද දන්නෙ නැහැ.එක්කෝ ඔවුන් ඉපදිලා නැහැ. නැතිනම් ඔවුන් අන්ධයන්, බිහිරන් යන කොටසට අයත්. (නි)
ඉන්දුජිත් ලංකාවෙද දන්නෙ නැහැ පහුගිය කාලෙ හිටියෙ...එයා කියන දේවල් උනේ 88, 89 කාලෙ (නු)
අපේ මිනිසුන්ට අතීතය අමතකයි.. අද අපි කරදරයක් නැතිව ඉන්නවා.. 2009 මැයි 18 පස්සෙ.. රණවිරුවනි ඔබට පිං.. ලේකම්තුමනි ඔබතුමා හරි..!!(නු)
ආරක්ෂක ලේකම්තුමනි, මම ඔබතුමාට ගොඩක් ගරු කරන කෙනෙක්. ඔබතුමාත් පිළිගත යුතු සත්‍යයක් තිබෙනවා. ඒ තමා රටේ ලොකු අපරාධ රැල්ලක් තිබෙනවා කියන එක. මේ රටේ තියන අපරාධ රැල්ලත් කොටි ඉවර කළා වගේම ඉවරකරලා දාන්න. කප්පම් කාරයන්ගෙන්, මංකොල්ල කාරයන්ගෙන්, මිනී මරුවන්ගෙන් රට නිදහස් කරවලා දෙන්න. සමහර දේශපාලකයනුත් මිනිසුන්ගෙන් කප්පම් ගන්නවා. මේ රජයට යුධ ජයග්‍රහණය නැමති ඉන්ධන වලින් තව දුරටත් දුවන්න බැහැ. රජයට තව දුරටත් ඉදිරියට යන්න ඕනෑනම්, රටේ අපරාධ රැල්ලයි, මත්කුඩු ජාවාරම් කාරයන් ටිකයි නැතිකරලා දමලා, වංචාව දුෂණය නැතිකරලා රජයේ ඉන්ධන ටැංකිය අලුතින් පුරවා ගන්න. නැත්නම් ගමන අතරමග නවතින බව සිකුරුයි. (නි)
කලබල වෙන්න එපා. එතුමාට තව ටික දවසකින් අමතක වෙලා යයි මෙවැනි ප්‍රකාශයක් කළාද කියලා. (නි)
ලෝකය පිළිගත් නිරීක්ෂකයෝ කියනවා අපේ රට ආර්ථික අවදානමක තියෙන්නේ කියලා. එත් අපේ මහා බැංකු අධිපතිට මේක තමා ලෝකේ හොඳම ආර්ථික වර්ධනය ඇති රට. වාසයට සුදුසුම තැන් ලෙස ලොවම පිළිගන්න , කවදාවත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවන රටවල් කීපයක් තියෙනවා, හැබැයි ඒවා අපේ අයට ඇහුවාමත් කේන්ති යන යුරෝපීය රටවල්. ඒවා කෙසේ වෙතත් අපේ ලොක්කන්ට මේක තමා සාමකාමීම රට. ඡන්දෙ කිට්ටු වුනාවෙකෝ. අපිත් ඉන්නේ මේ රටේ නේ... (නු)
බැසිල් මහත්තයා මේ දවස්වල රටින් පිටද ඉන්නෙ..අපරාධ අඩුඋනානම් ගොඩක් හොදයි..!!(නු)