සිරාජ් හසීම්
ජිනීවා යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රීලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අහෝසි කරන්නැයි දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති කොටි හිතවාදී සංවිධානය බලකොට තිබේ.
එමෙන්ම ශ්‍රීලංකාව ජිනීවා යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වන්නේ නම් ශ්‍රීලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසද මෙම සංවිධානය තවදුරටත් ඉල්ලා තිබේ.
බ්‍රිතාන්‍යයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙත සන්දේශයක් බාරදෙමින් මෙම ඉල්ලීම් සිදුකොට ඇත.
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවී කටයුතු කරන බවට ලක් රජය විසින් ජාත්‍යන්තරය රවටා තිබෙන බවත් ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත 2015 වසරේදී සම්මත වූ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ ප්‍රගතියක් නොදකින බවත් ලක් රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මෙහි තවදුරටත් සඳහන් කර තිබේ.
මෙම යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක වී නැති හෙයින් පසුගිය 2017 වසරේ ශ්‍රීලංකාවට දෙවසරක කාල දිගුවක් ලබාදී ඇති බවත් මෙම කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වන බවත් ශේෂ වී ඇති මේ කාලය තුළ මෙම යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස නොකරන බවත් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ කාගෙවත් බූදලයක් නොවේ. ඕනේ ඕනේ විදියට නටන්න ගිහිල්ල තමා එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඔය ටික වෙලා තියෙන්නේ...
කියලවත් කරගන්න බැරි වැඩක්. අන්තවාදී ලව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ අගය වැඩි කරගන්න හදනවා. නැති අගයන් දෙන්න පුළුවන් ඔයවගේ රාජ්‍යක් දෙකඩ වුනාම. ලංකාවට ආයෙත් අන්තවාදී එපා.
ඕකේ සාමාජිකත්වය තිබුනා කියල අපිට ඇති කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නොමැත, තිබෙන්නේ වියදම් පමණි, ඕක තහනම් කලත් අපට ප්‍රශ්නයක් නැත ,
මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන කොටින්ට ස්තුතිය පලකරන යෝජනාවක් ඒකමතිකව සම්මත කර යවන මෙන් මං ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි.
කොටි හිතවාදීන් කියලා රටට හිතවත් දෙයක්නේ මේ කරන්න හදන්නේ. එහෙමවත් කරගන්න ඇත්නම් !
කොටි හිතවතුන්ට ඕනඕනෑ විදිහට එම සාමාජිකත්වය අත්හිටුවන්නට බැහැ. ඒත් ඔවුන්ගේ අරමුණ වනුයේ මෙවැනි ක්‍රියාවන් තුළින් තමන්ගේ වැඩවලට විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමයි.
දියුණුව කරා යනවනම් මේවගේ කාටවත් වැඩක් නැති දිරාපත් සංවිධාන වලින් ඉල්ලා අස්වී ස්වාධීනව ලෝකය සමග ගමන් කල යුතුයි. (ඉස්සර අය වගේ ස්වාසිලන්තය පමණක් සමග නොවේ.)
සංහිදියාව දෝරේ ගලන නිසා වෙන්න ඇති ඔහොම දේවල් වෙන්නෙ.
හැම දේකදිම ලංකාව ඇතුලේ ඉන්න මිනිසුන්ට වඩා ලංකාවෙන් පිට ජීවත්වෙන අයට තමයි උඩ පනින්නේ.
රටේ නායකයින් දුර්වලනම් නිවට නම් මඩේ සිටවූ ඉන්න වගේ ලෝකයා හොල්ලන හොල්ලන විදිහට වැනේනවානම් ලගින් යන අයත් තමන්ගේ පැත්තට ඉන්න නමා ගන්න බලනවාය.