ඉතාලි පාදෝවා නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලාංකික නියෝජිතයකු තෝරා පත් කර ගැනීම සඳහා පවත්වන නගර සභා මැතිවරණය 27 වැනි දින උදේ 8 සිට සවස 8 දක්වා පාදෝවා නගරයේ වියා තොම්මාසේයෝ, අංක 59 දරන ස්ථානයේදී පැවැත්වීමට නියමිතය. පාදෝවා ප‍්‍රධාන නගර සභා බල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය හිමි වයස අවුරුදු 18ට වැඩි අයට පමණක් ඡන්දය පාවිච්චි කළ හැකිය. වසර 5කට පසු පැවැත්වෙන මේ ඡන්දයට සජිත් ප‍්‍රනාන්දු, ශේහාන් සිල්වා, ඇන්ටන් රොෂාන් හා සුනිල් හේමසිරි ඉදිරිපත් වී සිටිති. බද පටිය, තොප්පිය, ඉනිමග හා යතුරුපැදිය ඔවුන්ගේ ඡන්ද ලකුණුය. ශ්‍රී ලාංකිකයෝ 962 නෙක් පාදෝවා ප‍්‍රධාන නගර සභා බල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ලබා සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි. අපේ අයට එවැනි තැනක් ලැබීම ගැන. අපේ ලංකාවෙ අපිට හොද සේවයක් ලබා දෙන්න පුළුවන් වෙයි.
ලංකාවේ අය කොහේ හිටියත් ඕන දේකට ඔට්ටුයි. ජය ලබන ඔබට මගේ සුභලැතුම්
ඔහොම තමයි අපේ හැටි
අපේ රටේ දේශපාලනේනම් ඔහෙ කරන්න එපා