ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය සඳහා ගෙන ඒමට නියමිත යෝජනාවට පදනම් වී ඇති කරුණු ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එම කවුන්සිලය හමුවේ ප්‍රකාශ කළේය.

යෝජනාවට සහාය දක්වන්නන් විසින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංහිඳියා වැඩ පිළිවෙල අනතුරේ නොදමනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව ආර්යසිංහ මහතා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කීවේය.

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් රැසක් හමුවේ මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකා තානාපති එලීත් බැන්ගෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාව ගැන කරුණු කීවාය.