IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලෝකයේ ලස්සනම තැන්

ලස්සන දේවල් දකින්න තමයි ඇස් ප්‍රිය කරන්නෙ. ඇස් දෙකෙන් දකින ඒ ලස්සන කාටත් හොරා හිතත් හොරා ගන්නවා. නෙතයි සිතයි හොරාගන්න ලස්සන දේවල් හොයාගෙන ගොඩක් අය ලෝක වටේ සවාරි ගහන්නත් අමතක කරන්නෙ නැහැ. ලෝකෙ වටේ සවාරි ගහන අය අතරේ පුළු පුළුවන් විදිහට හැමෝම වගේ උත්සාහ කරන්නෙ ලස්සන දේවල් දකින්න, විඳින්න. මතක ඇතිනේ ලෝක වටේ ඇවිදලා එන්න ඩිස්කවරි චැනල් එක ඉදිරිපට වාඩිවෙලා හිටපු අතීතෙත්. අදටත් ඒ පුරැද්ද නම් වෙනස් වෙලා නැතිව ඇති. ඉතිං ඔන්න ලෝක වටේ තියෙන ලස්සනම තැන් කිහිපයක් එකතු කරලා කෞතුකාගාරයක් විදිහට හදන්න අමෙරිකාව පටන් අරන්. 

රටේ ධනයෙන්, හැකියාවෙන් ලෝකෙ වටේ ඉන්න මිනිස්සුන්ගේ හිත් සතුටු වෙන විදිහෙ වැඩක් තමයි මේක. ස්ථාන 9ක් මේ කෞතුකාගාරයට අයත් වෙනවා. මේ වසර පුරා එම ආකර්ෂණීය ස්ථාන වරින් වර ජනතා අයිතියට පත්වෙනවා. ලොව වටා විසිරී සිටින සංචාරකයන්ට නම් මේ අත්දැකීම ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ වගේ වැඩක් වෙයි ඔන්න.

"Dubai Parks and Resorts", ඕස්ට්‍රේලියාවේ Darling වරාය නගරය, උතුරැ කෙන්ටකිහි Art Encounter, සැන්ෆ්‍රැන්සිස්කෝහි මොමා නගරය, කටාර්හි Doha Festival City, Palastinian Museum, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ Louver Abu Dhabi, Fifa Football Museum, චීනයේ Shanghai Disneyland යන ලොව ප්‍රසිද්ධ ස්ථාන එලෙස නැරඹීමට හැකිවෙනවා. සංස්කෘතික අංග ලක්ෂණ වගේම, විනෝද වෙන්න, දැනුම ලබන්න මේ නිර්මාණ වැදගත් වෙයි කියලා ඡායාරෑප පෙළ දුටු පමණින්ම වැටහෙනවා.

මිලියන ගණනකට එකවර රුඳී සිටීමට හැකිවන අන්දමට තමයි මේවා ගොඩනැගෙන්නෙ. Ark encounter, Shanghai Disneyland, Darling Harbor, සහ Palastinian Museum යන ස්ථාන වැඩි ආකර්ෂණයක් දිනාගනු ඇති බවයි මේ නිර්මාණයන්ට දායක වෙලා ඉන්න විශිෂ්ට වූ ගෘහ නිර්මාණ ශිල්පින් නම් පවසන්නෙ. පලස්තීන කෞතුකාගාරය මේ වසරේ මැයි මාසය වෙද්දී නරඹන්න පුළුවන්. චාලිං වරාය නගරයේ අනුරැවේ වැඩ නිම වෙන්නෙ නම් දෙසැම්බරයේ. සැප්තැම්බරය වෙද්දී Doha Festival Cityහි අනුරැව දැකගන්න පුළුවන් වෙයි. Art Encounter ජනතා අයිතියට පත්වෙන්නෙ ඔන්න ජූලියේදී. ඔය විදිහට විටින් විට මේ සුන්දර සජීවි අත්දැකීම ලොව පුරා සංචාරකයන්ට විඳගන්න පුළුවන්.


දවසින් දවස කාර්යබහුල වෙන ලෝකයට මෙවන් නිර්මාණාත්මක දේ මොනතරම් නම් සහනයක් ගෙන දේවිද? ලොව පුරා විසිරී තිබෙන චිත්‍රපට, ගීත, නාට්‍ය, මේ හැම කලා නිර්මාණයකම රස විඳින්නත් සංචාරකයන්ට හැකිවේවි. හැමදාමත් වගේ අහන්න දකින්න ලැබෙන හිත තුටුවෙන සිදුවීම් එක්ක මෙවන් සුන්දර දේ අත්විඳින්න ලැබීමත් මොන තරම් භාග්‍යයක්ද? 


 - ආශිකා - 

150325123021-6-louvre-abu-dhabi-museum-jean-nouvel-006-1-exlarge-169

150715163117-shanghai-disneyland-design-treasure-cove-exlarge-169

151119121042-motiongate-aerial-view-perspective-sml-exlarge-169

151230112711-1-new-attractions-sfmoma-exlarge-169

151230120115-2-new-attractions-palestinian-museum-exlarge-169

151230120309-3-new-attractions-fifa-exlarge-169

151230120445-4-new-attractions-doha-festival-city-exlarge-169

151230120540-5-new-attractions-darling-harbour-exlarge-169

151230122125-6-new-attractions-ark-encounter-exlarge-169-(1)



අදහස් (0)

ලෝකයේ ලස්සනම තැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site