IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘ලේකම්ට පහර දීම අධිකරණයට පහර දීමක්‘

අධිකරණයේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන නිලධරයා වන අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහරදීම නීතියේ ස්වාධීනත්වයට එල්ල කළ ප්‍රහාරයක් බැවින් එය සුළු කොට නොසලකා දින තුනක් ඇතුළත සිද්ධිය ගැන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ගල්කිස්ස පොලීසියට මින් මද වේලාවකට පෙර නියෝග කළේය. කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු දැක්වීය. ලේකම්ගේ ජංගම දුරකතනයත්, උපැස් යුවළත් පැහැරගෙන ඇතැයි ද, එහි වටිනාකම රුපියල් 39000ක්යැයිද පොලීසිය අධිකරණයට දැන්වීය. මේ මැර ප්‍රහාරය අධිකරණයට එල්ල කළ ප්‍රහාරයක් යැයි කී මහේස්ත්‍රාත්වරයා එහි බරපතලකම සැලකිල්ලට ගෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි පොලිස්පතිට ද දන්වන ලෙස ලේඛකාධිකාරීට නියෝග කැරිණි. නීතීඥ සංගමයේ නීතිවේදීහුද පැමිණ සිටියහ.



අදහස් (0)

‘ලේකම්ට පහර දීම අධිකරණයට පහර දීමක්‘

කැලුම් ඕමාන Sunday, 07 October 2012 11:24 PM

මේ සිද්ධිය ගැන පොලිසියේ ඉන්න අහවලා කියන්නේ මෙහෙමයි. "කටුගේ හොරු ඇල්ලුවා වගේ පැය 24 කින් උසාවි දානවා " (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 11:46 PM

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා, පොඩ්ඩක් වෙන්න හිනා.... (නි)

:       0       0

එරංග Monday, 08 October 2012 12:28 PM

ජීවාගේ කියමන නියමයි (නි)

:       0       0

සුනිල් පෙරේ‍‍රා Monday, 08 October 2012 06:29 AM

නීතිය අතට අරන් වැඩ කරන්නෙ අපේ ලොක්කොනේ.මේකත් ඒගොල්ලොන්ගේ වැඩක් වෙන්න ඇති. ඔහොම යං‍. (ස)

:       0       0

වරුණ Monday, 08 October 2012 08:26 AM

ඔන්න පොලීසියට කරනවානම් වැඩක් (ස)

:       0       0

පියල් Sunday, 07 October 2012 04:56 PM

මනුස්සයෙක්ට ගැසීම අපරාධයක්

:       0       0

සිල්වා Sunday, 07 October 2012 04:59 PM

අපරාධයක්

:       0       0

දේවා Sunday, 07 October 2012 05:01 PM

හොඳයි, ඔය වාර්තාව දවස් තුනකින් දුන්නේ නැත්නම් මොකද කරන්නේ? රට හිනස්සන වැඩ ක‍රන්න එපා මහත්තයෝ . එදා මන්නාරමේ කෙනා, අද ලේකම්, හෙට තමුන්නාන්සේ වෙන්න පුළුවන් බව මතක තියාගෙන වැඩ කළොත් හොඳයි.  වාර්තා මොකටද ලංකාවේම මිනිස්සු වෙච්ච දේ දන්නකොට? කෝ ඔය එක බත් පත කාපු භාරත මහත්තයා මරපු අය ඇල්ලුවද?  (නි)

:       0       0

සරත් Monday, 08 October 2012 08:52 AM

බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 05:40 PM

මේකට ඇමතිවරයෙක් සම්බන්ධ නම්, වහාම ඇමතිකමින් ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

අසහා Sunday, 07 October 2012 05:41 PM

දඩුවම් දෙන්න

:       0       0

බස්නායක Sunday, 07 October 2012 05:36 PM

හෙට කියයිද දන්නේ නැහැ, එයාම ගහගත්තා කියලා? (නි)

:       0       0

හේවගේ Sunday, 07 October 2012 05:43 PM

අයියෝ සල්ලි

:       0       0

ඉන්දික Sunday, 07 October 2012 05:55 PM

රජයේ සම්බන්ධයක් තියෙයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

පාලිත Sunday, 07 October 2012 05:50 PM

මේක දුරකතනය හා උපැස් යුවල හොරකම් කිරීමට කරන ලද පහර දීමක් ලෙස අවසානයේ නොසළකනු ඇතැයි අප සිතනවා. (නි)

:       0       0

දිසානායක Sunday, 07 October 2012 06:04 PM

කතාව ඇත්ත

:       0       0

ජගත් Sunday, 07 October 2012 06:35 PM

නීතිඥ සංගමය කරන්නේ මොකක්ද කියලත් බලමුකෝ. (නි)

:       0       0

ලලිත් කටාර් Sunday, 07 October 2012 06:49 PM

ආයෙ දෙකක් නැහැ නියම සැක කරුවන් දින දෙකක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් එක්ක උසාවියට ඉදිරිපත් කරාවි.. අපේ පොලිසිය එහෙමයි..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 08:04 PM

දේවා නමින් මුල්ම අදහස දාලා තියෙන්නේ මේක කරපු කෙනාමද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site