අධිකරණයේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන නිලධරයා වන අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහරදීම නීතියේ ස්වාධීනත්වයට එල්ල කළ ප්‍රහාරයක් බැවින් එය සුළු කොට නොසලකා දින තුනක් ඇතුළත සිද්ධිය ගැන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ගල්කිස්ස පොලීසියට මින් මද වේලාවකට පෙර නියෝග කළේය. කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය මහේස්ත්‍රාත්ට කරුණු දැක්වීය. ලේකම්ගේ ජංගම දුරකතනයත්, උපැස් යුවළත් පැහැරගෙන ඇතැයි ද, එහි වටිනාකම රුපියල් 39000ක්යැයිද පොලීසිය අධිකරණයට දැන්වීය. මේ මැර ප්‍රහාරය අධිකරණයට එල්ල කළ ප්‍රහාරයක් යැයි කී මහේස්ත්‍රාත්වරයා එහි බරපතලකම සැලකිල්ලට ගෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි පොලිස්පතිට ද දන්වන ලෙස ලේඛකාධිකාරීට නියෝග කැරිණි. නීතීඥ සංගමයේ නීතිවේදීහුද පැමිණ සිටියහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත
ජීවාගේ කියමන නියමයි (නි)
බලමුකෝ දැන් මොකද වෙන්නේ කියලා (ස)
ඔන්න පොලීසියට කරනවානම් වැඩක් (ස)
නීතිය අතට අරන් වැඩ කරන්නෙ අපේ ලොක්කොනේ.මේකත් ඒගොල්ලොන්ගේ වැඩක් වෙන්න ඇති. ඔහොම යං. (ස)
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා, පොඩ්ඩක් වෙන්න හිනා.... (නි)
මේ සිද්ධිය ගැන පොලිසියේ ඉන්න අහවලා කියන්නේ මෙහෙමයි. "කටුගේ හොරු ඇල්ලුවා වගේ පැය 24 කින් උසාවි දානවා " (නි)
දේවා නමින් මුල්ම අදහස දාලා තියෙන්නේ මේක කරපු කෙනාමද මන්දා? (නි)
ආයෙ දෙකක් නැහැ නියම සැක කරුවන් දින දෙකක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් එක්ක උසාවියට ඉදිරිපත් කරාවි.. අපේ පොලිසිය එහෙමයි..!(නු)
නීතිඥ සංගමය කරන්නේ මොකක්ද කියලත් බලමුකෝ. (නි)
මනුස්සයෙක්ට ගැසීම අපරාධයක්
මේක දුරකතනය හා උපැස් යුවල හොරකම් කිරීමට කරන ලද පහර දීමක් ලෙස අවසානයේ නොසළකනු ඇතැයි අප සිතනවා. (නි)
රජයේ සම්බන්ධයක් තියෙයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
හෙට කියයිද දන්නේ නැහැ, එයාම ගහගත්තා කියලා? (නි)
දඩුවම් දෙන්න
මේකට ඇමතිවරයෙක් සම්බන්ධ නම්, වහාම ඇමතිකමින් ඉවත් කළ යුතුයි. (නි)
හොඳයි, ඔය වාර්තාව දවස් තුනකින් දුන්නේ නැත්නම් මොකද කරන්නේ? රට හිනස්සන වැඩ කරන්න එපා මහත්තයෝ . එදා මන්නාරමේ කෙනා, අද ලේකම්, හෙට තමුන්නාන්සේ වෙන්න පුළුවන් බව මතක තියාගෙන වැඩ කළොත් හොඳයි. වාර්තා මොකටද ලංකාවේම මිනිස්සු වෙච්ච දේ දන්නකොට? කෝ ඔය එක බත් පත කාපු භාරත මහත්තයා මරපු අය ඇල්ලුවද? (නි)
අපරාධයක්