මෙවර රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ තිසුරි යුවනිකා ශිල්පිනියයි. ජනක සුරංජිත් අධ්‍යක්‍ෂණය කළ ”බොරළු පාර” නාට්‍යයේ ”සමාධි” නමින් රඟපෑ චරිතය වෙනුවෙන් තිසුරි එලෙසින් සම්මාන ලැබුවාය. මවගේ අඩිපාරේ යමින් රංගනයට පිවිස සිටින තිසුරි හොඳම නිළියට හිමි සම්මානය ලැබූ ලාබාලතම ටෙලි ශිල්පිනිය ලෙස හැඳින්විය හැකිය. ඒ සම්මානයේ උරුමය රැගත් ඇය සඳැල්ලට පැමිණි මොහොතකි මේ.
හොඳම නිළියවීම, මොකද හිතෙන්නෙ ඒ ගැන?
ඕනෑම ශිල්පිනියකගේ සහ ශිල්පියෙකුගේ අරමුණ වන්නේ කවදාහරි හොඳම සම්මානය ලබාගැනීමයි. මම පොඩි කාලයේ ඉඳලාම රඟපෑමට පිවිස සිටිනවා. නමුත් මේ වයසේ දී මේ වගේ සම්මානයක් ලැබීම මට ලොකු සතුටක්.
මේ විදියට සම්මානයක් ලැබේවි කියලා ඔබ විශ්වාස කළා ද?
සම්මාන බලාගෙන නොවෙයි රංගනයට එක්වන්නෙ. නමුත් ඕනෑම රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක තමාගේ දක්‍ෂතාවයට වටිනාකමක් ලැබීම අපේක්‍ෂා කරන දෙයක් ඒත් ලංකාවේ පවතින ක‍්‍රමය අනුව ඒ වටිනාකම ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.
ඒ කියන්නේ සම්මාන ප‍්‍රදානය කිරීම ගැන විශ්වාසයක් නැද්ද?
මොන ප‍්‍රමිතියකට ද ඒ සම්මාන ප‍්‍රදානය වෙන්නේ කියන ප‍්‍රශ්නය තියෙනවා. සමහර සම්මාන ප‍්‍රදානයන් සිදුවන්නේ අමුතු විදියටයි. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ. ඒ නිසා අපට තියෙන්නේ දුන්නොත් සම්මානය ගැනීම විතරයි. හැබැයි රඟපාන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙයි. කවදත් චරිතයට සාධාරණය කිරීම අරමුණයි. ඒ ලැබෙන නොලැබෙන සම්මානවලට වඩා අපට තියෙන ලොකුම සම්මානය පේ‍්‍රක්‍ෂක ජනතාවගේ සම්මානයයි. ඒ අය අපට දක්වන පිළිගැනීම අනුව අපි ඉදිරියට යාවි.
”බොරළු පාර” සමාධි ගැන හිතෙන්නෙ කොහොමද?
ඒක බොහොම සැහැල්ලූවෙන් කළ නිර්මාණයක්. ඒ නිසාම වෙන්න ඇති මෙච්චර ආදරයෙන් පේ‍්‍රක්‍ෂකයින් එය වැළඳ ගන්න ඇත්තෙ. සමාධි කියන්නේ අම්මා තාත්තාගේ වෙන්වීමත් එක්ක ලොකු පීඩනයකින් සිටි දරුවෙක්. ඒ ස්වරූපය ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්‍ෂවරයාගේ සිට මේ නාට්‍යයට සම්බන්ධ සමස්ත කාර්ය මඬුල්ලේ දායකත්වය ලැබුණා. සමාධිට ලැබුණු සම්මානයේ උරුමය ඒ හැමෝටමයි.
මේ සම්මානය ලැබෙන බව ඔබ කලින් දැනගෙන හිටියාද?
නිර්දේශ වී ඇති බව විතරයි දැනගෙන හිටියේ.
ඒ මොහොතේ ඔබගේ නම ප‍්‍රකාශ වුණාම?
ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක්. ලොකුම සතුටක් වුණා. මේ වාගේ සම්මානයක් කවදාහරි ගන්නවා කියන අරමුණ මට තිබුණා. මට වඩා මේ ගැන සතුටු වුණේ මගේ අම්මා සහ තාත්තායි.
සම්මානය ලැබුණාට පස්සේ එය ගිහින් කාටද දුන්නේ? විශේෂ කෙනෙක් අතට දුන්නා නේද?
මගේ ජීවිතයේ විශේෂම දෙදෙනා අම්මා සහ තාත්තා. සම්මානය ඒ දෙන්නා අතට දුන්නෙ. මොකද මටත් වඩා මේ ගැන සතුටු ඒ දෙන්නා බව මම දන්නා නිසයි. අද මම මෙතැන ඉන්නේ එයාලා දුන්න සහයෝගය නිසයි. ඒ වගේම මේ දක්වා රංගනයේ දී මාත් එක්ක සිටි හැමෝටම මම ගෞරව කරනවා. මොකද රඟපෑම එක්කෙනෙක් කළාට එය සාමූහික පිරිසකගේ ප‍්‍රයත්නයක්. මට මේ වයසේ දී මෙවැනි සම්මානයක් ලැබුණේ ඒ සියලූ දෙනාගෙන් ලද සහයෝගය නිසයි.
තවත් විශේෂිත කෙනෙක් මේ නිසා සතුටු වුණා නේද?
ඒ විශේෂිත දෙදෙනා අම්මාxතාත්තා තමයි. එයාලා අවංකව සුබ පැතුවා. ඒ වචන මට හරියට දැනුණා. ඒ ආශිර්වාදය මට දැනුණා.
ඒ හැර ඔබගෙ ජීවිතයට සමීප වෙන කෙනෙක් නැද්ද?
තවම නැහැ. ඒකට තව වයස තියෙනවා.
තව කොච්චර කල්ද?
දැන් මගේ වයස අවුරුදු 23යි. විසිපහ විසිහය වෙද්දී ඒ ගැන හිතනවා. අම්මා තාත්තාවත් තවම ඒ ගැන හිතලා නැහැ. තව කාලයක් කලාවේ නිරත වෙන්න ඕනෑ.
ඔබගේ දවසේ කටයුතු ගෙවෙන්නේ මොන විදියට ද?
දවසම ගෙදර ඉන්න හරි ආසයි. රූගත කිරීම් අතරේදී වුණත් දිනක්xදෙකක් විවේක අරගෙන දුවගෙන එන්නෙ ගෙදරට. ගෙදර මගේ කාමරය තමයි ලොකුම නිදහස තියෙන තැන. ඒ නිදහසට මම හරි ආසයි. අම්මාට උයන ඒවාටත් උදව් කරනවා. සරලව සැහැල්ලූවෙන් ජීවත්වන කෙනෙක්. ගෙදර ඉන්නවා නම් උදේට තේ එක ඕනෑමයි. ගෙදර සිටින දිනවලදී අම්මා තේ එක හදලා දෙනවා. අම්මා මහන්සි වෙලා සිටින දවස්වලට මම අම්මාට තේ හදලා ගෙදර කටයුතු කරනවා.
ක්‍ෂේත‍්‍රයේ යෙහෙළියෝ යහළුවෝ කවුද?
පාසල් කාලයේ සිටම හොඳම මිතුරිය අම්මා. ඒ හැර පාසල් කාලයේ සිටම ”දිනේත‍්‍රා” මගේ හොඳම මිතුරියක වී සිටිනවා.
ඔබ ඔබගේ අඩුපාඩු ලෙස දකින්නේ?
ටිකක් තරහා යනවා. හොඳට හොඳයි. බොරු කරන හෝ රවට්ටන අයට මම කැමති නැහැ. කපටිකමට කවුරුවත් මම ආශ‍්‍රය කරන්නෙ නැහැ.
තරහා ගියාම මොකද කරන්නෙ?
රණ්ඩු කරන්න යන්නේ නැහැ. තනියම එය විඳ දරාගෙන ඉන්නවා. නමුත් මම අහිංසකම නැහැ. අසාධාරණයේ දී නැගී සිටින චරිතයක්.
හොඳම දේ හැටියට ඔබ දකින්නේ?
ඕනෑම කෙනෙකුට අමතකවීම. ඊර්ෂ්‍යාව කියන දේ මට කරන්න බැහැ. කියන්න තියෙන දේ මුහුණටම කියන කෙනෙක්. බොරුවට හිනාවෙන කෙනෙක් නොවෙයි මම.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පවුලක්. සුබපැතුම් දුවේ.(ම)
දේවී ටෙලි නාට්‍යයේ ලස්සනට රඟපානවා (ම)
ඇයගේ සිනහව බොහොම අව්‍යාජ එකක්.දක්ෂ යොවුන් හුරුබුහුටි නිලියක්.මේ දිනවල විකාශය වෙන දේවි ටෙලි නාට්‍යයේ රංගනයට හරිම ආසයි.වාසනාවන්ත අනාගතයක් තිබෙන බව පැහැදිලියි.ජයවේවා. (ම)
මන් ආසම නිළිය. (ර)
තිසුරි අඳින පළඳින විදියත් බොහොම විනීතයි . බොරු ආටෝප මොනවත් නැහැ. කවදාහරි හොඳ උගත් යහපත් සහකරුවෙක් ලැබෙන්න කියල මම අවංකව පතනවා.(ම)
මම කැමතිම නිළියක්.සංවරකමට වඩාත් කැමතියි. ඒ මතින් ජීවිතය ගොඩනගා ගන්න (ම)
මමත් කැමතිම පොඩි නිළියක්. එයාගේ අම්මාගේ රඟපෑමට වඩා ඉහළින් ඉන්න බව නම් කියන්නම වෙනවා. ලස්සන අනාගතයක් පතමි. (නි)
හැමදාම ඔය වගේ ගෞරවනීය විදියට ජීවත්වෙන්න සුබ පැතුම් ඔයාට (නි)
හදවතින්ම සුබ පතනවා දුවේ! මේ වෘතියේ යෙදෙන අයට ඔයා හොඳ ආදර්ශයක්. වාසනාවන්ත අනාගතයක් උදා වේවා! තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා! (ත)
මේ ලිපිය වඩාත් ලස්සනයි. තිසුරි ඉතාමත් ලස්සන විදියට ෆොටෝ වලට ඉන්නවා. (නි)
ඔයා දේවි එකේ එක තැනක වෙදරාලට කියනවා “ ඉතිං කොරහල්ලකො මේකාටත් වෙදකමක්“ කියලා. ඒක මාර ලස්සන ස්වභාවික රඟපෑමක්. මම දෙතුන් පාරක් රිපීට් කර කර බැලුවා. (නි)
තිසුරි විනීතයි ප්‍රසන්නයි. අපෝ එ්කට එක තරුණ නිලියෙක් ඉන්නවා එයා කට ඇරියාම අහල පහල මිනිස්සුන්ට කනේ ඇබ ගහ ගන්න හිතෙනවා. පුදුම කට වාචාල කමක් . එයා දැන් චුත වෙලා පිටරට යන්න යනවා කියල ආරංචියි. (බ)
ඔබගේ ජිවිතවය සුබ ප්‍රාර්ථනා කරනවා. අම්මා තාත්තා දෙන්නත් හරිම ලස්සනයි.(ම)
චරිත වලට සාධාරණයක් ඉටුකරන නිලියක්. අපි තාම ඔයා සංකර හෝ නපුරු චරිතයක් රඟපානවා නම් දැකලා නැහැ. (ම)
අනෙක් තරුණ නිළියන්ට ආදර්ශයක්. හේතුව තමයි "ගල හොඳ නම් අඹරන කහ මක්වේද " යන්න. මේ තරුණ නිළියගේ අම්මා වන සුසන්තා චන්ද්‍රමාලිත් හොඳ වැදගත් විදියට තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන එදා සිටම කලාවේ යෙදෙන්නේ. අම්මලා හොඳ නම් දුවරු නරක්වෙන්නේ බොහොම කලාතුරකින් (නි)
වැදගත් විදියට හොඳ නම ආරක්ෂා කරගෙන ජීවත්වෙන නිළියක්. අපෝ දැන් ඉන්න සමහර සහෝදර නිළියෝ එක්ක පැටළෙන පවුල් කඩන ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය වගේ නෙමෙයි. මේ තරුණ නිළිය අම්මාගේ හොඳ නමත් තියාගෙන කලාවේ යෙදෙනවා. ඔබ අනාගතයේ හොඳ බිරිඳක්, මවක් වේවි. (නි)
දැනට ඉන්න ලංකාවේ හොදම නිළිය අනිත් නිළියෝ වගේ අඩ නිරුවතින් රඟපාන්නේ නැති නිසා තමා අපි ආදරේ. දිගටම මෙහෙම ඉන්න කියලා අපි ඉල්ලනවා (නි)
අපෝ! දැන් අර අනිත් නිළියන්ට ලෙඩ අදින, හැමෝම එක්ක කෙහෙවලු පටලාගන්න නිළිය ඊර්ෂ්‍යාවේ පැලෙනවා ඇති. එයා පහුගිය කාලයේ සම්මාන ගත් තව නිළියකටත් අනම් මනම් කිව්වානේ. අපරාදේ කියන්න බැහැ තිසුරි නම් ඒ වගේ නෙමෙයි. මම ඇගේ යහපත් කල්ක්‍රියාව බොහොම අගය කරනවා. ඔබට දීප්තිමත් අනාගතයක් වේවා තිසුරි! (නි)
ජෙනි, මමත් හොයන්නේ ඔයා කියන විදියේ ගැහැණු ළමයෙක් තමයි (නි)
අපි හරිම කැමතියි ඔයා රඟපාන නාට්‍ය බලන්න. දිගටම රඟපාන්න කියලා ඉල්ලා සිටිනවා. දේවි ඒකට ගොඩාක් කැමතියි.(ම)
අම්මට වඩා දුව දක්ෂ ලෙස රඟපානවා . (හේ)
දැන් අර තමන් හරි ලස්සනයි කියලා හිතාගෙන ඉන්න නිළිය ඊර්ෂ්‍යාවේ පැලිලා ඇති. එයා බොරුවට අහිංසක මුහුණු දාගෙන හිටියාට ක්ෂේත්‍රයේ කට්ටිය එයා එක්ක වැඩ කරනකොට බොහොම ප්‍රවේශම් කියලා අපිට ආරංචියි. තිසුරිලා වගේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් නෙමෙයිලු එයා. (නි)
දුවේ ඔබේ රඟපෑම් හරිම තාත්විකයි.දේවී නාට්‍ය මම ආසාවෙන් බලනවා. මම ඔබේ ඉදිරි අනාගතයට සුබ පතනවා.(හේ)
පින්වන්ත දරුවෙක්. රඟපෑම හරිම ස්වභාවිකයි. යහපතක්ම වෙන්න පතනවා. මගේ සොහොයුරියක්ගේ දුවෙක් ඉන්නවා ඔයාවගේමයි.(හේ)
මම කැමති ඔයාගේ චරිත වලට ඔය හරි සිරියාවන්තයි. ඔයාට සුබ අනාගතයක් (බ)
චාම් ලස්සන දුවක්, අම්මා වගේම වැදගත් විදියට ඉන්න. ඔයාට සුබ පැතුම් (බ)
තිසුරි දේවි එකේ ඔයා හරි ලස්සනට රඟපානව. අපි හරිම කැමකියි. ඔයයි අම්මයි එකට රඟපාන්නේ නැද්ද? (බ)
ඇත්තටම හැම රසිකයෙක්ම ඔබට හරිම ආදරෙයි දුවේ.යහපත් අනාගතයකට තුණුරුවන්ගේ ආශිර්වාදය පතනවා! (නි)
පවුලේ පින්තූරය හරිම ලස්සනයි. (බ)
ලස්සන දුවෙක් ඉන්න ලස්සන අම්මෙකුයි තාත්තෙකුයි.(බ)
මදුෂාන්ලා වගේ අයගේ අදහස් හරිම අප්‍රසන්නයි (නි)
අම්මාත් මේ ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන යහපත් විදියට ඉන්නවා. දුවත් එහෙම වෙන වග පෙනෙනවා. ඔබට සුබ අනාගතයක් තිබේවි. (නි)
හරිම සිරියාවයි. හරියට හඳ පෑව්වා වගේ (නි)
ලස්සන පවුලක්. සුබපතනවා ඔයාට.(හේ)
හුරුබුහුටි කෙලි පොඩිත්ති. (නි)
ඔබේ මවට ඔබ නිසා බොහොම නම්බුකාර විදියට පාරේ බැහැලා යන්න පුළුවන්. කණගාටුයි බහුතරයක් තරුණ නිළියන්ගේ අම්මලාට නම් ඒ වරප්‍රසාදය නැහැ කියලා කියන්න සිද්ධ වෙනවා. (නි)
තිසුරි, ඔබේ අනාගත සහකරුවා තෝරාගන්නකොට බොහොම පරිස්සම් වෙන්න දුවේ. (නි)