ලංකාදීප පත්‍රය 12 වැනි වතාවටත් මහවැන මැද ඵෙතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වන ආලෝක පූජාව මින් මද වේලාවකට පෙර විවෘත විය.
ඇමැති පී. හැරිසන්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි , මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාපති පී.බී.එන්.ජයසුන්දර, විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ හා අධ්‍යක්ෂ සිරි රණසිංහ මහත්වරු ආලෝක පූජාව විවෘත කිරීමට එක්වූහ.
ඒ අවස්ථාවේ දහස් ගණනක් උවසු උවැසියෝ සාධුකාර දුන්හ. ගල් තලාවේ පසෙකින් පොසොන් සඳ මෝරා එමින් තිබිණ. මල්වතු ඔය ශිෂ්ටාචාරයේ කේන්ද්‍රය වශයෙන් තන්තිරිමලේ සැලකේ. අපවත්වී වදාළ කුඩාකෝන්ගස්කඩ ඥානවිමල නාහිමියන් දශක ගණනාවකට පෙර මහ වැන මැද පිහිටි මෙම පුදබිම හා අවට ප්‍රදේශය ජනාවාසයක් බවට පත් කිරීමට මුල් වූහ.
අද පිංකම පැවතියේ තන්තිරිමලේ මහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ මග පෙන්වීම අනුවයි. පොසොන් පොහෝදා ආලෝක පූජාවේ අවසන් දිනයයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාදීපය තන්තිරිමලේ ආලෝක කරයි