ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සිංහාසනයට ලොරි රථයක් ගැටීමෙන් වහලයට හා එහි කනු වලට හානි සිදුවි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දවුලගල පොලිසිය පවසයි.
ලංකාතිලක විහාරයේ සිංහාසනයට සිදුවි ඇති අලාභය සම්බන්ධව පුරා විද්‍යා නිලධාරින් නිරික්ෂණය කර ඇති අතර පුරා විද්‍යා ගවේෂණ නිලධාරිනි සුනීතා නවරත්න මහත්මිය එහි අලාභය රුපියල් එක්ලක්ෂ තිස් හය දහහසක් බවට වාර්තා කර ඇති බවත් ලොරිය පැදවු රියදුරා එම මුදල පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට ගෙවා එහි රිසිට් පත දවුලගල පොලිසියට එවා ඇති අතර පුරා විද්‍යා දෙපාර්තුමේන්තු ගිණුමට මෙම මුදල බැරවූ බවට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව දවුලගල පොලිසියට දන්වා ඇති බවද කියති.
අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය හා අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධව ලොරි රථයේ රියදුරුට 16 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දැන්වූ බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාතිලක සිංහාසනයේ ලොරිය වැදී ලොකු පාඩුවක්
ටිකිරි Tuesday, 09 June 2015 04:32 AM
මෙතරම් වටිනා පුරා වස්තුන් රැක ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යොදා ඇති වැඩ පිළිවෙල කුමක්ද? . පොටෝ වල තියන හැටියට අඩු ගන්නේ ආරක්ෂක වැටක් නාම පුවරුවක්වත් නැහැ . ඔයිට වඩා දරුණු අනතුරක් වෙලා ඔය ගොඩනැගිල්ල විනාශ වෙලාම ගියානම් රියදුරාට මොන දඬුවමක් දුන්නත් වැඩක් තියනවද ? (ම)
අනිල් Monday, 08 June 2015 04:35 PM
දැන් මුදලුත් ලැබිලා තියන එකේ වහාම පිළිසකර කළා නම් නේද හොඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව! (නි)
අජිත් Tuesday, 09 June 2015 05:37 AM
මට පුදුම මේක මෙචරකල් තිබුනේ කොහොමද කියල. ටිකිරිගේ කතාව හරි.ඔය දෙපාර්තමේන්තුව කොහෙද හිටියේ මේක වටේ පාරවල් හදනකන්. (ම)
ඉසුරන්දි Tuesday, 09 June 2015 05:42 AM
මේකත් හරියටම තියෙන්නේ පාරේ මැදනේ.පුදුමයි මෙච්චර කාලයක් ඕක බේරිලා තිබ්බා.අඩුම තරමේ ආරක්ෂක වැටක්වත් තිබ්බනම්... (ම)
සෙනරත් Monday, 08 June 2015 05:44 PM
දැන් ඉතින් මෙය සොයාගෙන එන හොරුන්ගෙන් ගැළවීමටත් බාරකරුවන්ට වගබලාගන්න වෙයිද දන්නෙ නැහැ (නි)
ලක්මාල් Monday, 08 June 2015 06:31 PM
මේකේ හැප්පූ එක වරදක්. අපේ රටේ රියදුරන්ගේ හැටියට මෙච්චර කාලයක් තිබුණු එක පුදුමයි. (නි)
නුවන් Monday, 08 June 2015 07:55 PM
මොන මෝඩයද මේක ඇතුළේ ලොරි එළෙව්වේ?? (නි)
සුපුන් Tuesday, 09 June 2015 07:01 AM
කාට බැන්නත් වැඩක් නැහැ, අපේ රටේ පුරාවස්තු ආරක්ෂා කරන්න වෙන්කරන මුදල් ප්‍රතිපාදන මදි.... (නි)
සැන්ඩ්‍රා Monday, 08 June 2015 10:50 PM
කරුණාකර මෙම සිංහාසනය ගැන දන්නා කෙනෙක් විස්තරයක් කරන්න. නොදන්නා නිසා අහන්නේ, දැනගන්න........ (නි)