ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සිංහාසනයට ලොරි රථයක් ගැටීමෙන් වහලයට හා එහි  කනු වලට හානි සිදුවි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දවුලගල පොලිසිය පවසයි.

ලංකාතිලක විහාරයේ සිංහාසනයට සිදුවි ඇති අලාභය සම්බන්ධව පුරා විද්‍යා නිලධාරින් නිරික්ෂණය කර  ඇති අතර පුරා විද්‍යා ගවේෂණ නිලධාරිනි සුනීතා නවරත්න මහත්මිය එහි අලාභය රුපියල් එක්ලක්ෂ තිස් හය දහහසක් බවට වාර්තා කර ඇති බවත් ලොරිය පැදවු රියදුරා එම මුදල පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට ගෙවා එහි රිසිට් පත දවුලගල පොලිසියට එවා ඇති අතර  පුරා විද්‍යා දෙපාර්තුමේන්තු ගිණුමට මෙම මුදල බැරවූ බවට  පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව දවුලගල පොලිසියට දන්වා ඇති බවද කියති.

අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය හා අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධව ලොරි රථයේ රියදුරුට 16 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දැන්වූ බවත් පොලිසිය කියයි.

CIMG4826 CIMG4827 CIMG4829 CIMG4830