IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ලෝකෙටම තුනයි:එකක් කෝටි 918යි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා රුපියල් කෝටි 918 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 28) වටිනා රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය ප්‍රථම වරට ඩුබායි හි මාර්ගයක ධාවනය වන අයුරු පසුගිය ද කැමරා ඇසට හසුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සාගර නිල් වර්ණයෙන් ගනුදෙනුකරුගේ ඇණවුමට අනුව තැනූ රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය එම සන්නාමයට පක්ෂපාතී මැද පෙරදිග පාරිභෝගිකයකු මිලදී ගෙන ඇතත් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

ඇමරිකානු සංගීත යුවලක් වන ජේ.සී සහ බියොන්සේ මෙම රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් තුන්දෙනාගෙන් එක් අයකු බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

මෙම මාදිලිය ප්‍රකාශයට පත් කර වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ප්‍රථම වරට මෙම මෝටර් රථය මිලදී ගැනීමට පාරිභෝගිකයන් තුන් දෙනකු ඉදිරිපත් වී ඇති අතර එම පාරිභෝගිකයන්ගේ අනන්‍යතාවය රහසක් ලෙස තබා ගැනීමට රෝල්ස් රොයිස් සමාගම කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය බෝට්ටු සහ නාවික ක්ෂේත්‍රයට අවශ්‍ය වූ සියල්ලෙන් අභාෂය ලබා ගෙන ඇත.

 



අදහස් (19)

ලෝකෙටම තුනයි:එකක් කෝටි 918යි

Chathuri Monday, 24 July 2023 01:41 AM

ලන්කාවෙ. කොයිතරම් ඉන්නවාද. කෝටිපතියෝ. ලෝකෙන්ම නයට අරන්. නයට දෙන නායකයින්ටත් නැට්ජි සැප අපේ කට්ටියට තියෙන්නෙ. අයි එම් එෆ්. දැන් ලැබිලා තියෙන්නේ මේ වාහනේ ලගදීම. පාර්ලිමේන්තුව වටෙ යයි ඒක නොවුනොත් ලෝක පුදුමයක්. අප්පචිචි හිටියානම් මේ නය මුදල ගන්නකොට. බේබීලා කපුටු. රාලලා. වැඩ පෙන්නලා තවත් පරක්කු නැහැ. ඒ පැත්තට බර වැඩි නිසා

:       8       62

Lalla Monday, 24 July 2023 07:32 AM

එකක් රාජපක්ෂ බේබිල පදිනව වෙන්න බැරිද? නැතිනම් ඩුබායි මැරියට් ලංවා හිමිකරුවෝ....

:       8       52

සල්ලි Monday, 24 July 2023 07:40 AM

අපිටනම් ඇල්ටෝ ත් නෑ. ඩොලර් මිලියන 350 කට ඇරපු පුස් චන්ද්‍රිකාවක් නම් තියනවා .

:       7       56

lankaputha Monday, 24 July 2023 08:31 AM

තවමත් එහි රිම් සහ ටයර් 4ක්, එකම සුළං ආවරණ සහ වහලක් සහ හෙඩ් ලයිට් දෙකක් තියනව

:       2       10

වටලප්පං Monday, 24 July 2023 10:09 AM

ලංකාවෙත් ඇති මේව ගන්න පුලුවන් අය, නොගත්තට

:       4       25

පැණියෝගට්Monday, 24 July 2023 11:34 AM

අරගලය නොවුනානම් ඔය ටික ලංකාවෙ තමයි

:       11       17

අරවින්ද මොනරවිල Monday, 24 July 2023 10:18 AM

මහ බැංකු මහ මංකොල්ලයේ මහ මොලකරුටත් එකක් ගෙනල්ලා දෙමු .

:       7       32

මිත්‍රසේන Monday, 24 July 2023 04:24 PM

ට්‍රිලියන ගණනක් හොරාකෑවා කියලා ජෙප්පො කියනදේ නොදකින අරවින්ද මහබැංකුව ගැන හැර වෙනත් කිසිවක් නොදන්නා බව පේනවා කපුටාස් අවසානයේ ඉදිරිපත් කල අයවැය මගින් මහබැංකු ඇපයට කරන්න හදනදේ කිව්වා එම අයවැය අරගෙන කියවා බලන්න හැකියාව තිබේනම් සත්‍ය වැටහේවි ඒත් අරවින්ද මහබැංකු සිද්ධියට පස්සෙ එයට වැඩි සීනි වංචාව අහල වත් නැතුව ඇති ඒනිසා මහබැංකු මොළකරුට එකක් දෙනවා නම් අනෙක් දෙක සීනි වංචා කාරයින්ට අරගෙන දෙන්න බැරිද මොනරවිල

:       1       10

don Monday, 24 July 2023 11:06 AM

2010 යුද්දෙ ඉවර කලාට පස්සෙ ලංකාවට වැරදුන ලොකුම තුන තමයි තම මට්ටම අමතක කර ලෝකෙ වටෙම ගිහින් නය ඉල්ලගෙන ජනතාවට සැප දීම. 2010 ට කලින් ජනතව ජිවත් උන විදිය සහ 2015 වෙද්දි ජනතාව හිටපු විදිය හිතාගන්න බැරි විදියට වෙනස් උනා. විශේෂයෙන්ම රජයේ සේවකයන්ට සහ හමුදා ඉහල නිලදාරින්ට ලැබෙන්න පටන් ගත්ත විශාල දීමන. ඒ් වගෙම නොසිතු ලෙස එක වරම ගල් වැලි පස් වලින් මහ පරිමාන දනවතුන් බිහිවෙන්න පටන් ගත්ත. බලද්දි ඒ් ඔක්කොම වෙලා ...

:       0       16

ටිකිරි මොළේ Monday, 24 July 2023 11:54 AM

බලන්නකො ඒකෙ පාට ,හරියට බලකායේ පාටමයි ඊළඟට කට්ටීයේ පිරිසත් තුනයි කොහොමද ටිකිරි මොළේ

:       0       6

මැක්ස් Monday, 24 July 2023 12:10 PM

අයියෝ ටූ ලේට්. මේක අවුරුද්දකට විතර කලින් ආව නම් එකත් රාජපක්ෂ ඇරියස් එකටම දන්නා තිබුණා අනුර කුමාරගේ ගෝල බාල රෝත්තටයි, සජිත් පෙම්දස්ගේ චක් ගෝලයෝ ටිකටයි. තමන්ගේ බෑන්ක් එකවුන්ට් එන සල්ලිත් හොරකම් කරනවා කියල හිතා ගෙන හිටපු, අහස් යානා පුරෝලා ඩොලර් ගෙනියන්න පුළුවන් කියල හිතපු මැටි රැලක් නේ උන්දලා.

:       21       13

සත්‍ය ගවේෂී.Monday, 24 July 2023 03:13 PM

මොනවට බෙහෙත් තිබුණත් මෝඩකමට බෙහෙත් නැහැ.ගුවන් යානා අංශ මගින් තහවුරු කළා ගුවන්යානා වලින් ගෙනිච්චේ විශේෂ කඩදාසි වගයක් කියලා.රට කෑ හොරුන් වෙනුවෙන් පෙනී සිටින්න කිසිම ලැජ්ජාවක් නැති හැටි.ලැජ්ජා නහරේ කපලා වගෙයි පේන්නේ.

:       4       15

මැක්ස් Monday, 24 July 2023 04:17 PM

... උනාට උම්බෑ කියන්න එපා දෙය්යනේ. සත්‍යය තියා මොනම දෙයක් වත් ගවේෂණය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියල ලියන දෙයින් පේනවා. ගුවන් යන අංශ මගින් තහවුරු කලේ ඔහේගේ ගෙදර ඇවිත් ද? පුද්ගලික කයිවාරුවකට කියනවා නෙවෙයි, ඔය කියන අහස් යානාවේ නියමු විදිහට කටයුතු කලේ මා හොදින් දන්නා අයෙක්. පදිංචිය කටුනායක නිවැසි පුර. ඒ මනුස්සය බඩ අල්ලන් හිනා වෙනවා ඔහේ වගේ ගවේෂකයෝ ඒ දවස්වල ලියපු පල් හෑලිවලට.

:       3       7

සත්‍ය ගවේෂී.Monday, 24 July 2023 06:07 PM

නියමුවා නොදන්නා රහස් ඕනෑතරම් තියෙනවා. ඔබේ නියමුවා ගුවන් සමාගමේ රියැදුරෙකු පමණයි. ඔහු ආයතනයේ පරිපාලනය නොවෙයි. අනික ඔබ මේ රට බංකොලොත් කළ පව්කාර තක්කඩි රැළේ වැරැදි වහන්න කුලියට ලියන සට්ටැඹි රාල කෙනෙකු බව හොඳ හැටි පේනවා. අපේ චින්තනය කවදාවත් සට්ටැඹි රාලලා වැනි අයට හා දූෂිත පවුල් පාලනයේ බත් බැලයින්ට වැටහෙන්නේ නැහැ. අසූචි අගය කරන සතා කිරිබත්වල අගය කිසිසේත් දන්නේ නැහැ...

:       1       3

Asanga Monday, 24 July 2023 12:31 PM

ඇප්පොච්ච්ගෙ කවුරුවද්ද දන්නැහැ නේද.

:       2       13

Ruhunu Monday, 24 July 2023 03:26 PM

අනුරත් මේ වගේ එකක් ගන්න තමා උත්සාහ කරන්නේ

:       8       8

chandima Monday, 24 July 2023 06:27 PM

අපරාදෙ, මහරජා උන්නා නම් චීන බැංකුවකින් ණයක් අරන් එකක් ගේනවා.

:       2       1

බද්රානි Monday, 24 July 2023 07:26 PM

අනුන්ගේ කාර් වලට පෙරේතකමට හූල්ලන්නේ නැතිව තමන්ගේ වැඩක් බලා ගනිල්ලා මෝඩ මිනිසුනේ...ඔය වර්ගයේ කාර් නෙමේ, සාමාන්‍ය කාර් එකක් වත් ගන්න පින නැති එවුන්.. ඒකටත් දේශපාලනය ගාවගෙන මෙතන බුරා ගන්නවා. ඇත්තටම මෙවුන්ට නම් පිස්සු.. මුන්ගේ ඔළුගෙඩි දේශපාලනයෙන් කුණුවෙලා. මුළු සමාජයම ගඳ ගස්සවනවා. දෑතේ මහන්සියෙන් රැකියාවක් නොකර අනුන්ට වහල්කම් කරමින් පව් ගෙවන මේ ලෝකෙට බරක් උන අමනයින්...ඇත්තටම, උඹලට පිස්සු!!!

:       0       4

Shan Monday, 24 July 2023 07:40 PM

මේච්චර ප්‍රශ්ණ තියෙන රටේ මේක සුභ නිවුස් ඒකක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 427 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 396 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 95 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 886 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 228 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 120 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1225 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 307 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1338 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site