”රාවණ රාම” සාහිත්‍ය උළෙල ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලකේගල පාමුල රණමුරේ ගම්මානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉපැරණි ලග්ගල චාරිත‍්‍ර වාරිත‍්‍ර අනුව මෙම සාහිත්‍ය උත්සවය ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කැර තිබිණි. කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, ආචාර්ය මුදියන්සේ දිසානායක. පරිසරවේදී තිලක් කන්දෙගම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ලග්ගල ගැමි ජනතාව දැඩි උනන්දුවකින් මෙම වැඩසටහන මෙහෙයවීය. ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් ඒ.පී. සරත්චන්ද්‍ර මහතා කියා සිටියේ ලග්ගල ප‍්‍රදේශයට ආවේනික කවි, හේන්ක‍්‍රම, රාවණා යක්කම්, නැටුම්, ගැයුම්, බලි තොවිල් රාවණාදේව ඇදහිලි, සොකරි නාටකය ආදී විවිධාකාර වූ සංස්කෘතිකාංග මෙම වැඩ සටහනට ඇතුළත් කැර ඇති බවයි.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූර ටික බැලුවහම පුදුම සතුටක් ඇතිවුණා (ස)
ඉදිරිය වෙනුවෙන් මේවා රැකගත යුතුයි. නැත්නම් අපිත් නැතිවෙයි. (නි)
හෙල දෙරණ ජන ජයතු ජය මංගලානි (ස)
බලන්න එපැයි ඇවිල්ලම . ඔයිට වඩා හොඳ හොඳ දේවල් තිබුණා...(ස)
නියමයිනේ... ලග්ගලට එන්න බලන්න.(ස)
අති විශිෂ්ටයි..අපේ දරුවන්වෙනුවෙන් මේවා ඉදිරියටත් රැක ගත යුතුයි.!(නු)
විශිෂ්ට කාර්යයක් (නි)
මේ ගම් වල මිනිස්සු හරිම අව්‍යාජ අවංක මිනිස්සු (නි)
ලස්සන වැඩක් (නි)
හරිම සන්තෝෂයි...ජය වේවා (ස)
හැමකෙනා විසින්ම වළ දමන්නට තනන මේ අපේ අතීත උරුමය ගොඩ ගැනීමට සියල්ලන්ම එක්විය යුතුයි. (නි)
අනේ මේ, ඕවා බලන්න ගිහිල්ලා, බීලා, බෝතල් කුඩු කරලා දාලා, පොලිතින් විසිකරලා ඒ ගමත් විනාශ කරන්න නම් එපා.(නි)
රාවණ පරපුර නැවත බල ගැන්වෙනවා නියතයි...(ස)
ගැමි සුවදට ආස කරන අපේකම හදුනන ලග්ගල ප්‍රාදේශීය ලේකම්තුමාට තුති. මටත් ආසයි ඒ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න (ස)
තිලක් කන්දෙගම මහතාගේ 2013.05. මාසයේ රාවණ ගැන ලියූ ලිපි හා අදාළ පත්තර හොයල දෙන්නකෝ.(නදී)