
(ඩයනා උදයංගනී)
ලංකාගම සිට නෙළුව දක්වා සිංහරාජ ලෝක උරුමය හරහා ඉදිකරන මාරගයේ ඉදිකිරීම්වලින් සියයට 98ක්ම මේ වන විට අවසන්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
එය ඉක්මනින්ම ජනතා අයිතියට පත්කිරීමට පියවර ගන්නා බව කී ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය තිබියදී වුවත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව ද කීවේය.
විපක්ෂය ප්රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරීන් මෙම මාර්ගයේ කටයුතු ආරම්භ කළ දා සිටම එයට විරුද්ධව කතා කළ බව කී ඇමතිවරයා ඔවුන් කිසිවෙක් මෙම මාර්ගයට හොඳක් කීවේ නැතැයි ද ප්‍රකාශ කළේය.
මෙහි ගස් කපනවා සිංහරාජය විනාශයි කියා ඔවුන් කීවත් මෙම මාර්ගය ඉදිකිරීමේදී කිසිඳු ගසක් කපා දැමුවේ නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.
මෙහි ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කළ බව ද හෙතෙම කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වලට අවශ්‍ය එන්නත් කළට වෙලාවට ඇණවුම් කරගෙන ජීවිත ටික බේරගන්න සල්ලි අපට නැහැ... නමුත් මේවට සල්ලි තිබෙනවා.
විවෘත කරන දවසට අපිත් යනවා...
දැං කපපු ගස් ටික බලන්නයි, අර කියපු සුපිරි හෝටලේ බලන්නයි කාපට් පාර දිගේ යන්න පුළුවන් තම තමන්ගේ සුපිරි වාහන වලින්..., විරෝධය පල කරපු අයට...
එතකොට අර හෝටලයේ වැඩ? ඒකත් දැන් සූදානම්ද?
කිසිඳු ගසක් කැපුවේ නැතැයි කියා වසලයින් පැවසුවද, එය කිසිසේත් සත්‍යයක් විය නොහැක. මෙහිදී විරෝධතා පැවැති නිසා පරිසරයට සිදුවන හානිය අවම ලෙස මෙය සැකසීම සිදු කළා විය හැකියි. කෙසේවෙතත් වනාන්තරයක් මධ්‍යයේ මාර්ගයක් පුළුල් කිරීමෙන් එය භාවිතය වැඩි වීමත් සමග දිගින් දිගටම අඛණ්ඩව සිදුවන පරිසර හානිය පාලකයින් නොසලකා ඇත...
ගස් කපන්න වෙලා නෑ... මොකද ගස් දෙපැත්තට වෙලා ඉඩ දීලාලු...
ගස් කපා කැලේ ගිනිගත්තා යැයි පෙන්වීම වැරදි වගේම සංවර්ධනයට ගස් කැපුවා යැයි කීමටත් හපන් මිනිසුන් ඇති ලෝකයේ රට කුමක්ද?
උගත් බුද්දිමත් එතනෝල් ජෝනියා පරිසරය ගැන විශේෂඥක්නේ . මේ පාර නිසා සිංහරාජයේ පරිසරය විනාශ වෙලා නැහැ කියන්න .
පාර පනින්න ගිහින් සත්තු ගොඩක් මැරෙන්න පුළුවන් .වේග සීමා සහිතව වාහන ධාවනයට ඉඩ දෙන්න