IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලාංකිකයෙක් හීතලේ මැරේ

රැකියාවක් නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයකු ලුකා නගරයේ අතහැර දැමූ ශාලාවක නිදා සිටියදී අධික සීතලෙන් මියගිය බව ඉතාලි රෝහලක් කියයි. වර්ණකුල ප්‍රනාන්දු (38) නම් මෙම පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස පහත වැටීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් මියගිය බව වෛද්‍යවරු කියති. ලුකා නාගරයේ සිටින සහෝදරයා සොයා 2011 පෙබරවාරියේ දී සිය බිරිය හා දරුවන්දෙදෙනා සමග ඕලන්දයේ සිට නීති විරෝධි ලෙස ආ බව ඉතාලි පොලිසිය පවසයි. ඉතාලියට එන ඇතැමුන් මත්පැනට ගිජුවී බේබද්දන් වී සිටිතියි ද පොලිසිය පවසයි. පසුගිය දින තුනේ දී සීතල නිසා ඉතාලියේ 18 දෙනකු මියගිය බවත් ඉදිරියේ දී සීතල තවත් වැඩිවිය හැකි බවත් ඉතාලි බලධරයෝ අනතුරු අඟවති. සීතල නිසා යුරෝපයේ පමණක් 300 මරුමුවට පත්වූහ.



අදහස් (0)

ලාංකිකයෙක් හීතලේ මැරේ

කෝලිත Monday, 06 February 2012 09:08 PM

මුදල් හොයාගෙන ගිහින් සීතලේ මැරුණ කියලා අහන්නත් දුකයි. ඒ වේදනාව අපේ හදවත් වලටත් දැනෙනවා.

:       0       0

illanka Tuesday, 07 February 2012 02:11 AM

දැන දැන අමාරුවෙ වැටිච්ච කෙනෙක්..

:       0       0

ජස්මින් ලක්මාලි Tuesday, 07 February 2012 02:41 AM

අපේ ලංකාවේ අය මොනතරම් ඉතාලියේ ඉන්නවාද?මේ සොහොදරයට පිහිට වෙන්න කවුරුත්ම ඔය ඉතාලියේ හිටියෙ නැද්ද?

:       0       0

සිල්වානෝ Tuesday, 07 February 2012 03:25 AM

අනිච්ඡාවත සංඛාරා

:       0       0

කාන්චන Tuesday, 07 February 2012 07:37 AM

කවුද මේවට වග කියන්න ඕන? ඉතාලියද? අපිද?

:       0       0

ඒකනායක Tuesday, 07 February 2012 09:14 AM

හරිම දුකයි. මොන කරදර තිබුණත් අපේ රට හොදයි කියන්නේ ඒකයි..

:       0       0

නලීන් Tuesday, 07 February 2012 09:28 AM

ඔක තමයි සල්ලි පස්සෙම දුවන්නැතුව තීරණ ගන්න ඕන. සිද්ධිය ගැන කණගාටුයි. පාඩමක් ඉගෙන ගමු..

:       0       0

ප්‍රියන්ත Monday, 06 February 2012 03:25 PM

හරිම කණගාටුයි ඒ මරණය ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 122 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 79 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1658 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site