සහකාරිය (32) සමග ඉතාලියේ රෝම අගනුවර දූවෙපොන්ත මාවතේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු (25) ෆේස් බුක් සමාජ ශාලා වෙබ් අඩවියෙන් තරුණියක සමග කතා බහ කරද්දී සහකාරිය සමග ඇතිවූ බහින්බස්වීමකින් පසුව ඇයට පුටුවකින් ගසා බරපතල තුවාල සිදු කළැයි එම තරුණයා ටෙම්බදිනේරි පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඇගේ හක්ක හා හිසට තුවාල සිදුවී ඇති අතර ශාන්ත පෙරික් මේරි රෝහලට ඇතුලත් කළ ඇයට සැත්කමක් ද කර ඇත. මාසයක් පමණ ඇයට රෝහලේ සිටීමට සිදු වෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස් එක බුක් වෙන්නම පුටුවෙන් ගහලා. (නි)
ෆේස් බුක් සමාජ ශාලාවක් නෙමෙයි.. සමාජ වෙබ් අඩවියක්..!(නු)
අනේ මන්දා. මේවා බලන අපිටයි, අනික් සේරටමයි පිස්සු. (නි)
ඉතාලියෙ ඉන්න ලංකාවෙ කට්ටිය කරන්නෙම ඕවගේ වැඩ තමයි..!(නු)
පුටුවට මුකුත් වෙලා නෑ නේද ? මොකද සහකාරිය අපේ රටේ කෙනෙක් නම් හක්ක හයියයි..මොකද කොයි වෙලාවෙත් කච කචේනේ..(ස)
මට හිතෙන විදියට නම් මේක ෆේස් බුක් එකෙන් වුණ දෙයක් නෙවෙයි. ඉතාලියේ ෆේස්බුක් කියලා සමාජ ශාලාවක, වෙබ් අඩවියේ, චැට් ෆෝරම් එකෙන් චැට් කරද්දී වුණ දෙයක්. ෆේස් බුක් සමාජ ශාලා වෙබ් අඩවියක් වුණේ කවදද? (නි)
ඉතාලියේ ඉන්න අය දන්න ෆේස්බුක්? (නි)
අනිවාර්යයෙන්ම මේ සහකාරිය සොයාගෙන ඇත්තෙත් ෆේස් බුක් එකෙන්ම වෙන්න ඇති . (නි)
නියමයි. මෙයාලා ලංකාවේ නම රන් අකුරින් ලියනවා. (නි)
ෆේස් බුක් සමාජ ශාලා වෙබ් අඩවිය කියන්නේ මොකක්ද? එහෙම එකක් නැහැ. බොරුවට මිනිහා පිටම වරද දාන්න හදාපු උත්සාහයක් වගෙයි. (නි)
ඔය නංගී ලංකාවේ ඉදිද්දී ඕක වුණානම් ගුටිකන්නේ මනුස්සයායි. (නි)
තාම ඉතාලිය හොදයි. ලංකාවේ වෙන්නේ ඕකේ අනික් පැත්ත. (නි)
ජපනෙනම් පුටු අඩු නිසා මේ වගේ ප්‍රශ්න අඩුයි (ස)
නියමයි! ඔහොම යන් ලංකාවේ හරකුනේ.(නදී)
ලංකාවේ නම කන්නම ඉපදිච්ච කෙනෙක්... (නි)
මේක ඉතාලියේ සොමිය දාන කාමරේ..... (නි)
බිරිඳ සනීපවෙලා එනකන් දැන් සැමියා හොඳට විනෝදෙන් හිටියි (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
අපේ රටේ නමටත් ලැජ්ජාවක් (නි)
ආ... ඔය රිදිලා තියෙන්නේ. ඔහොම යන්කෝ. (නි)
ෆේස් බුක්...(ස)
අතිරස තිත්තරස වෙලා වෙන්නඇති ඔහොම කරල තියෙන්නේ (ස)
ෆේස්ටු ෆේස් (ස)
ඇයි මිනිසුන්ට මේ තරම් තරහ යන්නේ ඉවසීම ප්‍රගුණ කරන්න හොදේ (ස)
රෝමයේ කාන්තාවන්ගේ මුහුනට හොඳකාලයක් නෙමෙයි වගේ දැන් ටිකදවසකට කලින් තවත් කාන්තාවක් මුහුන කුඩුවෙන්න වෙඩි කෑව නේද?(ස)
ඕක නවත්තන්න ඕනේ
යකෝ මේක මාර වැඩක්නේ... ගෙදර ගෑනිගෙයි මිනිහගෙයි වලි වලට පලිත් ෆේස් බුක්ද?(ස)
අයියෝ සල්ලි
තේරුම් ගැනීමේ ශක්තිය අඩු කම (ස)
ෆේස් එකටම ගහලා (ස)
මෙන්න තවත් ශ්‍රී ලංකික වීරවරයෙක් ඉතාලියෙන්...(ස)
හැම ගෙදරටම ෆේස් බුක් බලන්න පරිඝණකයක් ලබා දෙමු.(ස)
මුණ සමතලාද ? (ස)
ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපේ රටේ නම ලෝකෙටම ප්‍රසිද්ධ කරනවා.(ස)
අනිවාර්යයෙන්ම මේ අය වෙන්නප්පුවේ වෙන්න ඇති., මිනිස්සුනේ ඇයි මෙහෙම නොමිනිස් කම්....(ස)
අනේ මෙහෙමත්..!(නු)
හක්ක පනිනවා.. (නු)
ලංකාවේ අය හොද දේවල් නරකට යොදාගන්න නිසා තමයි මේ ප්‍රශ්න. (නි)