ඉතාලියේ බ්‍රේසියා නුවර ගණකාධිකාරීවරයකු ළඟ සේවය කළ ශ්‍රී ලාංකිකයකු යුරෝ ලක්‍ෂ දෙක හමාරක් හෙවත් රුපියල් ලක්ෂ 430 ක් සොරාගෙන ශ්‍රී ලංකාවට පැන ඇතැයි ඉතාලි පොලිසියට පැමිණිලි කැර ඇත. ඉතාලිය පුරා කාර්යාල දහයක් පවත්වාගෙන යන මේ ධනවත් ගණකාධිවරයා වන අන්තෝනියෝ රෝස් එසැණට පැවැසුවේ මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටෙනු ඇති බවයි. හතර දෙනකු සමග එක්වී ඇරඹූ ව්‍යාපාරයට මේ සොරකමත් සමග ලොකු අභියෝගයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. මේ සිද්ධියත් සමග ඔහු ගේ කාර්යාලවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ දස දෙනෙක් ද සේවයෙන් ඉවත් කරනු ලැබූහ. ගෙදර පිරිසුදු කිරීමට ආ මේ ශ්‍රී ලාංකිකයා ජයලත් ගෝඨාභය වික‍්‍රමසිංහ යන බොරු නමකින් පෙනී සිටි බවද ගණකාධිකාරී පොලිසියට කියා ඇත. හරින්ද්‍ර බන්දුල ලොකුගේ යනුවෙන් ඔහුට තවත් නමක් ඇතැයි ඉතාලි පොලිසිය පවසයි. වසරකට පෙර නාත්තන්ඩියෙන් ඔහු ඉතාලියට ගොස් ඇත්තේ වෙන කෙනකුගේ නමින් බවත් වසරක් පමණ එහි අනවසරයෙන් රැඳී සිටි බවත් ඉතාලි ආරංචි සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගාණක් ඉස්සුවට පස්සේ ....තිස්තුන් කෝටියක් ප්‍රශ්න පස්සෙන් එනවා ???????????????????(ස)
ඒ මුදල් අය වැය පියවා ගැනීමට යොදා ගනිමු (ස)
කවුරු ගත්තත් ඒක හොරකමම තමයි..ගත්තු මිනිහට යහපතක් නම් වෙන්නේ නෑ. (ස)
අපි ලංකාවේ නම කන්නේ නැතුව බබළවන්න ඕනේ
ලැජ්ජයි. (නි)
දඩුවම් දෙන්න ඕනේ
අපි අදහන ආගමට අනුව මැරෙන මොහොතේ හෝ පටිසන් දේවි. (නි)
රට කනවට දඩුවම් දෙන්න ඕනේ
රටට විදේශ විනිමය ගේන්නනේ මේ හදන්නේ.. අස්කරපු අයටත් කීයක් හරි දෙන්න..!(නු)
මෙහෙමයි කතාව ලංකාවෙ මිනිසුන්ගේ වැඩි දෙනෙක්ගේ තත්තවය මේකයි.. ලංකාවෙ මිනිස්සු හොදයි කියලා තක්සේරු කරන්න එපා.. ඇත්ත තිත්තයි..!(නු)
ආ... ඒවා හොද වැඩ.. ලංකාවට නේ ගෙනාවේ..!(නු)
මේ හොරා කී දෙනෙකුගේ රැකියාවන් අහිමි කරලාද? ස්වාමියා. අපේ සහෝදරයෝ,ස්වාමියාගේ කොටස් කරුවන්.තව අපේ අය කෙරේ ඉතාලි ජාතිකයන් තැබූ විශ්වාසය ඔය කොටිගනනට වඩා වටීනා බව වසර 22 ක අත්දැකීමෙන් මට නම් හොඳටම විශ්වාසයි.කාගෙන් ගැලවුනත් ඔබට ඔබෙන් ගැලවීමක් නැතිවේවි.(නු)
යහපතක්නම් සිදු වෙන්නේ නෑ ඔහෝම අයට (ස)
පාඨක හිතවතුනි මෙයා වෙන්නප්පුවේ නොවේ. මෙයාගේ තාත්තා වෙන්නප්පුවේ පොලිසියට අවුරුදු ගානකට කලින් ඇවිත් වෙන්නප්පුවේ පදිංචි වෙච්ච නිසා දැන් මෙයා එහෙම කියනවා . (නි)
මවූබිමත් කාලා මෙහෙ ඇවිත් ශ්‍රි ලංකා නාමයත් විනාශ කරනවා. එක පූද්ගලයෙක් නිසා සමස්ථ ශ්‍රි ලාංකිකයින්ටම අවනම්බුවක්. මේ වන විට ශ්‍රි ලාංකිකයින් දහස් ගණනක් මේ රටේ රැකියාවක් නොමැතිව අන්ත අසරණව ඉන්නවා. මෙය එම පිරිසට එල්ල වූ බලවත් පහරකි. ඉදිරියේදී තවත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වහාම රජය මැදිහත්වී මේ හොරුන්ට නිසි දඩූවම් ලබා දෙන්න. හැරිස් මහත්මයෝ, ඔබතූමා අදහස් එක් කරන විට මීට වඩා නූවනින් විමසා බලා අදහස් එක්කළොත් හොදයි. ඒ මන්ද, හොර හිත, වංචාව නොමැති දහස් ගණනක් මේ වන විට මේ රටේ සේවයේ යෙදිමින් අවංකව වැඩ කරනවා. මේ රටේ ඉන්න සෑම කෙනෙකූම ඔබ කියන ඔය අවස්ථාවෙමයි නිතරම සිටින්නේ. නමූත් ඔබට නැගූණූ ඒ දූෂ්ට චේතනාව නැහැ. (නි)
ලජ්ජා නැද්ද මනුස්සයෝ
අපිට මොකද අනේ
හොදින් ඉන්න බලන්න
ලාංකිකයා කියා කියන්න එපා ලැජ්ජයි
ජාත්‍යන්තර නිතිය දන්නවද
ප්‍රීති, කෙනොකුට ගින්දර දීලා ගන්න සල්ලි මොකටද? ඔයාගේ අදහස ඉතාම නරකයි..!(නු)
වසන්ති කියනකම් තමයි හිටියෙ දඩුවම් දෙන්න..!(නු)
දීල තියෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම්..!(නු)
පොලිස් මහත්වරුණි, මෙයාලට අල්ලගත් ගමන් දඩුවම් දෙන්න.. (නු)
කල කල දේ ඵල ඵල දේ.....ඔය සල්ලි වලින් විදින සැප ජීවිතේ ටික කාලයයි..හොරකමේ විපාක ලැබෙනවාමයි (ස)
මේ මිනිස්සු අපේ රට වනසනවා. (නි)
කුරුවිට හරි, තව කී දෙනෙක්ට ජොබ් නැති වේවිද ? (ස)
අනේ රොෂාන් බයිල කියන්නේ නැතුව ඉන්න. ඔයාට මේ සල්ලි ටික ලැබුණත් ඔයා කරන්නෙත් පැනල එන එකනේ..(ස)
මේ වගේ හොරු හින්දා අපිටත් ඉතාලියේ ඉන්න බැහැ. (නි)
අයියෝ සල්ලි
ලංකාව හොරකමටයි, වංචාවටයි හරිම ප්‍රසිද්ධයි. (නි)
දුප්පත් මිනිහෙක් නම් පවු. ඒත් මෙයා සල්ලි තියෙන මිනිහෙක්නේ. (නි)
කරලා තියෙන්නේ ගද ගහන වැඩක්නේ. (නි)
ඉතාලියේ ලාංකිකයන් අතර වෙන මෙම අකටයුතුකම් දුරලීමට පූජක පක්ෂයේ මැදිහත්වීම අවශ්‍යයි. (නි)
අයියෝ සල්ලි
මෙහෙමත් මිනිහෙක්. (නි)
අයියෝ සල්ලි
ලංකාවේ නම දැන් අමුතුවෙන් කැතකරන්න දෙයක් නැහැ. (නි)
අනේ අයියේ....මට කියාපන්. උඹ මේ සල්ලි ලංකාවට පැටෙවුවේ කොහොමද කියලා. (නි)
රටේ නම කාලා
සුනිල් පෙරේරා , මෙහෙමයි කතාව ලංකාවෙ මිනිසුන්ගේ වැඩි දෙනෙක්ගේ තත්තවය මේකයි.. ලංකාවෙ මිනිස්සු හොදයි කියලා තක්සේරු කරන්න එපා.. ඇත්ත තිත්තයි..! ඇයි ලංකාවෙ විතරද මිනිස්සු ඉන්නෙ....මිනිසා කියන කොයි සතාත් එකයි.හැම රටකම ඉන්නවා ඒ ජාතියෙ මිනිස්සු. ලංකාවෙ මිනිස්සු ඔක්කොම ඔයාගෙ බොරු තරාදියට දාලා කිරන්න එපා. එක හොරෙක් නිසා අනික් මිනිස්සු ගැන හොයන්නෙත් නැතුව එලියට දාලා. ඒක පුදුම වෙන්න දේකුත් නෙවෙයි...ඔයාලා වගෙ හිතන අය තව ඉන්න නිසා.(ස)
ප්‍රීතී, ඔබේ කමෙන්ටුව ගැන කණගාටුවෙමි, මුදලට වඩා රටේ ගෞරවය වැදගත්, ඔබට ඔබගේ ගෞරවය පවා වැදගත් නොවේ නම් අප කුමක් කරන්නද? හරිම කණගාටුයි.(ස)
ඔය තියෙන්නේ
අපි විදේශ රටකදි වැරැද්දක් කලාම ඒගැන කතා කරන්නේ එය කල පුද්ගලයගේ නමින් නෙවෙයි මුලු සමස්ත ශ්‍රී ලාංකිකයින්ම එහෙමයි කියලයි. ඒනිසාම තමයි අනෙක් දහ දෙනාවත් එලියට දැම්මේ. මින් හොදින් රැකියාව කරගන ඉන්න අය දිහාත් විදේශිකයින් බලන්නේ වපර ඇහින්. රටට අවනම්බුවක් එක්කල මේ පුද්ගලයා අල්ලලා ඉතාලියට භාර දෙන්න ඕනෙ දඬුවම් කරන්න. (ස)
ගණකාධිකාරවරයා මෝඩයක්ද ?මෙච්චර ආරක්ෂක වැඩ පිළිවෙලවල් තියෙද්දිත්ද මෙහෙම වෙන්නේ..(ස)
තවත් ශ්‍රී ලංකා වාර්තාවක් (ස)
උඩ අදහස් දැක්වූ බෝධිසත්වයන්ට ඉරිසියාව. ඒ මනුස්සය අහුනොවුනොත් රජෙක් වගේ ජීවත් වේවි..(ස)
සල්ලි ලංකාවටනේ ගියේ..ඒක නිසා මේ ගැන වැඩිය හිතන්න එපා..(ස)
සක්විතිගෙ ගෝලයෙක්ද කොහෙද?(නු)
අපෝ, නම ඇහෙද්දි බයයි. (නි)
නියම වැඩකාරයෙක් . (ස)
සාධාරණයක් ඉෂ්ට කරන්න අනෙක් ම්නිස්සුන්ට
කොලොත් ඔහොම වැඩක් තමයි
ඉතාලිය තුල සේවය කරන අවංක ශ්‍රී ලාංකික පිරිස දස් ගනණකි. මේ වගේ හොරෙක් නිසා ලංකාවට ලොකු අවනම්බුවක් මේක.තවත් විදිහට මෙහෙ බැංකු වලින් ලෝන් ගහලා ලංකාවට පැනපු අය දිනෙන් දින වැඩි වෙනවා.ශ්‍රී ලංකාවේ අභිමානය ආරක්ෂා කර ගන්න ඕන නම් වහාම රජය මේකට මැදිහත්වී මේ හොරු ඉතාලියට නැවත භාර දෙන්න ඕන. (ස)
සන්තෝසයි
චින්තක හරි..!(නු)
මෙයාලා ගිය තැන ගඳ ගස්සනවා .හරියට උරුලෑවා ගිය පාර වගේ..(ස)
දෙකයි පනහේ වැඩක් නෙමෙයි මහත්තයෝ කෝටි 4.3 ක වැඩක් (ස)
වැඩේ කැතයි (ස)
ඔය කියන හැමෝම අවස්ථාවක් එනකම් ඉන්නේ.. අවස්ථාව ආව අය ඒක කරන එක සාමාන්‍ය දෙයක්.. තමන්ගේ පපුවට තට්ටු කරලා අහන්නකෝ මේ මුදල දුන්නනම් මොකද කරන්නේ කියලා.. එතකොට ඔය කාටවත් රට මතක් වෙන්නේ නැහැ.. ඒක තමයි ඇත්ත..!(නු)
යූරෝ 250,000 = 43,000,000 (ස)
කෝටි 4.3 ක් (ස)
නිති පන්සිල් පොහොයට අටසිල් රැකගෙන සිටි අපේ අතීත හෙළයන් පරලොව ඉදලා බලනවා ඇති මේ තරම් තණ්හාවන්තයෝ අපේ පුංචි රටේ ගෞරවය විනාශ කරන හැටි (නි)
දැන් ඉතින් හොයපල්ලාකෝ
මේ මිනිස්සු අපේ රට වනසනවා.(ස)
දැන් මොකද කරන්නේ අපි අපේ සල්ලි කෝ
ලංකාවේ මිනිස්සු කලොත් මෙහෙම දෙකයි පනහේ වැඩක් තමයි කරන්නේ (ස)
ලංකාව බබළවනවා..(ස)
ගම කාල රට කනවා.(ස)
ශ්රී ලාංකිකයිනි ඔබලාට ඉතාලියේ ඉන්න ලැබෙන කාලය ඉතාම කෙටියි (ස)
ඒක හැළියෙයි බත් කන්නේ - කන හැළියෙයි පහරන්නේ... මොකද මේ ලාංකිකයන්ට වෙලා තියෙන්නේ? (නි)
මෙන්න වැඩ..!(නු)
එක්කෙනෙක් කෝටි පතියෙක් උනා දහ දෙනෙකුට රැකියාව අහිමි උනා..!(නු)
මෙන්න වැඩ...!(නු)
මේ රටවල්වට හොරුන්ටද ගමන් බලපත්‍ර ලබා දෙන්නේ..!(නු)
අලිතාලියා ගුවන් යානය පැහැරගත් අපේ අයට ලක්ෂ 450 මොකද්ද?(නු)
කැත වැඩක්..!(නු)
ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි
නන්දන පනාගොඩ ඔබ හරි..සීට්ටු දැමීම සහ අධික පොලියට ණය දීම වැනි දේවල් ආශ්‍රිතව වංචා බොහෝ වැඩි වෙලා..!(නු)
හාර කොටි තුන් ලක්ෂයක්
මෙවන් අය කරන සමාජ පරිහානියට විරුද්ධව වීදිබැසිය යුතුයි (නි)
අයියෝ සල්ලි! (නි)
මෙහෙම කෙනෙක් නම් ඉතිං අහන්න දෙයක් නැහැ. (නි)
සංඛ්‍යාත්මකව බැලූ විට මෙවන් කටයුතු වලට වැඩිපුර සම්බන්ධ වන්නේ වෙන්නප්පුවේ අයයි (නි)
හැරිස්, ඔබ මෙම වාර්තාව හරිහැටි කියවා නැති හැඩයි (නි)
හොරාට කොහෙත් එකයි (නි)
ශ්රී ලංකා සමාජය තුල කුමකටද මේ තරම් වංචා, හොර මැර කම්..?(නු)
ඉතාලියේ ශ්‍රී ලාංකික සේවකයන්ට තියෙන්නේ හොද ඉල්ලුමක්.. මේවගේ හොරු නිසා එම තැන නැතිවෙනවා..!(නු)
මේ පුද්ගලයා වෙන්නප්පුවෙ නේද?(නු)
මේවට දෙන දඩුවම මොකද්ද
ගිය තැන ඉවරයි. සිංහල අයගේ හැටි තමා මේ විදහාපාන්නේ. අපේ රටත් වනසලා දැන් මේ රටවලූත් වනසන්නද හදන්නේ? ශ්‍රි ලංකා නාමයටත් කැළලක්.මේ වන විට දහස් ගානක් ඉතාලියේ රැකියා නොමැතිව අන්ත අසරණව ඉන්න සිංහල පිරිස් හට මරු පහරක්. මෙවැනි සිද්ධීන් වලින් මේ රටවල් වල අවංකව රැකියා කරමින් ඉන්න අයටත් අවනම්බූවක්. ගරු ජනාධිපතිතූමනි,මේ පූද්ගලයින්ට නිසි ක්‍රියා මාර්ගයක් ගෙන දඩූවම් දෙන්න. (නි)
පවු අර වෑඩ කරපු අනිත් අය.
මූව ඇල්ලුවට පස්සේ (අල්ලයිද කියල දන්නේ නැහැ), ආපහු ඉතාලියටම එක්කන් ගිහින් වතිකානුව ඉස්සරහ තියලා මුගේ එක අතක් කපා දාන්න ඕනෑ. ඔක්කොටම පාඩමක් විදිහට. (නි)