නයිජීරියානු කප්පම් කල්ලියක් මගින් පැහැරගෙන ගොස් ඇති ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙක් වූ ජේ ඒ කරුණාදාස මහතා බේරා ගැනීම සදහා තමා ඇතුළු තම කාර්යමණ්ඩලය උපරිම උත්සහයක් ගනිමින් සිටින බව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති ඒ එල් රත්නපාල මහතා ලංකාදීප එසැණට පැවසිය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීය. ‘‘ඇත්තෙන්ම ඔහු සේවය කරපු එරට සමාගමත් ඔහු බේරා ගැනීම සදහා උපරිම උත්සහයක් ගනිමින් ඉන්නවා. ලාංකිකයෙක් මේ විදියට නයිජීරියාවේදී පැහැරගත්තේ පළවැනි වතාවට. මෙයට ප්‍රථම ආසියාතික රටවල අය පැහැරගෙන ගොස් තිබෙනවා. ඇතැම් අයව මරා දැම්මා. වැඩි පඩි නිසා උගත් අය මෙහෙ රැකියා වලට එනවා. ඒ වගේම කප්පන් කරුවන්ගේ මේ අවදානමත් තියෙනවා. විදේශ සමාගම් තමන්ගේ විදෙස් සේවකයන්ට ඉන්න නිවාස ව්‍යාපෘති ඇති කරලා ඒවාට පොලිස් ආරක්ෂාවත් ලබා දීලා තියෙනවා. අපේ කෙනාට පොලිස් ආරක්ෂාවකුත් තිබුනා. නමුත් පොලිස් නිලදාරියා ඝාතනය කරලයි ඔහුව පැහැරගෙන ගියේ. බලමු සුබ දෙයක් අපිට අහන්න ලැබේවි‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාදාස මහතා 1980 -1985 කාලෙ නයිජීරියාවෙදි ළගින් ඇසුරුකළ මගෙ මිතුරෙකි. ඔහු කරදරයක් නොවි නිදහස් වෙවා යයි පතමි. ඔහු දෙවියෙක් බඳු මිනිසෙකි. (බ)
අපගේ සහෝදර ඉංජිනේරුවරයා බේරාගන්න වාසනාව ලැබේවා! (නි)
මෙම රටවලට යාමට පෙර සිතාබලන්න.සිරියාව, ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව,මාලේ, සෝමාලියාව, කොලොම්බියාව සහ මෙක්සිකෝව... (නි)
ඉංජිනේරුවන් නිසා තමයි මිලියන ගණන් ජනතාව වනාන්තර ගල්ගුහා වලින් ඉවත්වී අහස් මාළිගා, අහස්යානා, පාරවල්, ඒවායේ අපි එළවන වාහන, මුහුදේ යන යාත්‍රා සියල්ල අපි ලබාගත්තේ. ඉංජිනේරුවන් වයසට ගිහින් නැත්නම් ලෙඩක් වුණාම තමයි අනිත් අය වගේ අකාර්යක්ෂම වෙන්නේ. එමනිසා මේ ඉංජිනේරුවා බේරාගැනීම අපගේ යුතුකමක් (නි)
ඔබ නියත වශයෙන්ම ඉදිරි දිනකදී අපේ කෙනාව බේරා ගන්නා බවට අපිට විශ්වාසයි. (බ)