IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලාංකිකයා නයිජීරියාවේ දී පැහැර ගනී

නයිජීරියාවේ ඔන්ඩෝ හා කෝගි ප්‍රාන්ත මායිමේ දී ශ්‍රී ලාංකිකයකු කප්පම් ඉල්ලා පැහැරගෙන ගිය බව නයිජීරියා ආරංචි කියයි. නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනුයේ ඉතාලි ඉදිකිරීම් සමාගමක සේවය කළ ඔහු කරුණාරත්න බවයි. කරුණාරත්න බේරාගැනීම සඳහා ගිය පොලිස් සහායකයාගේ වාහනය අතරමග දී නවතා ඔහු වාහනයෙන් ඇද මරා දමා ඇතැයි සහරා රිපෝටර්ස් පුවත්පත කියයි.

කරුණාරත්නගේ රියදුරු නයිජීරියා ජාතිකයා ද තුවාල ලබා රෝහල්ගත කැර සිටියි. කප්පම්කරුවන් කරුණාරත්නගේ නෑයන්ට දුරකථනයෙන් කතාකර ඇතැයි ද අතිවිශාල කප්පමක් ඉල්ලන බව ද කියති. කරුණාරත්න හොඳින් සිටියත් දැඩි මානසික පීඩනයකට හසුවී ඇතැයි නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යලාය කියයි.

නයිජීරියා මහ කොමසාරිස් කාර්යාලය නයිජීරියා පොලිස් කොමසාරිස්ට පැමිණිලි කැර ඇතැයි ද සියළු පොලිසිවලට මේ බව දන්වා ඇතැයි ද කියති. කරුණාරත්න ඉතාලි සමාගම යටතේ දස වසරක්ම නයිජීරියාවේ සේවය කළ කෙනෙකි.



අදහස් (0)

ලාංකිකයා නයිජීරියාවේ දී පැහැර ගනී

දයා අලහාකෝන් Thursday, 21 May 2015 10:03 AM

ශ්‍රී ලාංකිකයා මරා දමන්න මොන ප්‍රශ්ණයක් බලපෑවද දන්නේ නැහැ (නදී)

:       0       0

ශිරන්ති Thursday, 21 May 2015 10:49 AM

දයා අයියේ,මෙතන ශ්‍රී ලාංකිකයා මරා දැම්මා කියලා කියවෙනවද....? බේරා ගැනීමට ගිය පොලිස් සහයකයා මරලා තියෙනවා.රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. (ස)

:       0       0

චමල් Thursday, 21 May 2015 12:01 PM

කෝටියක් පඩි දෙනවා කිව්වත් නයිජීරියාව වගේ රටකට වැඩට යනවද. බොකෝ හරාම් එබෝලා ගැනවත් අහල නැද්ද (නදී)

:       0       0

නාලනී Thursday, 21 May 2015 12:51 PM

අපේ අය යම්දෙයක් තේරුම් ගැනීමේදී ව‍ැරදි ලෙසමයි තේරුම් ගන්නේ (නි)

:       0       0

පහන් Thursday, 21 May 2015 03:57 PM

දයාගේ ෆොටෝ එකක් මම දැක්ක දැන් හොදටම වයසයි අකුරු වරදිනවා .උණුවතුර ටිකක් නාල අැපල් ගෙඩියක් කාල පත්තරේ බලන්න එන්න (නදී)

:       0       0

ශාන් Thursday, 21 May 2015 05:37 PM

අපේ දිගු දුර විහිදුම් බලකාය යවමු වහාම...(ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site