නයිජීරියාවේ ඔන්ඩෝ හා කෝගි ප්‍රාන්ත මායිමේ දී ශ්‍රී ලාංකිකයකු කප්පම් ඉල්ලා පැහැරගෙන ගිය බව නයිජීරියා ආරංචි කියයි. නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනුයේ ඉතාලි ඉදිකිරීම් සමාගමක සේවය කළ ඔහු කරුණාරත්න බවයි. කරුණාරත්න බේරාගැනීම සඳහා ගිය පොලිස් සහායකයාගේ වාහනය අතරමග දී නවතා ඔහු වාහනයෙන් ඇද මරා දමා ඇතැයි සහරා රිපෝටර්ස් පුවත්පත කියයි.
කරුණාරත්නගේ රියදුරු නයිජීරියා ජාතිකයා ද තුවාල ලබා රෝහල්ගත කැර සිටියි. කප්පම්කරුවන් කරුණාරත්නගේ නෑයන්ට දුරකථනයෙන් කතාකර ඇතැයි ද අතිවිශාල කප්පමක් ඉල්ලන බව ද කියති. කරුණාරත්න හොඳින් සිටියත් දැඩි මානසික පීඩනයකට හසුවී ඇතැයි නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යලාය කියයි.
නයිජීරියා මහ කොමසාරිස් කාර්යාලය නයිජීරියා පොලිස් කොමසාරිස්ට පැමිණිලි කැර ඇතැයි ද සියළු පොලිසිවලට මේ බව දන්වා ඇතැයි ද කියති. කරුණාරත්න ඉතාලි සමාගම යටතේ දස වසරක්ම නයිජීරියාවේ සේවය කළ කෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකිකයා මරා දමන්න මොන ප්‍රශ්ණයක් බලපෑවද දන්නේ නැහැ (නදී)
දයා අයියේ,මෙතන ශ්‍රී ලාංකිකයා මරා දැම්මා කියලා කියවෙනවද....? බේරා ගැනීමට ගිය පොලිස් සහයකයා මරලා තියෙනවා.රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. (ස)
කෝටියක් පඩි දෙනවා කිව්වත් නයිජීරියාව වගේ රටකට වැඩට යනවද. බොකෝ හරාම් එබෝලා ගැනවත් අහල නැද්ද (නදී)
අපේ අය යම්දෙයක් තේරුම් ගැනීමේදී වැරදි ලෙසමයි තේරුම් ගන්නේ (නි)
දයාගේ ෆොටෝ එකක් මම දැක්ක දැන් හොදටම වයසයි අකුරු වරදිනවා .උණුවතුර ටිකක් නාල අැපල් ගෙඩියක් කාල පත්තරේ බලන්න එන්න (නදී)
අපේ දිගු දුර විහිදුම් බලකාය යවමු වහාම...(ත)