ඉතාලියේ මිලානෝ නගරයේ සෙස්ටෝ සන්ජොවාන්හි ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු 17 හැවිරිදි ඉතාලි ජාතික බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමට තැත්කළැයි අත්අඩංගුට ගෙන තිබේ.
ඔහු පළමුව දුවෝමොන් නම් වු උමං දුමිරිය නැවතුම්පළේ සිට කදෝනාර් නැවතුම්පොළ දක්වා 30 හැවිරිදි කාන්තාවක් පසු පස හබායනු ආරක්ෂකයින් දැක ඇත. පසුව එතැනින් තමන් පදිංචි ප්‍රදේශයට පැමිණ උමං දුමිරියට ගොඩ වී පාසල් චාරිකාවක් යමින් සිටි ශිෂ්‍යාවන් පිරිසකගේ එක් ශිෂ්‍යාවකගේ ජනනේද්‍රිය අල්ලා ඇතැයි ඉතාලි පොලිසිය කියයි.
මාපියන් සමග යමින් සිටි ශිෂ්‍යාවකගේ ඇගට හේත්තු වී ඇගේ විලි බිය සීදීමට ගිය මේ පුද්ගලයා පොලිස් නිලධාරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයට මානසික රෝගයක් තිබෙනව , ඔහුට ඉතාලියේදී නිසි ප්‍රතිකාර ලබෙයි (අ)
මිනිස්සුන්ට වයින් බිවම කැතවැඩ කරන්න මතක් වෙනවා...ඇයි හොද වැඩක් කරන්න අමතක වෙන්නේ...මුන්ගේ තියෙන පවුකාරකම. (ස)
ලාල් ගලබොඩ, විවිධ මට්ටමට උගත් අය ඉන්නවා. ලිංගික අසාවල් සුදුසු විදිහට පාලනය කරගැනීම තමන්ගේ නුවණ පාවිච්චි කර සිදුවිය යුතු දෙයක්. (ස)
පාල ඔයාට හැමදේටම සේනාව පලි ද ? (ස)
අනේ මන්දා යන්තන් රස්නේ කාලේ ආවා විතරයි , දැන් මෙහෙම නම් තව ඉස්සරට කොහොම වෙයිද? (නි)
"ඇයි මීට කලින් ඉතාලිය දැකලා නැද්ද ?යනවා හලෝ යන්න " (නි)
පිටිගල /ලාල් ගලබොඩ /නන්දන පනාගොඩ , ලෝකයේ කොහේ හිටියත් ඔබ මෝඩ පිරිසකි. (නි)
ලංකාවේ ඉන්න කුඩු කාරයොයි හොරු ස්ත්‍රී දුෂකයෝ සහ කොල්ල කරුවෝ ටිකයි ඔක්කොම ඉන්නේ ඉතාලියේ. (නි)
ප්‍රියා මැදපෙරදිග නීති ලංකාවට කවදාවත් හරියන්නේ නැහැ මොකද ඒ නීතිත් හලාල් නේද ? (ස)
මොහුට, දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනේ. (ස)
දැන් කොහොමද අපේ කට්ටිය ඉතාලි කාරයන්ගේ මූණ බලන්නේ?
මෙයාට නම්, ෂුවර් මොලේ අමාරුවක් තිබිලා තියෙනවා (නි)
දේශපාලඥයින් මෙහේ ඉදලා කුඩා දරුවන් දූෂණය කරද්දී, මෙයා එහේ ගිහින් ඒක කරන්න හදනවා (නි)
මෙහෙම දෙයක් වෙච්ච පළවෙනි වතාව මේක නෙමෙයි. එකෙක් වරදක් කළා කියලා ලංකාවේ ඔක්කොම නුගත්තු කියලා අපහාස කරන්න එපා. (නි)
සුසන්ත 'තොප්පිය' අත් දෙකෙන්ම අල්ලාගෙන දාගෙන වගේ. සුදුසු කට්ටිය දාගත්තට අපි නම් ඕක දාගන්නේ නැහැ. (නි)
මෙයා ලංකාවට ගෙනල්ලා දඩුවම් දෙන්න (නි)
මෝඩ අය කරන නුගත් නොහොබිනා වැඩ නිසා ශ්‍රී ලංකාවටම අපහාසය ලැබෙනවා. (නි)
මෙන්න අරගොල්ලන්ට මදි නොකියන්න කණේ පහරක් (නි)
මම ඉන්නෙත් ඉතාලියේ. නුගත් මිනිස්සු මෙහේ ඇවිත් අපේ රටේ නම කෙලසන එක ගැන ලොකුම පසුතැවිල්ලක් හිතේ තියන්නේ. ඇත්තෙන්ම මම පාරෙ යද්දී ලංකාවෙ කෙනෙක් දැක්කොත් අහකබලන් යන්නේ. අපේ අය මෙහේ ඇවිත් ලැජ්ජා බය නැතිව කරන දේවල් මට පුලුවන් නම් ගම් එක්ක ලියන්න. (නි)
මෙහේ ඇවිත් කට්ටියට සෙල්ලම් කරන්න අමාරුයි. මෙහේ ලස්සන කතා ගොඩාක් තියනවා, කියන්න ආසයි.... (නි)
ලංකාවට හොද පිළිගැනීමක් තිබුණා කලින් නම්. මෙහෙම වුනහම ජොබ් එකක්වත් හොයාගන්න බැරිවේවි (නි)
මෙතන කීදෙනෙක් අවංකද? නුගත් අය ගොඩක් ඉන්නවා (නි)
අනේ මොනවද මේ අපේ කට්ටියට වෙලා තියෙන්නේ? ලිංගික අතවර, හොරකම්, චන්ඩිකම්... ඉතාලියත් ඉවරයි වගේ. (නි)
මෙතන තියෙන්නේ උගත්කම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. බුද්ධිය නැතිකමයි. (නි)
දේශ සීමා පැනලා හොරෙන් ඉතාලියට ගියේ දක්ෂකමින් යැයි හිතන සමහරුන්ට මෙවැනි නොහොබිනා වැඩ කිරීමත් දක්ෂකමක් කියා හිතෙනවා ඇති. (නි)
දැන් එහෙ ඉන්න ඉතාලිකාරයෝ මේක සාමන්‍ය අතවරයක් ලෙස නොතකා සිංහල කෙනෙක් ඉතාලි කෙනෙක් දුෂණය කළා කියලා ගල් ගහනවද කියලා බලන්න. (නි)
සදුන්, මෙයාව ලංකාවට ගෙනෙන්න කියන්නේ දඩුවම් කරන්නද? ලංකාවට ගෙනාවොත් දඩුවම? එයාට ඉතාලියෙන් හොදට දඩුවම් ලබෙයි. එහෙම හිටපුදෙන්. ලංකාවට ඇවිත් තවත් බාල වයස්කාර දැරිවියෝ ටිකක් අනාත කරාවි. (නි)
ලංකාවේ ඉන්න සිංහලයෝ කවදාවත් ඕක පිළිගන්නේ නැහැ. (නි)
කෝ අපේ සේනාව? (නි)
නුවන්ගේ කතාව නම් සහතික ඇත්ත (නි)
නෝර්ටි වැඩක්... (නි)
සරුව සුනිල්ගේ නෑදෑයෙක්ද?(නදී)
ඉතාලියට යන වැඩි පිරිසක් නුගත්. ලෝකේ කොහේ ගියත් ඔය පිරිස කරන්නේ නුගත් වැඩ .(නදී)
තමන් කාපු තැන පහරන අය... (නි)
ඔය වගේ අයගේ අවයවයක් කපලා කටේ ඔබලා ලංකාවට එවන්න. ඉතුරු හරිය ලංකාවේ අය බලා ගනීවි. (නි)
ධීවර ට්‍රෝලර් වල නැගල අද ඉතාලියට නුගතුන් විශාල පිරිසක් පැමිණ සිටිනවා. ඒ අයට ඉන්නට බලපත්‍ර ලබාදෙන්නෙත්, රැකියා වලට සහ විශ්‍රාම වැටුප් වලට පහසුකම් සලසන්නෙත් ඉතාලි රජය නම් මේ දේවල් වලට මුහුණ දෙන්නත් ඔවුන් වග බලා ගත යුතයි.(නදී)
මේ ඇහුණද, ජනනේන්ද්‍රිය කියන්නේ මොකක්ද? මම මේ ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
තවත් ලාංකිකයෙකුට තියෙන තත්ත්වය නැතිකරන එක තරම් පහත් දෙයක් තවත් තියෙනවද? (නි)
සරත් ලංකාවේ කෙනෙක් දැක්කහම අහක බලාගෙන යන්නේ ඊර්ෂ්‍යාවට. (නි)
මේ අය රටේවත් නම රකින්නෙ නැතිකොට වෙන රටවල් ගැන මොන කැක්කුමද? මේ වගේ දේවල් වලින් රටේ ආශ්චර්යය කොහොමත් ලෝකෙට පේනවා. අපේ රටේ හරි දඬුවම් ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට මේවා මෙහෙමෙ තමයි. (නි)
බේබද්දෝ, වංචාකාරයෝ, සල්ලාලයෝ දැන් ඕනාතරම් ඉතාලියේ ඉන්නවා.(නදී)
මේකේ අදහස් දක්වලා තියෙන සමහරුන්ටත් අත්දැකීම් තියෙනවා වගේ. (නි)
නිමල් ඔයා කියන්නේ කොහොමද ඉතාලියේ ඉන්නේ නුගතුන් කියලා .සෞදි අරාබියායේ ඉන්න ඔක්කො උගත් අයද? (නි)
ලාංකිකයන් ලෙස ඒ රටට ඇතුළුවන නවකයන් කවුරුන්දැයි සොයාබලා උපදෙස් ලබාදීම ඒ අයට රටේ නීතිය පහදා දීම නොකිරීමෙන් මෙවැනි දේ සිදුවීම පුදුමයට කරුණක් නොවේ. (නි)
පාල මේ දවස්වල සේනාව ඇමරිකාවේ.(නදී)
එක දවසින් පිස්සු හැදිලා එදාම බෙහෙත් දීලා නේද?(නදී)
ඉතාලියේ වැඩි හරියක් ඉන්නේ බේබද්දෝ සහ නුගත්තු. එයිනුත් වැඩි හරියක් වංචාකාරයෝ. (නි)
ඕක මොකද්ද සෞදියේ වෙන දේවල් දැක්කම.. (නි)
අපේ කෙනක් කරපු හින්ද තමයි ප්‍රශ්නේ ඉතාලි අයට නම් ඕක සුළු දෙයක් (ස)
යුරෝපයේ ඉන්න අපි දන්නවා යුරෝපා ජාතිකයෙක් කවදාවත් කාන්තාවක් දිහා අශිලාචාරව බැල්මකවත් හෙලන්නේ නැහැ. අපි 2500 ක සංස්කෘතික උරමය තලු ගහමින් කරන මෙවැනි වැඩ ඇත්තටම ලැජ්ජයි.(ස)
මේ තමයි අසහනය කියන්නේ. මුළු ලංකාවම සවුත්තු වෙනවා. (නි)
අද වෙනකොට මිලානෝහි හිරගෙදරක් වෙන්නප්පුවේ කට්ටියගෙන් පිරිලාලු. (නි)
මෙයා නම් ලංකාවේ බස්වල නිතර ගමන් ගිය 'පනා පුත්‍රයෙක්' වගේ. (නදී)
ඉතාලිය වයින් වලට ප්‍රසිද්ධ රටක්නේ. ඉතින් ඔය වගේ දේවල් ගැන පුදුම වෙන්නෙපා. ඔය ජාති බිව්වොත් ඩබල් ට්‍රිබල් වෙනවනේ. (ස)
මොකද මේ පාලයි / ලාල් ගලබොඩයයි ඉතාලියේ ඉන්නෙ නූගත්තු කියන්නෙ. ලැජ්ජනැද්ද ඕහේලට. ඇයි ඔයිට කලිං ඔය රටවල්වල ලංකාවෙ මිනිස්සු ඔය වගේ වැඩ කරල නැතෙයි..? (අ)
හා...හා...සුසන්ත සන්සුන් වන්න ඔහොම නොසන්සුන් වෙලා ප්‍රශ්න විසදන්න බෑ (අ)
මෙහෙ දේශපාලකයෙක් ට්‍රේනින් එකකට යවන්න ඇති. මොකද පළපුරුද්ද තියෙන ටික දෙනයි තවම ඉන්නේ (නි)
ලංකාව වගේ කියල හිතුවද පිට රට, ලෝකේ කොහේ ගියත් අපේ කම රක ගන්න බැරි හැටි. ලංකාවට ගෙන්න ඕන මැදපෙරදිග නීති, නැතුව නම් කවමදාවත් රට හදන්න බැ.(ස)