ඉතාලියේ මෙසීනා නුවර මිලස්සෝ පෙදෙසේ රොතෙල්ලෝ පාරේදී හතළිස් හැවිරිදි ශ්‍රී ලාංකිකයකු ලේ විලක් මැද මැරී සිටි බව ඉතාලි පොලිසිය කියයි. ගංගාවක්ද පිහිටි එම දැකුම්කළු පෙදෙසේ අවන්හල්වලට සවස් කාලයේ රෝස මල් විකිණීමට ගිය මෙම ශ්‍රී ලාංකිකයාගේ මරණය අබිරහසකි. ඔහු කාගේ කවුදැයි පොලිසියද නොදනී. හඳුනා ගැනීම සඳහා කිසිම ලියැවිල්ලක් ඔහු ළඟ නොවීය. සිරුර මැමෙර්තිනෝ රෝහලේ තබා ඇත. මේ අපරාධයේ සුළමුල සොයා පොලිසිය එම පෙදෙසේ පදිංචි සංක‍්‍රමනිකයන්ගෙන් ප‍්‍රශ්න කැරගෙන යයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ කවුද දන්නේ නැතිලු. එහෙත් ලාංකිකයෙක්ලු. අනේ පවු! කවුරු වුණත්. (නි)
මැරෙන්නම ගිහින්ද? (දී)
අහිංසකයෙක්.(ස)
කව්ද මරල තියෙන්නේ? (දී)
යොහාන් ඔයාට වැරදුණා. ඉතාලියේ ජනතාවත් ඉන්නවා එහෙ අපේ අය අතර....!!!(නු)
මල් වික්කනමි බංගලි ජාතිකයෙක්......(නු)
මෝඩ ප්‍රතිචාර දාන්න එපා. (නි)
කව්ද මේවාට වග කියන්න? (දී)
ගොඩක් බන්ගලිදේශ් මිනිස්සු ලංකාවේ මිනිස්සු වගේ නිසා එහෙම හිතලා කියනවා ඇති .කොහොම වුණත් හරිම කණගාටුයි. (නි)
සමහරවිට මේ ශ්‍රී ලාංකිකයෙක් නොවෙන්නත් පුලුවන්. (නි)
කව්ද මේ සමන්ත (දී)
නිකම්ම මැරිලද? (දී)
"හඳුනා ගැනීම සඳහා කිසිම ලියැවිල්ලක් ඔහු ළඟ නොවීය" එහෙනම් කොහොමද එයා ලාංකිකයෙක් කියල දැන ගත්තේ?(නු)
කව්රු උනත් ලාංකිකයෙක් නේ (දී)
ලංකාවේ කියල දන්නේ කොහොමද?
ඇත්තටම මෙයා ලංකාවේද? (දී)
මට නම් හිතෙන්නේ, ඒ මියගොස් තියෙන්නේ ලාංකිකයෙක් නොවේ, බංගලිදේශ් ජාතිකයෙක් කියලයි. (නි)
හරියටම ලංකාවේද? (දී)
හදුනා ගන්න කිසිම දෙයක් නැහැ නේ (දී)
හොයන්න කවුද කියලා අපේ අයත් ඉන්නවා ඉතාලියේ...!!(නු)
හදුනාගැනීමට නොහැකි සියලුම දෙනා ලාංකිකයෝ කියලා මේ රටවල මිනිස්සු හිතනවාද දන්නෙ නැහැ... (නු)
වයස විතරක් හොයාගත්තේ කොහොමද?
මෙයාට වයස 40 කියලා කිව්වෙ කොහොමද? ඒක ඇගේ ලියලා තිබුණද?(නු)