බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු එහි නියෝජිතයන් 13 දෙනෙකු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් පුරප්පාඩු වූ මහ ඇමති ධූරය ඇතුළු අනෙකුත් තනතුරු ලබාගැනීම සඳහා එහි මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු අතර දැඩි තරඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
විශේෂයෙන් එහි ප‍්‍රධාන අමාත්‍ය ධූරය ලබා ගැනීම සඳහා පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, අමාත්‍යවරුන් වන ගාමිණී තිලකසිරි, උපාලි කොඩිකාර, රංජිත් සෝමවංශ යන මහත්වරුන් අතර සිව් කොන් සටනක් පවතින බව පළාත් සභාවේ ප‍්‍රකාශකයෙක් කීවේය
මීට අමතරව නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තු යාමෙන් හිස්වන බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රවාහන ක‍්‍රීඩා තරුණ කටයුතු සමූපකාර කටයුතු ධීවර හා සංචාරක කටයුතු අමාත්‍යධූරයත් සිසිර ජයකොඩි මහතා ඉවත්වීමෙන් හිස්වන ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ධූරය හා හර්ෂණ රාජකරුණා මහතා ඉවත්වීමෙන් හිස්වන විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරය ලබාගැනීමට ද ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලීම් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝහන්ගේ කතාව හරියටම හරි (නි)
මංජු ශ්‍රී අරංගල මැතිතුමාටත් වැදගත් තැනක් හිමිවෙන්න ඕනෑ. 2010 මැතිවරණයෙන‍් කොළඹින් පාර්ලිමේන්තුවට එ.ජා.ප 7ක් යද්දි එතුමා 8 වෙනි තැන හිටියේ. ඊටපස්සෙ බස්නාහිර පළාතෙ විපක්ෂ නායක වුණා.මේ සැරේ 13 වෙනි තැන.මනාප 56359 අරගෙන.මංජු ශ්‍රී අරංගල මැතිතුමා තමා බස්නාහිර පළාත් මහ ඇමති වෙන්න ඕනෑ හරි නම්. හෝමාගම ජනතාවගෙ හඬ අසා, පක්ෂයට දරදිය ඇද්ද,පක්ෂ ගැටුම් තියෙන අවස්ථා වල පක්ෂය සමඟ සිටි මිනිසා මංජු ශ්‍රී අරංගලයි. (නි)
දැන් පත් වෙලා ඉන්න කට්ටිය බැලුවම මහා ඇමැතිකමට සුදුස්සා තමා උපාලි කොඩිකාර. මොකද උගත් , බුද්ධිමත් කෙනෙක්ට ඕක කරන්න අමාරු නිසා. (ම)