ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ නීති මහාචාර්ය අනුරුද්ධ උදේනි ධම්මික ධර්මපාල (41) චිකාගෝ දුම්රියපොළකදී පිහි ඇනුම් කා රෝහල් ගත කරනු ලැබීය. ආර්ථික විද්‍යාව හා බදු ප්‍රතිපත්තිය පිළිබඳව ද විශාරදයකු වූ ඔහු ඇම්ට්‍රැක් දුම්රියක් බලාපොරොත්තුවෙන් සිටිය දී ජොෂුආ ස්කැග්ස් (23) නම් තරුණයකු පිහියකින් ඔහුගේ බෙල්ලට පහරදී ඇතැයි ද ‘තම රට බේරා ගැනීම සඳහා මේ ක්‍රියාව කළ බව ද ඔහු පවසා ඇත. එයින් පෙනෙනුයේ මහාචාර්යවරයා වෙනත් ජාතිකයකු නිසා පළිගැනීමට සඳහා පිහියෙන් අනින්නට ඇති බව යැයි ඇමෙරිකා පොලිසිය කියයි. මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ සැකකරුට චෝදනා නඟා ඩොලර් 500000ක ඇප මහත මුදා හැර ඇත. තේරුමක් නැති ප්‍රකෝපකාරී සිද්ධියකින් තම සරසවියේ සාමාජිකයකු බරපතල තුවාල ලැබූ බවත් ඔහු බේරා ගැනීමට උදව්කළ හැමට ස්තුති කරන බවත් කීය. ඉලනෝයි සරසවියේ සභාපති මයිකල් හෝගන්, සරසවි කාර්ය මණ්ඩලයට දන්වා ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ දැනුමින් තමන්ගේ රටට සේවයක් කළා නම් ඔය කරදර නැහැ.