ශ්රී ලංකාවේ විමුක්ති සමීර මහින්දරත්න (24) බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයේ 2012 උපාධි ප්‍රදානෝත්සවයේ දී විද්‍යාවේදී (පළමු පෙළ ගෞරව ) උපාධිය තවත් විශේෂ සම්මාන තුනක් ද සහිතව දිනාගත්තේය. රාජ්‍ය සංනිවේදන සඳහා වන රැජින සම්මානය , වසරේ හොඳම ශිෂ්‍යයා සඳහා වන උපකුලපති සම්මානය හා නායකත්ව හා කළමණාකරණ ආයතනික සම්මානය එම විශේෂ සම්මාන තුනයි. කොළඹ මහානාම හා රාජකීය විදුහල් හී මූලික අධ්‍යාපනය ලැබූ විමුක්ති, ඊස්ට්බෝන් පාර්ක් විද්‍යාලයයේ දී විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයට ඇතුළත් වුයේ ශිෂ්‍යත්වයක් ද දිනා ගනිමිනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය(දී)
අපට රටට වැඩදායකවෙන්න.. නුඹවන් පුතුන්ට ජයම වේවා..!!(නු)
ඇයි අපේ මිනිස්සු මේ විදියට පටු විදිහට හිතන්නේ. අපි ඔහුගේ දක්ෂතා අගය කල යුතුයි. මේ දරුවා ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියානම් ඔහු තවමත් වර්ජන නිසා ඇතුලේ හෝ නවක වද නිසා විශ්ව විද්‍යාලය අත්හැර ගිහින්. මේ වගේ පටු චින්තනය නිසා තමයි අපි දියුණු වෙන්නේ නැත්තේ. ඔබ දන්නවද 2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරන බව? සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන විට මේ දරුවා බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට යාම වරදක් වන්නේ කෙසේද? (නු)
විදේශිකයන් කල පලියට, ඒ අය කොපි කර,කොන්ඩෙ වවා පාට දමා,කන් විද කරාබු දමා,ඇඟේ පච්ච කොටා, ලංකාවේ සමහර අයියලට නැතුවම බැරි බීර බි බී, දුම් කුඩු පානයෙන් මත්ව,කටේ රැප් ගායනයෙන් ද, මේ රටේ රේඩියෝ නාලිකාවල ඉන්නා වූ නිවේදිකයන් මෙන් 'සින්ගිරිස්' කට ගා ගත්ත කෙනෙක් නොවී, අනාගතේදී, නියම සිංහල කම රැක ගත් පුතෙක් වී, මේ රටේ සිංහල දෙමල මුස්ලිම් ජනයාට සේවය කිරීමට, තුනුරුවන් ගේ සරණින්,මේ රට රකින සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවන්ගේ පිහිටෙන්, නුඹට යෝධ බල යෝධ හයිය ලැබේවා!(නු)
ලංකා ඔබතුමා අහපු නැති දේවල් තව ගොඩක් ඇති.... මුලින් තමන් ගැන හොයන්න...(නු)
සුභ පැතුම්..!!(නු)
සුභ පැතුම් පුතා.. හොද මිනිසෙකු වන්න..!(නු)
ලක්සිරි ගමේ හොද කොල්ලෙක්. (නි)
මේ යුනිවර්සිටි එක ගැන අහල නැත්නම් මෙන්න වෙබ් ලිපිනය: www.northampton.ac.uk (වි)
ලංකා ඔයා බොරුවට උඩ පනින්න එපා. කෙනෙක් ජයක් ලැබුවාම සතුටු වෙන්න. කොහොමටත් ඔයාට මාර හීන මානයක් තියනවා ඔයාට වඩා අනිත් ය පහත් කියල. (වි)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා! විමුක්ති ඔබට සුබ පැතුම්..(වි)
ජය වේවා...!! ජය වේවා..!!(වි)
සිරිලක් මවගේ අනාගතේ රැදී තිබෙන්නේ ඔබේ අතේ. (නි)
මෙ සම්මාන ඔබ ට විතරක් නොවේ රටම ලැබූ සම්මානයි .ඔබට ජය .. (දී)
සුභපතනවා ඔබට !!!!!!!!! (දී)
කාසි පනම් හිටි හැටියේ.. සතුරෝ ගෙන යති රහසේ පොතින් පතින් ලද දැනුමේ.. ධනය සදාකල් සුරුකේ..!! (නු)
ජය වේවා (දී)
අපේ රටේ කොල්ලට ජයවේව (දී)
නියමයි. උසස් ජයග්‍රහණයක්. (නි)
ලංකා, ඔබ සරසවි කීයක් ගැන දන්නවාද? අන්තර්ජාලය ගැන දන්නවා නම් කරුණාකර එහි ගොස් පරීක්ෂා කර බලන්න. (නි)
ලක්සිරි, ඔබ ලියා ඇති විදියට ''මේ රටේ රේඩියෝ නාලිකාවල ඉන්නා වූ නිවේදකයන් මෙන් 'සින්ගිරිස්' කට ගා ගත්ත කෙනෙක් නොවී...'' මේ රටේ ඉංග්‍රීසි එෆ්.එම්. සේවයන්වල වැඩ කරන 'සිංහල දෙමළ නිවේදිකාවන්' එකම සිංහල හෝ දෙමළ වචනයක්වත් කියන්නේ නැත්තේ මොකෝ? (නි)
මේවා ගැන ඇයි මෙච්චරටම වර්ණනා කරන්නේ? (නි)
නාලක, වර්ණනා කරන්නේ මේකයි. මොන විශ්ව විද්‍යාලයක වුණත් පාස් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ සම්මාන ගන්න එක හැමෝටම කරන්න බැහැ. අයින්ස්ටයින්ලා හිටියේ ලෝකෙට එකයි. උසස් අධ්‍යාපනය ලබපු අය මේවා අගය කරනවා. අනිත් එක ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල තත්වය උසස්. (ඒක තමයි ඇත්ත) (නි)
මේ සම්මානයේ ඇති වටිනාකම කුමක්ද? (නි)
මේ යහපත් දේවල්වලට මෙවැනි දස්කම් දක්වන ශ්‍රී ලංකා පුත්‍රයන් පිළිබද ව මීටත් වඩා වැඩි ප්‍රසිද්ධියක් දෙන්න ඕන.අපරාධකාරයින්ට මේ රටේ මාධ්‍ය මීට වඩා ලොකු ඉඩක් වෙන් කරනවා. මේ දරුවා යම්කිසි දවසක ලංකාවට ඇවිත් මේ රටට සේවය කරන්නේය යන ආදරණීය පැතුමත් අපට තියෙනවා.(ස)
සුභ පැතුම්, සුභ අනාගතයක් වේවා !(ස)
ඉතා හොදයි. සුභ පැතුම්! (නි)
ජයවේවා
සන්තෝසයි
මට ගොඩක් සතුටුයි. (නි)
ලන්ඩනයේ ජීවත්වන විමුක්ති අධ්‍යාපනයට මෙන්ම විශේෂයෙන් ගායනය මෙන්ම නිවේදන කලාවටද දස්කම් දක්වන්නෙකි. බටහිර රටක ජීවත් වන තරුණයකු වුවත් රැල්ලට හසු නොවී දේශීය රසය මතු කරන ගීත ගායනය මොහු තුල ඇති වඩාත් වටිනා ගුණාංගයක් ලෙස මම දකිමි. ඔබට ජය..!! (නු)
මගේ සුභ පැතුම් (දී)
ජය වේවා...!! ජය වේවා..!!(නු)
දයාබර විමුක්ති.. සුභ පැතුම් ඔබගේ විශිෂ්ඨ දස්කම්වලට.. සහ සුභ පතනවා...(නු)
ලංකාවට ගෞරවයක්.. අපගේ සුභ පැතුම්.. හොද අනාගතයක් පතමු..!! (නු)
මම මේ වගේ විශ්වවිද්‍යාලයක් අහල නැහැ.. කරැණාකරලා කියන්න ඔබ සමග කීදෙනෙක් මෙම උපාධිය සම්පූර්ණ කලාද කියලා..??(නු)
ඔබ අපේ සැමට විශාල සම්පතක් ජයවේවා පුතේ. (අ)
එංගලන්තයේ ඉන්න ලංකාවේ කෙනෙක්ට කිඹුහුමක් ගියත් වටිනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලත් හොඳ හොඳ වැඩ දාපු අය ඉන්නවා. අඩුම ගණනේ උපාධි ප්‍රධානෝත්සවයක්වත් වාර්තා කරලා තියනවාද? (නි)
අපි ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි.. සුභ පතනවා ඔබට තව තවත් දිනන්න..!!(නු)
ඔබට ජයෙන් ජය ලැබේවා.. ලංකාව අමතක කරන්න එපා..(නු)
ජයවේවා...!! දළදා සමිදු පිහිටයි..!!(නු)
ජය වේවා කොහේ ගියත්.. අපේ කම රැක ගන්න.. ඔයාට මගෙන් සුභ පැතුම්..!!(නු)
ලංකා සුභ පතන්න පුරැදුවන්න..(නු)
ඔයවගේ ප්‍රශ්ණ අහන්නෙ නැතිව සුභ පතන්න..පුරුදුවන්න(නු)
දයාබර පුතණුවනි ඔබ අපට සම්පතකි..!(නු)
ජයවේව !! "ඔබට ලොකු ගමනක් යන්න තියෙනවා පුතේ " (දී)
ඔයා ලක්මෑණියන්ට රත්තරං වටින පුතෙක්.. ඔබගේ සේවය මව් රටට පැමිණ ලබාදෙන්න.. ඔබට ජය..!(නු)
ලංකා දක්ෂ දරුවන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න.. (නු)
අපේ සුභ පැතුම්..!!(නු)
ලංකාවේ අය විදේශ උපාධි වලට බැන බැන තව විදියකට උදම් අනනවා. (නු)
රටට සේවයක් කරන්න ලංකාවට එනවා නේද?(නු)
මේ වගේ දක්ෂයෝ දැකීමත් වාසනාවක්.(නු)
මට සමාවෙන්න. (අ)
දැන් ඉතින් මෙයාගෙන් ලංකාවට සේවයක් බලාපොරොත්තු වෙනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක් .... මෙලහකටත් එංගලන්තේ හොඳ රැකියාවක් ලැබිල ඇති ... අපේ අය මෙහෙ ඉඳන් ලංකාවේ ඉපදුන කෙනෙක් හින්ද අප්පුඩි ගහනවා .....(නු)
ඔබට අපෙන් සුබ පැතුම් (අ)
මුළු හදින්ම සුභ පතනවා පුතා.. ඉතාමත්ම උසස්..!!(නු)
අනේ මගේ ඊර්ෂ්‍යාවක් නම් නැහැ. බොහොම හොදයි. එහෙත් මේක ප්‍රවෘතියක් නම් නෙමෙයි. නොර්තම්ප්ටෝන් කියන්නේ එංගලන්තේ හුගක් පසු පෙළ විශ්වවිද්‍යාලයක් සහ ඔය රැජින සම්මානය (මම දන්නේ නැහැ මොකක්ද කියලා) ඇරෙන්න අනිත්වා නම් ලංකාවේ හුගක් ළමයින් ලබා ගන්නවා. ඉතින් ඒ ළමයින් ගැනත් දාන්න වටිනවා එහෙම නම්. (නි)
විමුක්ති ලන්ඩන් නුවර දීර්ග කාලයක් ජීවත් උනත් සිංහල කම අමතක නොකළ කෙනෙක්. ලන්ඩනයේ ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සව සඳහා නිබදව සිය සම්පත් දායකත්වය නොමිලයේ ලබාදෙන කෙනෙක්. මෙවැනි සිංහල තරුණයන් අප කාටත් ආඩම්බරවියහැකි අය ලෙසටයි මම දකින්නේ.ඔබට ජය පතමි.තෙරුවන් සරණයි.(අ)
ඔබට සුභ පැතුම් විමුක්ති අයියේ! (නි)
ලන්ඩන්, නෝර්ත්හැම්ටන්, ඊස්ට්බොර්න් කියන්නේ එකිනෙකට ගොඩක් දුරින් තියෙන්නේ.. (නු)