කුවේට්, පොලිස් නිලධාරියකුට කුවේට් ඩිනාර් 300ක (රුපියල් 138000ක) අල්ලසක් දීමට තැත් කළැයි ලාංකික ගෘහ සේවිකාවක කුවේට් ආරක්ෂක අංශ විසින් අත්අඩගුවට ගනු ලැබීයැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. සොරකම් කිරීම් ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සගයන් තිදෙනකු බේරා ගැනීමට මේ පගාව දීමට උත්සහා කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. ඒ නංගිට රටවල් දෙක පැටළිලා වගෙයි. (නි)
සමහරු ලෙඩ දා ගන්නවා . තවත් අය ලෙඩ හදාගන්නවා (ස)
රැකියාව- ගෘහ සේවිකාව රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් දෙන්නේ පොලිසියට හොරකමට අහුඋන කොල්ලෝ තුන්දෙනා බේරගන්න. පේනවා නේද අපේ අය කරන හපන් කම් අරාබි දේශයට ගිහින්. මෙවැනි මිනුස්සු නිසා ඒ රටේ ඉන්න අනිත් ශ්‍රී ලාංකිකයන්ටත් උපන් දේශයටත් දෙයියන්ගේම පිහිටයි (ස)
ෂුවර් එකටම කසිප්පු පෙරලා වෙන්න ඇති හිරේ ගිහින් තියෙන්නේ (ස)
පගා ගන්න නොගන්න අය කොහෙත් ඉන්නවා. (නි)
අපේ අය කොහේ ගියත් පුරුද්ද අතහරින්නේ නැහැනේ. (නි)
ලංකාවේ පොලිසිය වගෙයි කියලා හිතන්න ඇති. (නි)
මංජුල ඔයා මේ රට ගැන දන්නේ නැහැ. ඩිනාර් 300 කියන්නේ ඉතාම පොඩි ගානක්.. මේ රටේ අල්ලසට කියන්නේ ඇරබියන් වස්තා කියලා වස්තා පටන් ගන්නේ ඩිනාර් 500 සිට..!(නු)
හරියට වැඩකරගන්න බැරි වෙන්න ඇති ,නැත්නම් කට්ටිය නොගෙන ඉදිවී (ස)
ක්වේට් ගැන කට්‍ටිය දන්නෙ නැතුව වගෙයි.මේ රටේ තරම් පගා ගන්න පොලිසියේ අය මේ ලෝකෙ කොහේවත් නැතුව ඇති.මෙහේ සල්ලි තියෙනවා නම් කරන්න බැරි වැඩක් නැහැ. (ස)
දැන් සල්ලි අල්ලස් ගන්නවා අඩුයි. දැන් ගන්නේ ලිංගික අල්ලස්. (නි)
කොච්චර සල්ලි තිබුණත් ඔය වගේ දේවල් අතරමැදියන් හරහා ඕනෑ තරම් කුවේට් වල තියෙනවා. (නි)
මංජුල දන්නෙ නැහැ.. එහෙත් ඉන්නවා පගාව ගන්න අය.. වීසා නැතිව හැංගිලා ඉන්න අය පොලිසියට ගානක් ගෙවලා තමයි ඉක්මනට ලංකාවට එන්න මග පාදාගන්නේ..!(නු)
අනේ නංගී, ඒ රටේ පොලිසියේ කෙනෙකුගේ පඩියට පගා ගෙවන්න ඔයාට අවුරුදු 2ක්වත් මැරි මැරී වැඩකරන්න වෙයි. (නි)
අපේ රටේ පොලිසියට වගේ එයාලට සල්ලි අවශ්‍ය නැහැ. මොකද සල්ලි පොළවෙන් උනනවනේ. (නි)
ඒකට අපේ පොලිසිය... (නි)
ධර්මද්වීපයේ ඉන්න පොලිස් නිලධාරීන් වගේ කියලා හිතන්න ඇති. (නි)
කොහොමත් මැද පෙරදිකග රටවල නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.!(නු)
මේක ඉල්ලන් කෑම නෙමෙයි. (නි)