ඉන්දියාව තුළ කොටි සංවිධානය යළි පිහිටුවීමේ ක‍්‍රියාකාරකම් වල නිරතවූයේ යැයි සැකපිට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ලාංකිකයින් හයදෙනාම කොටි සාමාජිකයින් නොවන බව එම බලධාරීන් තහවුරු කර ගෙන ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කරයි.
මොවුන් සියලූ දෙනාම ප‍්‍රංශය බලා යෑමට සුදානමින් සිටි ලාංකික සරණාගතයින් පිරිසක් බව ඉන්දීය ආරක්ෂක අංශ තහවුරු කර ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ. මේ සඳහා ඔවුන්ට කල්කටා වැසියකු උදව් කර ඇති අතර ගමනට අදාළ ලියකියවිලි බාර ගැනීම සඳහා කල්කටාවට පැමිණ සිටියදී මෙම ලාංකිකයින් පිරිස අත්අඩංගුවට පත්ව තිබේ.
ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමේ ක‍්‍රියාකාරකම් වල නිරතවූයේ යැයි සැකපිට ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු ඉකුත් සතියේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
බටහිර බෙන්ගාලයේ නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යේ හිටපු සාමාජිකයින්ගේ සහාය ඇතිව ත‍්‍රස්ත කටයුතු සංවිධාන මෙහෙය වන බවට ඉන්දීය පොලීසියට තොරතුරු වාර්තාවී ඇති අතර ඒ සඳහා ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙහෙයුම් දියත් කළේය.
මේ අතර මෙම ලාංකිකයින් සය දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් නැක්ස්ලයිට් සංවිධානයක් සමඟ සබඳතා පවතින බවට පොලීසිය කළ චෝදනා ද ප‍්‍රතික්ෂේප කර නැතැයිද පැවසේ.කෙසේ වෙතත් සැකකරුවන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා එරට පොලිස් රැඳවුම් භාරයට පත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු ඔහොම යමු (ම)
අපෝ....! තව ටික කාලයක් ගියාම කියාවි ලංකාවේ සිංහයෝ නැතත් කොටි නම් ඉන්නවා, නමුත් ඒ කැලෑ වල විතරයි කියලා. හමුදාව යුද්ධ කළේත් තේරුමක් නැතුව කියලා. (නි)
හරියටම හොයාගත්තේ කොහොමද දන්නේ නෑ (ම)
හයදෙනාම කොටි සාමාජිකයින් නොවන බව එම බලධාරීන් තහවුරු කරගෙන ඇතත් ඉතින්, වරදක් කරද්දී කොටිම වෙන්න ඕනෑ කියලා නැහැනේ. (නි)
ඔහොම යමුකෝ! (නි)