ඉශායල් රටේ ජෙරුසලම්හි සේවයකරන ලාංකික සාත්තු සේවිකාවක් තමන් බලාගන්න වැඩිහිටි කාන්තාවට මීට සති 2 කට පමණ පෙර අමානුෂික ලෙස පහර දෙන අයුරු මෙහි දැක්වේ. මවගේ ශරීරයේ ඇති අසාමාන්‍ය සලකුණු නිරීක්ෂණය කොට. පවුලේ සාමාජිකයන්ට ඇතිවුණු සැකය මත, රහසිගතව සවිකරන ලද කැමරා මගින් මෙම වීඩියෝව ලබාගෙන ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර 8 කට ආසන්න සිරදඩුවමකට ඇය ලක් කර ඇත. මෙය ඉශ්‍රයලයේ ලාංකිකයකු කළ පළමු වන පහර දීම නොවන අතර මීට වසරකට පෙර මෙලෙසින්ම පහරදුන් ලාංකික පිරිමියකුටද වසර 6ක සිර දඩුවමක් නියමවී ඔහු සිර දඬුවම් විදිමින් සිටියි. මෙම වීඩියෝව ඊශ්‍රායල් රුපවාහිනියක (චැනල් ඒසර්) (channal 10) (ඒසර් යනු 10 ට කියන නමයි) ප්‍රචාරය විය. මෙය ඉස්රායල් ජාතිකයකු විසින් රූපවාහිනියෙන් වීඩියෝ කර හිතවතකුට ලබා දෙන ලද්දකි. මෙය පළවූ වෙබ් අඩවියක් ගැනවිස්තර නොදන්නේ මෙරටෙහි බොහෝ වෙබ් අඩවි හීබ්රූ භාෂාවෙන් පලවන බැවිනි. මෙහි සත්‍ය තාවය පිලිබඳ 100% ක් සහතික විය හැකිය. මෙහි දර්ශන 16-09-2012 සිට 23-09-2012 පටිගතවූ ඒවා වන අතර, මෙහි සිටින කාන්තාව වරද කාරිය වී දඩුවම් නියම වූ පසු මෙම වීඩියෝව සති 2 කට පමණ පෙර,(channal 10) රුපවාහිනියේ ප්‍රචාරය විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් නිසා තමයි මිනිස්සු ඇණ ගහන්නේ (ස)
ඉවසීම නැති කම නිසයි මෙවැනි දේ සිදුවෙන්නේ (ස)
පහරදීම වෑරදී නමුත් හරි විස්තරයක් නොදෑන අදහස් දෑක්වීම ඊට වඩා වෑරදී. කවුද දන්නෙ ඒගෙදර මිනිස්සු කාන්තාවට කොහොම සෑලකුවද කියල. මෑද පෙරදිග ගිහින් ඔක්කොම වෑඩටික කරලත් ඈණ ගහල ගෙදර එවන්නෙ. කවුරුත් එහෙම ඒවල වීඩියෝ ලංකාදීපෙට එවයිද? (අ)
වැරදි වැඩක් (නි)
ප්‍රදීපීකා ඔයාට වැරදිලා. මීට කලිනුත් අපේරටේ පිරිමි කෙනෙක් මේ දේම කළා.මේ රටේ සේවය කරන සේවිකාවන්ට නිදහස වැඩියි.ඒ නිසා තමා ඔය වගේ දේවල් කරන්නේ රටටත් අපහාස වන විදියට,අඩු වැටුපකට අරාබි රටවල පැය 24ම දුක් ගැහැට විඳින්න වුණා නම් මේ විදියේ අපරාධ කරන්නේ නැහැ.තමන්ට තිබෙන ප්‍රශ්න අසරණ කල්පනාව නැති මහලු අයගේ පිටින් යවනවා.ඔහොම දඩුවම් දීලා මදී. (නි)
අපේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සමහර හෙදියොත් ඔහොම තමයි . එයාලා කිසිම කරුණාවන්ත කමක් නැහැ. රස්තියාදුකාර විදියට තමයි අසරණ ලෙඩුන්ට සළකන්නේ. යූනියන් වල බලේ අතට අරන් අහිංසක මිනිසුන්ට චණ්ඩි පාට් දාන්න තමයි දන්නේ. (නි)
එයාට තිබ්බේ වෙන තැනකට මාරු වෙන්න.
අපිත් වැඩ කරන්නේ ඊශ්‍රායල් තමයි. අපි වැඩ කරන්නේ ගොඩක් ඉවසීමෙන් (නි)
මෙවැනි සාපරාදි ක්‍රියා කරන්නේ මොන හිතකිනේද, අපිත් කොච්චර පව් කරල අද්ද මේවා දකින්න. (අ)
ඉවසීමෙන් තමන්ගේ රැකියාව කරනවා නම් මේ කිසිදෙයක් නැහැනේ (නි)
මැද පෙරදිගට යන සමහර සාන්ත ධාන්ත ගෘහ සේවිකාවෝ අහිංසක කිරිසප්පයන්ට ඕඩිකොලොං පොවනවා අඩන හිංදා.. මේ අපරාධ කරපු අයටත් මේ ආත්මයේදීම පළ දේවි..!(නු)
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය තම විදෙස් රැකියා, මේ වගේ අය නිසා ඒවය තවත් නැතිව යනව සමහරු කියන්නේ මේ විඩියෝ එක හොඳයි අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගන්න මානසික රෝගයක් ඇති. (අ)
එල්ලා මරන්න ඕනෑ. (නි)
සිරිපාල මොන ජාතියේ කෙනෙක්ද? (නි)
රංග ගැහැනු රට යන එක තමයි ප්‍රශ්නේ. මහලු මව ආදරයෙන් බල ගන්න තිබුණ වැඩිහිටයන්ට ගරු කළ යුතුයි (අ)
සිරිපාල, ඔයාගේ අම්මට හරි තාත්තට හරි මෙහෙම වුනානම් ඔයා එහෙම කියනවද? (නදී)
දැක්කා නේද එහේ නීතිය? (නි)
සිරිපාල, ඔබ කියන දේ ඇත්තක් වෙන්නෙ මේ ගැහැනියගෙ ළමයි සහ දුප්පත් කම සම්බන්ධයෙන් විතරයි. එතකොට මේ මහළු ගැහැනු කෙනාගෙ දරුවො මේ වීඩියෝව බලද්දි????????? මගෙ අම්මට මෙහෙම දෙයක් වෙනවා මම දැක්කොත් මම ඉවසන්නෙ නෑ...නීතියට කලින් මම මේ දුෂ්ඨ ගෑනිව හම ගහනවා. (ස)
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය තම විදෙස් රැකියා, මේ වගේ අය නිසා ඒවා තවත් නැතිව යනවා. සමහරු කියන්නේ මේ විඩියෝ එක හොඳයි අනෙක් අයටත් පාඩමක් ඉගෙන ගන්න කියලා. ඒ අයට මානසික රෝගයක් ඇති. (නි)
සිරිපාල ...ලංකාවේ කෙනෙක් වුණ පලියට වැරදි කාරයා නිවැරදි කරන්න අපිට බෑ. මෙයා නැහැදිච්ච ගැහැණියෙක් (ස)
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත (නි)
දැන් එයාට අවශ්‍ය දඬුවම ලැබුනානේ. ලක්ෂයක හමාරක පඩියත් නැති කරගත්තනෙ. දැන් අපි එයාට දඩුවම් දෙන එක නවත්තල මීට පස්සේ මේවගේ දේවල් නොවන තැනට කටයුතු කරමු. පිටරටවලට යන විශේෂයෙන් මේවගේ උදවියට දහම් පාසල් සහතිකය අනිවාර්ය කරමු.ඊට අමතරව මානසික වෛද්‍ය වරයකුගේ සහතිකයත් අනිවාර්ය කරමු. ඒ රටවල කම්පියුටර් තාක්ෂණය දියුණු නිසා මේ වගේ අය ගන්ඩ කලින් මොලේ පරීක්ෂා කරලම ගත්තනම් තමා හොඳ. (ස)
ලංකාවේ නම කයි
දැඩි දඩුවම් දියයුතුයි. මෙයාගේ නම ප්‍රසිද්ධ කළ යුතුයි. (නි)
මේ වැඩේ වැරදියි. ඒකට නියම දඩුවම් ලැබුනානේ. වීඩියෝ එක දාන එක එච්චර ගැලපෙන්නෙ නැහැ. අනික මේකෙ මුස්ලිම් යාළුවො දෙතුන් දෙනෙක්ගෙ කොමෙන්ට් දැක්ක. එන ගහන එක සාදාරනීකරණය කරන්න හදන්නෙ මැද පෙරදිග රටවල් මුස්ලිම් රටවල් නිසාද? ලංකාවෙ දුප්පත් ගැහැණු විඳින දුක්, ලක්වෙන අපචාර කවුරුත් දන්නවනෙ. එක මුස්ලිම් කෙනෙක් ඒවා වැරදියි කියන්නෙ නැහැ. එකෙක් කමෙන්ට් කරන්නේ නැහැ. ලංකාවෙ ගැහැණුන්ව එයාලගේ රටවල වැඩ කාර කමට යවන එක නවත්වන්න කාටවත් බැරිවුනානේ. (ස)
මෙයාව තියන්න වටින්නෙ නැහැනේ (නි)
මේ නිසා තමයි අපි අදටත් එක තැනම ඉන්නේ. (නි)
මෙහෙමත් ගැහැණු! (නි)
පණ පිටින් ගිනිතියලා මරන්නයි තියෙන්නේ. (නි)
අද මෙහෙම දෙයක් වුණා. ඔය වැරැද්ද කළේ සිංහල කෙනෙක් නිසා අද මෙහෙම අදහස් දමාවි. නමුත් ඔය වැරැද්ද මුස්ලිම් කෙනෙක් කළොත් බලාගන්න තිබුණා එවන අදහස් ටික. අපේ රටට වෙච්චි දෙයක්. (නි)
වැරදි කරන එකා වැරදි කරනවම තමයි. ඒකටනේ දඩුවම් තියෙන්නේ (නි)
රංග; ඊශ්‍රායලය කියන්නෙ මුස්ලිම් රටක් නෙමේ (ස)
සේවකයන්ට හොදින් සළකන ඊශ්‍රායලයේ මෙවැනි අයට දඩුවම් ලබාදීම සාධාරණයි. (නි)
වෙන්නප්පුවේ නෙමෙයි ජා ඇළ ද කොහෙද? (නි)
තමන්ගේ අම්මාට ගැහුවා වගේ නේද? (නි)
මේ අදහස් දාන අය ගෘහ සේවිකාවක් වශයෙන් විදේශීය රටකට ගිහින්ම අත්දැකීම් ලබාගන්න ඕනෑ. එවිට තමයි තේරෙන්නේ, ඒ අය මානසිකව විදවන ආකාරය. විශේෂයෙන් කාන්තාවන්. කාන්තාවන් විදේශ රැකියාවලට යවන පිරිමින් ඉන්න තාක්කල් මේ ප්‍රශ්න වලට විසදුම් සෙවීමට අපහසුයි. (නි)
මොවුන් අපේ රටේ නමට මෙන්ම ජාතියටද කැළලක් (නි)
මාත් මේ රටේ ඉන්නේ. ඒත් මේ ලොක්කියෝ ක්ක වැඩ කරන්න අමාරුයි. (නදී)
ඇයව මරා දමන්න. (නි)
මෙයා නම් ෂුවර් එකටම වෙන්නප්පුවේ කෙනෙක්. (නි)
සාත්තු සේවිකාවකගේ කාර්යභාරය නොදැන පඩිය ගැන හිතලා රටගිය කෙනෙක් වෙන්න ඕනෑ. අඩුම ගානේ ඇගේ ආච්චි කෙනෙකුටවත් සළකළා තියෙනවද දන්නේ නැහැ. (නි)
නැහැ ඔය වගේ අයට දඞුවම් දෙන්නම ඕන.ඔය වගේ අය නිසා තමා අද අපේ අම්මලා පාරවල් වල හිඟා කන්නෙත්.පුළුවන් තරම් වැරදි කරන්නෙ ගෑණු...එක්කෙනෙක්ට සමාව දුන්නොත් තවත් කෙනෙක් වැරදි කරනවා බය නැතුව..... (ස)
ගොඩක් පින් වීඩියෝ එකත් දැම්මට(දී)
අනේ අපේ ලංකාවේ මේ වගේ මෝඩ ගෑනු ඉන්නවද ..... මේවා අපි හැමෝටම හොඳ පාඩම් (ස)
මේ කතාවේ අපට නොපෙනෙන පැත්තකුත් ඇති (නි)
අනේ මේ අම්මා පව්. අපි ආවෙ මේවට නෙවෙයි නේද? මෙයා ඉතින් දැන් හිරගෙදර (ස)
පනාගොඩ, මෙයා වෙන්නප්පුවේ. (නි)
මේවා නරක වැඩ (ස)
රටම කාලා නේද? (නි)
ඊශ්‍රායල්කාරයන්ගේ හැටිත් අපි දන්නෙ නැතුවෑ. (නි)
මේ ප්‍රවෘත්තියේ සදහන් පිරිමියා ලංකාවේ කෙනෙක් නෙමෙයි, ඔහු ඉන්දියන් පුද්ගලයෙක්. එහෙත් මීට ප්‍රථම ලංකාවේ කෙනෙකුගෙන් මෙවැනි දෙයක් ප්‍රසිද්ධ වී නැහැ. මොනවා වුණත් ඊශ්‍රායල ජාතීන්ගේ පිළිගැනීමක් තිබෙනවා ලංකාවේ අය කරුණාවන්තයි කියලා. මේ නපුරු තැනැත්තිය කරපු දෙයින් ඒ පිළිගැනීමටත් හානියක්. මොකුත්ම කරකියා ගන්න බැරි අසරණ රෝගියෙකුට පහරදෙන මෙවැනි පහත් අයෙක් සාත්තු සේවිකාවක් වෙන්න බැහැ. මෙවැනි විශාල වැටුපක් ගෙවා ඔවුන් අපෙන් පිනට වැඩ ගන්නෙ නැහැ. ලබන වැටුපටත් මානුෂීය වශයෙනුත් අපි ඔවුන් ආදරෙන් රැකබලා ගතයුතුයි. (නි)
පුරුද්දක්ද?(දී)
ලංකාවේ කියලා කියන්නත් ලැජ්ජයි (නි)
අපි මොනවා කිවුවත් කළත් හරි වැරැද්ද දන්න කෙනෙක් උඩ ඉන්නවා (නි)
තමන්ගේ අම්මට ගහනවා වගේ වැඩක් නේමේක.. මේවගේ ගැහැණු නිසා අපේ රටේ නමත් කොතරම් කාතා වෙනවාද? චී...චී.. බොහොම කැතයි..!(නු)
මේවා හැම තැනම වෙනවා.. කැමරා සවි කර ඇති තැන්වල අසුවෙනවා..!(නු)
හරිම නරක කාන්තාවක්..!(නු)
වරදට දඩුවම ලැබිලා තියෙන නිසා වීඩියෝ එක අයින් කරන්න. (නි)
ඇයි සෑම් ඔයා දකුණේ කාන්තාවන් සමග ඔය තරම් තරහා..!(නු)
මේවගේ දේවල් වෙන්නේ තමන් අකමැති රැකියාවල් කරන්න ගියාම.
හොද වැඩේ මෙයාට හොද දඩුවමක් දෙන්න ඕන.. තමුන්ටත් අම්මා තාත්තා ඉන්නවා කියල හිතුනෙ නැද්ද දන්නේ නැහැ..!(නු)
එයාද මෙය..අපි දුටුවා.. ලාංකික සේවිකාවක් බව දැනගත්තේ අද.. ම්ලේඡ්ඡ වර්ගයේ සේවිකාවක්.. කළ දෙය වැරදියි.. සුදුසු දඩුවම් විදින්නට වෙයි..!(නු)
අංකල් සිරිපාල, අම්මා තාත්තා වුණත් වැරදි කරණවනම් වැරදි.
මේ මිනිස්සු තිරිසන්නුද?(දී)
මෙක හොයල බලන්න ඕනේ (දී)
මේ වගේ වීඩියෝ මුළු ලෝකයට බලන්න සැළැස්විය යුතුයි (නි)
මේ වීඩියෝ පටිය කොහොම වුණත් මෙහි අපි නොදන්නා පැත්තකුත් තියෙන්න පුළුවන්. අපේ සහෝදරියගේ පැත්තෙන්.මම ළදරුවන්, දරුවන් 12 දෙනෙක් රැකබලගත්තා. එහෙත් කවදාවත් ඔය කියන විදියට ඕදිකොලෝන් පොවන පාපඅදහස් හීනෙන් වත් ආවේ නැහැ. මොකද රැකියාව ආදරෙන් අවංකව කළ නිසා.අපට අපිටම ආශිර්වාද කරගන්න පුළුවන් එතකොට.කොපමණ මුදල් ලැබුණත් තමන්ට කරන්න බැරි අකමැති රැකියාවක් නම් ඔබට වගකීම බාරගන්න බැරි කෙනෙක් නම් පණත් බේරාගෙන රටත් බේරාගෙන ලංකාවට යනඑක තමයි හොඳම දේ. (නි)
දඩුවම් විදිය යුතුයි , මේකෙන් වෙන්නේ වැඩකරන අනිත් අයත් සවුත්තු වෙන එක (ස)
සමන් , ඊශ්‍රායලය මුස්ලිම් රටක් කියල මම කිවුවෙ නැහැනෙ. හොදට කියවා බලන්න.
මේවා වැරදි වැඩ. දෙයක් කර කියා ගන්න පුලුවන් මනුස්සයෙක්ටද මේ ගහන්නෙ? එල්ලන්නයි වටින්නෙ. (නි)
මේක සම්පුර්ණ ඇත්ත.මමත් මෙහි සේවය කරනවා.පුදුම ලැජ්ජාවක් ඇති වුණා මෙහෙ රූපවාහිනීයේ ඒක දැක්කම.තමන්ට අම්ම කෙනෙක් හිටි ගෑණියෙක් කොහොම මේ දේ කළාද කියලා පුදුම හිතෙනවා.එහෙම ගගහ ඉන්න ඕනෑ නැහැ.හොඳ නැත්නම් වෙනතැනකට යන්න අවසර තියෙනවා.මෙහෙ සේවය කරන අපිට ලංකාවෙ කියලා කියන්නත් ලැජ්ජාවක්.තව ඉන්නවා එහෙම කරන අය.කවදා හරි ලංකාවෙන් ගන්න එක නවත්තලා දාවි. (නි)
හොදට නම කාල තියෙනවා (දී)
මේක නම් බොහොම පහත් වැඩක් (නි)
මොනවා වුණත් අපේ කෙල්ලගේ නීතිය හොදයි. (නි)
අඩුමගානේ මේ වසවර්ති කාන්තාවට තේරුනේ නැද්ද මන්දා මේ මහළු කාන්තාව නිසා තමයි එයාට රස්සාව ලැබුණේ කියලා.
මේ වැඩෙන් වෙන්නේ අපේ රටේ නම කැත වෙන එක විතරයි. (නි)
මේවා නවත්තන්න ඕනේ
ඇත්තටම මේ මනුස්සයාට පිස්සුද?(දී)
වනචාරීන්.....මෙයත් දකුණෙද (ස)
දවස් දෙකකට කලින් ඉතාලියේ එක්කෙනෙක් පෙන්නුවා. මන් හිතුවේ අපේ අය හොදයි කියලා.
හරිම නින්දිත ගුණමකු ගැහැණියක් (නි)
දැන් ඒ විදියටම මෙයාටත් ගහන්නයි තියෙන්නේ (ස)
මෙයා ලංකාවේ කොහේ කෙනෙක්ද ? (ස)
අනේ මන්දා මොලේ නැද්ද දන්නේ නැහැ? (දී)
මමත් එහි සේවය කරනවා.රූපවාහිනියේ විස්තරේ යද්දි මට පුදුම දුකක් හා ලැජ්ජාවක් ඇති වුනා ඒක දැකලා.ලංකාවෙ කියලා කොහොම කියන්නද කියලා. (නි)
මෙයා ගේ මුණ දැක්කම පේනවා ලංකාවේ හිටපු පරිසරය. මෙයා පළපුරුදු නර්ස් කෙනෙක් හෝ සාත්තු සේවිකාවක් නෙමෙයිද කොහෙද? මේ වගේ අය යවන අයවයි තහනම් කරන්න ඕනෑ. (නි)
මෙයාගේ අම්මා හරිම වාසනාවන්තයි..මොකද මෙහේ හිටියනම් එයාගේ අම්මත් ගුටිකාල මැරෙනවානේ (ස)
අදාල දඩුවම් උපරිමයෙන් ලබාදිය යුතුයි. (නි)
එයාගේ අම්මටත් එයා සළකන්නේ ඒ විදියටම වෙන්න ඇති (නි)
මෙයා මේක සෞදියේ කළා නම් මෙයාගේ හත් දවසේ දානෙත් මෙලහකට දීලා... (නි)
ඉවසීම නැත්නම් ඊශ්‍රායල් යන්න එපා (නි)
මම හිතන්නේ එයා ඒ පිටකළේ දරුවන්ගෙන්, සැමියාගෙන් වෙන්වෙලා ඉන්න පීඩනය. මම කියන්නෙ පවු. ලංකාවෙ ඉන්න දරුවො දුක්වෙන හැටි හිතන්න. (නි)
මෙයා දකුණෙද දන්නේ නෑ. කවුරු හරි දේශපාලනඥයෙකුගෙ ළඟම නෑදෑයෙක් වෙන්න ඇති. මෙයාට ඉහලම දඩුවම දීලා බඩගින්නේ තියන්න ඕන.
සන්ජීව, නිකන් යනවා හලෝ යන්න. (නි)
දවස් දෙක තුනකට උඩදි, මම මහා ලොකුවට ප්‍රතිචාරයක් දැම්මා අපේ ගෘහසේවිකාවො ගුණ ගරුක අය කියලා, දැන් බලන් ගියාම රට කණ ගුණමකුවො හෙත් ඉන්නවානේ.
ඊශ්‍රායලය චන්ඩි පාර්ට් දාන්නේ ඇමෙරිකාවෙ හයිය අරගෙන. ඒත් මෙයා ඊශ්‍රායලයේ ඉඳන් මේ වගේ චන්ඩි පාර්ට් දාන්නේ කාගේ හයිය අරගෙනද දන්නේ නෑ?
මෙම වීඩියෝව පලකිරීම පිලිබඳ ලංකාදීපයට ස්තුති වන අතර, මෙවැනි සිදුවීම් මෙරටෙහි සේවයේ නියුතු කිසිවකු අනුමත නොකරයි.. මැදපෙරදිග අනෙක් රටවල් වල මෙන් නොව, මෙරටෙහි සේවය කරන සියලුම විදේශික සේවක සේවිකාවන්ට නිවැසියන් ඉතාමත් හොදින් සලකන අතර, රැකියා ස්ථානයේ ගැටළුවක් ඇත්නම් රැකියා නියෝජිත මාර්ගයෙන් විසඳා ගතහැකි අතර, එසේ නොහැකිනම් වෙනත් ස්ථානයක රැකියාවකට යාමට කිසිඳු බාධාවක් නොමැත, රුපියල් 130000 සිට 160000 අතර වැටුපක් සෑම සේවක සේවිකවකටම හිමිවන අතර, සේවාකාලය තුලදී රක්ෂණ ආවරණයක්ද සහිතය,ලාංකික සේවක සේවිකාවන්ගෙන් 90% කට වැඩි දෙනා ලැප්ටොප් පරිගණක භාවිත කරයි, විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථාන වලදී මෙවැනි පහර දීම් නොකරන ලෙස හා එවැන්නක් සිදුකළහොත් ලැබෙන දඬුවම් පිලිබඳ විදේශ ගතවීමට සිටින්නන් දැනුවත් කළහොත්,මෙවැනි සිදුවීම් තුලින් රටට අත්වන අපකීර්තියන් වලක්වා ගත හැක..
අවුරුදු 8 ක් මදි.... (ස)
අපේ රටේ නාමයට මෙය ඉතාම නරකයි. (නි)
ලංකාවේ නමයි කතා වෙන්නේ
ලක් සේවිකාව නිකන් යුදෙව්වෙක් වගේ අමානුශිකව පහර දෙනවා අප්පා..
මේ වීඩියෝ එක අයින් කරන්න මෙතනින්.... මොනා උනත් මේ ලංකාවේ කෙනෙක්...දුප්පත් කම නිසා රට යන්නේ මේ මිනිස්සු තමන්ගේ ළමයින්ට කන්න බොන්න දෙන්න....මේ කාන්තාවගේ දරුවො දෙමාපියො මේ වීඩියෝ ඒක දැක්කොත් කියාවි අන්න අපේ අම්ම කියලා....අවුරුදු ගානකින් සමහරවිට ඒ දරුවො තම්න්ගේ අම්මව දැකල නැතුව ඇති....නිකං එක පැත්තක් ගැන විතරක් හිතලා කොමෙන්ට් දාන්න එපා....
වැඩේ කරලා දැන් ඉන්නවා මුකුත් නොදන්න ගානට (නි)
මේ වගේ අයටනම් යකඩ ඇන ගහල එව්වට කමක් නෑ (ස)