උස්බෙකිස්තානයේ ටෂ්කන්ටිහිදී පැවැති බර ඉසිලීමේ යොවුන් ලෝක ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගත් කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ ශෂික ඒකනායක පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ ලේකමි පුර්ණ කාහිංගල මහතා ඇතුලූ නිලධාරීන්ද, කුරුණෑගල බර ඉසිලීමේ සංගමයේ නිලධාරීන්, කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, ශෂිකගේ දෙමවිපියන් සහ හිත මිතුරන් විසින් ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.
ලෝක යොවුන් බර ඉසිලීමේ තරගාවලිය සඳහා රටවල් 80 ක ක‍්‍රීඩකයින් සහභාගී වූ අතර ශෂික මෙම පදක්කම දිනාගත්තේ කිලෝග‍්‍රෑම් 50 බර පන්තියේ ස්නැච් ක‍්‍රමයෙන් තරග වැදීමෙනි.
තවමත් 17 වන වියේ පසුවන ශෂික කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබයි.ශෂිකගේ පුහුණුකරුවන් ලෙස රුක්ෂාන් ගුණතිලක සහ ආර්.බී වික‍්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.
(ඡයාරූප: ගුවන්තොටුපොළ දීපා අදිකාරි)
ශෂික ඒකනායක තමන් විසින් දිනාගන්නා ලද රිදී පදක්කම සමගින්...

ශෂික ඒකනායක සිය පුහුණුකරුවන් වන රුක්ෂාන් ගුණතිලක සහ ආර්. බී. වික‍්‍රමසිංහ යන මහත්වරුන් සමග...
ශෂික ඒකනායක සිය දෙමවිපියන් සමග...
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක ශූරතා රිදීපදක්කම පැළඳ ශෂික ගෙදර එයි
නිරෝෂන් Monday, 15 April 2013 12:55 PM
සුභ පැතුම් මල්ලී! (නි)
සිසිර Monday, 15 April 2013 01:16 PM
අභිමානයක් මුළු ලෝකයටම. (නි)
අරුණ Monday, 15 April 2013 02:26 PM
උණුසුම් සුබ පැතුම්! (නි)