කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ සහ එනසාල් තොගයක් කටුනායකදී රේගු නිලධාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.
මෙහි වටිනාම රුපියල් ලක්ෂ දහනවයකි. පුළුස්සන ලද ලොකු ළුනු බීජ ප‍්‍රමානය කිලෝ ග‍්‍රෑමි 472 කි. මේවා මෙම වසරේ ජනවාරි සිට අවස්ථා 20 කදී ශ‍්‍රී ලංකිකයන් විසින් මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ලොකු ළුණු බීජ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත‍්‍රය සහිතව ගෙන්විය යුතු බවත් පසුව ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතිය ලබා ගත යුතු බව ගුවන්තේටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීය.
මේවා විනාශ කරනු ලැබූවේ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, කේ.ඒ ධර්මසේන සහ ශාක නිරෝධායන අධ්‍යක්ෂක පී.සී වනිගසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන් වන එන්.එන් ජයසුන්දර, එස්. කජේන්ද්‍ර යන යන නිලධාරීන් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීත කාමර වල සිටිය යුතු නිලදාරින් වෑදගත් ඈඳුම් පිටින් කෑලෑවලට යෑවීම ගෑන මගේ බලවත් විරෝධය.(නදී)
රත්‍රන් නම් මේ වගේ ගිනි තියනවා අහල නැහැ නේද? බීජ ගෙන ඒම තහනම් කියලා දැනුවත් කළා නම් හරි. (නි)
රේගු නිලධාරීන් ඉන්න ඕනෑ ඔහොම තමා. ඔබ මගේ ස්තුතිය! (නි)
කොහොම නමුත් ඔය බීජ ඔය තත්වයට ගන්න මොන තරම් වෙහෙසක් දරන්න ඇතිද? මම හිතනවා මෙය රටේ ආර්ථිකයට එතර ගුණදායක නැහැ කියලා. (නි)
ඔය නිලධාරින්ට දුප්පතාගේ දුක තේරෙන්නෙ නැද්ද දෙයියනේ? (නි)
මේ බීජවලින් කිසිම පගාවක් එහෙම ලැබිල නැතිව ඇති. ඉන්දියාවේ ගොවියෝ මහන්සිවෙලා මේවා නිෂ්පාදනය කරනවා. දැන් නිකම්ම විනාශ කළා. (නදී)
හොඳයි ලුණු බීජ තහනම් කියමුකෝ. එතකොට එනසාල්? (නි)
මේ මොනවද කරන්නේ? අපරාදයක්නේ. මේවා පුච්චන්නේ නැතුව දුප්පත් මිනිස්සු අතරේ බෙදලා දුන්නා නම් මොකද වෙන්නේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නේ? (නි)
කම්පනයක් ඇතිකරවන ප්‍රවෘත්තියක් (නි)
එනසාල් වෙන්දේසියේ විකුනන්න තිබුනා. බිජ ලුණු ගොවීන්ට දෙන්න තිබුනා. මෝඩකම් ප්‍රදර්ශනය කරනවා කියන්නේ මේකට... (නි)
ප්‍රවෘත්තිය හොදට කියවන්න. අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත‍්‍රය කියන්නේ එම බිජ මගින් වෙනත් ශාක වලට වැළදෙන ලෙඩ රෝග හා වල් පැළෑටි එනවට තියෙන ආරක්ෂක ක්‍රියාමාර්ගයක්. අපරාදේ කියල හිටෝලා අන්තිමේදී අපේ බි ලුනු වලටත් ඒ රටවල් වල ලෙඩ රෝග ආවම හොදට හිටි. වෙනත් රටවල් වලත් මේ දේ කරනවා, අපරාදේ කියලා ඕවා දීලා අන්තිමේදී අපේ ඒවාට විනකරගන්නෙ මොකටද? (නි)
අපේ රටේ එක නීති විරෝධී දෙයක් හරි නතර කරන එක ගැන සතුටුයි. හැබැයි ලොකු පොඩි සැමට එක හැන්දෙන්ම බෙදිය යුතුයි. නිතිය කියන්නේ ඒකයි. පුළුස්සා දැමු එක බොහොම හොදයි (නි)
මොනවද මේ කරන්නේ ? (ස)
අනේ මහත්තයෝ ඔය ටික දුප්පත් අපිට බෙදල දෙන්න. එතකොට අර පහුගිය දිනවල ගෙන්වපු නීතී විරෝධි දුම්වැටි වලට මොකද උනේ? (නදී)
ඕවා තනියම කරන්න එපා දන්නා හිතවතෙක් අල්ලාගෙන කරන්න ඕනේ.(නදී)
මේ මොන අපරාධද (දී)
අයියෝ! ලොකු මෝඩ වැඩක් කරලා තියෙන්නේ. (නි)