අන්තර්ජාතික හොකී සම්මේලනය සංවිධානය කරන ලෝක ලීග් ශූරතා කාන්තා හොකී තරගමාලාවේ පළමු වටයේ තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අනිද්දා (12) මැලේසියාව බලා පිටත්ව යයි. තරගාවලිය මේ මස 14 වැනිදා සිට 16 වැනිදා දක්වා මැලේසියාවේ කුවන්තාන් නගරයේදී පැවැත්වේ.
පළමු වටයේ තරගාවලියට සත්කාරක මැලේසියාව, සිංගප්පුරුව, කසකස්තානය සහ ශ්‍රී ලංකාව තරග වදියි.
දිනේෂා පෙරේරාගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා කාන්තා හොකී පිලට ක‍්‍රීඩිකාවෝ 18 දෙනෙක් ඇතුළත්වෙති. රොහාන් දිසානායක මහතා පුහුණුකරු ලෙස මෙම සංචාරයට එක්ව සිටියි.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා හොකී පිල:
දිනේෂා පෙරේරා (නායිකාව), චතුරිකා විජේසුරිය (උප නායිකාව), ජීවන්තිකා කීර්තිරත්න, මධුෂානී ජයනෙත්ති, අරුණි ජයසිංහ, චාමිණී ගුණවර්ධන, මාදුරා ධර්මරත්න, මනීෂා දිසානායක, ආනන්දී රාජපක්‍ෂ, බුද්ධිකා ගුණරත්න, හර්ෂණී කුමාරි, ගීතිකා දමයන්ති, ප‍්‍රාර්ථනා උපේක්‍ෂ, ජයනී අනුපමා, ශසිකා සමරකෝන්, බුද්ධිනී ධර්මරත්න, ශාමේන් ජෝන්ස්, සන්ද්‍යා දයානන්ද
නිලධාරී මඩුල්ල:
පී. විශ්වනාදන් මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), එම්. රත්නහරන් මහතා (කළමනාකරු), එම්. හෙට්ටිආරච්චි මහතා (නිලධාරී), රොහාන් දිසානායක මහතා (පුහුණුකරු), ඒ. බී. ගොඩිගමුව මහතා (සහය පුහුණුකරු) සහ එස්. එන්. ඞී. ද. ෆොන්සේකා මහත්මිය (ක‍්‍රීඩිකාවන් බාර නිලධාරිණී)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ළමයි හොඳට සෙල්ලම් කරලා දිනලා එන්න ඕනි හොදේ.. (ස)