ලන්ඩනයේ එප්සම්හි වෝස්ටර් උද්‍යානය අසලදී ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු සිය වාහනයේ හැපීමෙන් මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රියදුරෙක් වසර 5ක සිර දඬුවමකට නියම විය.
39 හැවිරිදි පුද්ගලයකු ඔහුගේ රියේ හැපී මියයාම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. දින 7ක්ම එකදිගට පැය 12 බැගින් වැඩ කර වෙහෙසට පත්වී සිටියදී ෂම්මුගරාජා විනයාගසිවම්පිල්ලේ (34) අතින් මෙම අනතුර සිදුවිය.
ඔහුට දඬුවම් නියම කරමින් ක්‍රිස්ටෝපර් ක්‍රිච්ලෝව් විනිසුරු කියා සිටියේ ඔහු වාහනයක් ළඟටවත් යාමට නුසුදුසු පුද්ගලයකු බවයි. ඔහුගේ රියදුරු බලපත්‍රය වසර 6කට තහනම් කර තිබුණි.
විනිසුරු කියා සිටියේ රියදුරකු වෙහෙසට පත්වූ බව දැනේනම් කළ යුතු සරල හා එකම දෙය රිය නොපැදවීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මහම මහා අපරාධයක්. ඒකට අපේ රට කොච්චර හොඳද නේද?
ලංකාවේ නම් ත්‍රීරෝද මල්ලිලා කරන වැඩ වලට දඬුවම් කරන්න ගියොත් හිරේ ඉන්න ජීවිත කාලයත් මදිවෙයි (නි)