උතුරු අප්‍රිකාවෙන් අරඹා මැදපෙරදිග, නැගෙනහිර දක්වා තම බල පරාක්‍රමයන් පෙන්වමින් තරවටු කරමින් විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ ලෝක බලවතුන්ගේ විවිධ නාටක මේ දිනවල ලෝක ගෝලය තුළ සිදුවෙමින් පවතී. එයට ආසන්නතම සාක්කිය සිරියාවයි. එවැනි නාටකයක් නොවුණත් අර්ථය ඒ අයුරින් වෙනත් විවිධ ක්‍රම වලින් අපේ රටට ද හිසරදයක් වන තරමට මොවුන්ගේ බලපරාක්‍රමයේ අඬු දඬු විහිදෙමින් තිබේ. මෙම උවදුර අඩපණ කළහැකි එකම මාර්ගය වන්නේ එකමුතුවයි. අපි එකම ජාතියක් ලෙස එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්විය යුතුය. එසේ නොවීම සැමදා අප සතුරු උවදුරුවලට හිමිකරුවෝ කරති. නිදහසේ දියුණුව කරා යන රටකට, එය අති විශාල බාධාවකි. එබැවින් එකමුතුව අද දිනයේ අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයකි. එය ජය ගැනීම අපේ වගකීමකි. දශක තුනක රුදුරු ත්‍රස්තවාදී යුද්ධයෙන් මිදුණු ශ්‍රි ලංකාවට එල්ලවී ඇති විදේශ සතුරු බලවේගයනට විරෝධය දැක්වීමට ප්‍රංශයේ ශ්‍රි ලාංකික එකමුතුව සාමකාමි විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කරයි. මාර්තු 11 වැනි ඉරුදින සවස 3 සිට 5 දක්වා පැරීසියේ අයිෆල් කුළුන පරිශ්‍රයේ පැවැත්වෙන මෙම විරෝධතාවට ශ්‍රී ලංකා ජාතික ධජයක් සමග සහභාගීවන මෙන් සියලුම ශ්‍රි ලාංකිකයනට සංවිධායකයෝ ආරාධනය කරති. උතුරු අප්‍රිකාවෙන් අරඹා මැද පෙරදිග දක්වා විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ ලෝක බලවතුන්ගේ විවිධ තර්ජන ගර්ජනයන්හි ආසන්නතම සාක්කිය සිරියාව බව එම සංවිධානය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක උතුම් දෙයක්. ලොව හැමදෙනා එක් වේවා.
ජයවේවා..
මෙය ඉතා උතුම් කර්තව්‍යයකි.රුදුරු කොටි ත්‍රස්තවාදයට සහ බෑන්කිං මූන්ට විරුද්ධව ජිනීවා නුවර උද්ඝෝෂණයන්ට දායක වූ දේශප්‍රේමී ලාංකිකයකු වශයෙන් මා හට කීමට යමක් ඇත.එනම් ඉහත වාර්තාව ලියන සුනිල් ආනන්ද වෙනත් අඩවියට ලිපි ලියමින් අද ටියුනීසියාව,ලිබියාව හෙට ශ්‍රීලංකාව යැයි සඳහන් කරමින් ජනපතිතුමා ඉඩීඅමින්ට සමාන කර නාම පුවරු ජිනීවා නුවර එක්සත් ජාතීනගේ කාර්යාලය සහ පැරිසියේ ශ්‍රීලංකා තානපති කාර්යාලය ඉදිරියේ ඔසවාගෙන උද්ඝෝෂණය කළ කිහිපදෙනාගෙන් කෙනෙකි.ප්‍රංශයේ ලාංකිකයින් මෝඩයින්ට සහ කේවට්ටයින් සමාන කල මොහු අද ලක්මවගේ ප්‍රංශ දරුවෝ යැයි අපහට නිබ්බුත පද කියයි.වාද භේද කුල ආගම් ජාති මේ සියලුදේ අප දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් අමතක කර දැමුවත් මොහු සමඟ එකඟවීමට පැරීසියේ බහුතර ලංකිකයින් ඉතා පිලිකු ල් කරන්නේ අද අපේ රටට මෙවන් භයානක තත්වයක් ඇතිවුනේ මොවුන් විසින් අතීතයේ කළ කී දේ නිසා බව දන්නා නිසාවෙනි. මෙම උද්ඝෝෂණය සංවිධානයට මොහුගේ කිසිම දායකත්වයක් නොමැති බව වගකීමෙන් පවසමු.මෙම වාර්තාව ප්‍රංශයේ වෙසෙන ලාංකිකයන්ට සංවිධාකයින් විසින් යවන ලද්දක් බවත් මොහු එය අවසරයකින් තොරව ලංකාදීපයට එවා ඇති බව වගකීමෙන් ප්‍රකාශ කරමු.මොහු මෙම ලිපිය පලකිරීමෙන් අද දවසේ පැරීසියේ මොහුට විරුද්ධව පැන නැගී ඇති ලාංකික රැල්ල මැඩ පැවැත්වීමට උත්සාහ කළත් අපට ඇති ලොකුම ගැටළුව නම් මොහුගේ නම දුටු පමණින් මෙම උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා පැමිණෙන ජනගංඟාව අඩුවේදෝ යන සැකයයි.මෙය කාලීන අවශ්‍යතාවයක් බැවින් අප වාර්තාව කිසිම සංස්කරණයකින් තොරව පළකරන්නේ නම් මැනැවි.ස්තුතියි.මහේෂ් පීරිස්.සභාපති ප්‍රංශයේ ශ්‍රීලාංකිකයින්ගේ සංවිධානය.
මොනව වුණත් ඒ වැඩේ නම් හොදයි. ලෝකයේ අනිත් අසාධාරණයට පත්වෙන රටවලුත් මේ වගේ එකතු වුණානම් කවදාවත් ඇමෙරිකාවට මේ තරම් අපරාධ කරන්න ඉඩ ලැබෙන එකක් නෑ..
සුනිල්, බොහොම හොදයි..
අපිත් එනවා
පක්ෂ බේදයෙන් තොරව සහයෝගය සහ එකමුතුව ඇත්නම් අපිට කරන්න බැරි දෙයක් නෑ.
අප සැම එකාමෙන් මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වුවද මෙම ක්‍රියාවට සහභාගී වන්නෙමු. මගේ මාතෘභූමියට ජයවේවා..